24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟීමට අයවැයෙන් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන

    Author(s): 
    ෆවුස් මොහොමඩ්

    – 2032 ඔලිම්පික් ඉලක්ක කරමින් අංග සම්පූර්ණ නවීන ක්‍රීඩා සංකීර්ණයක්
    – පාසල් හා ජාතික මට්ටමේ කෘත්‍රිම ධාවන පථ 15ක්
    – නවීන පහසුකම් සහිත ක්‍රීඩා නගරයක්

    වසර 2025 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟීමේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මැදි කාලීන ආයෝජනයේ ආරම්භක ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 2000 ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට මෙවර අයවැය තුළින් යෝජනා වී ඇත.

    මීට අමතරව කුරුණෑගල, යාපනය, ටොරින්ටන්, බෝගම්බර හා දියගම ක්‍රීඩාංගණවල කෘත්‍රිම ධාවන පථ ඉදි කිරීමටත්, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තොරතුරු තාක්ෂණය සහ නවීන තාක්ෂණික පහසුකම් සහිතව නවීන ක්‍රීඩා නගරයක් සූරියවැව ප්‍රදේශයේ ඉදිකිරීම ද මේ වැඩපිළිවෙළට ඇතුළත් වන බව

    මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ වසර 2021 අයවැය කතාවේදී ප්‍රකාශ කළේය.

    ග්‍රාමීය මෙන්ම ජාතික මට්ටමේ පාසල් සිසුන් හා තරුණ තරුණියන්ගේ සහභාගීත්වය පුළුල් කිරීම මගින් සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් ඔවුන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන කටයුතුවලට අමතරව මූලික බාහිර ක්‍රියාකාරකම් ලෙස ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සලකමින් රජය මෙවර අයවැය යෝජනාවලියෙන් ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත මෙහෙයුමක් සැලසුම් කර තිබේ.

    වසර 2032 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කරමින් ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරිමට ද කෘත්‍රිම ධාවන පථ සහිත ක්‍රීඩා පාසල් 10ක් දියුණු කිරීමට ද ජාතික හා අන්තර්ජාතික ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමට ද මෙවර අයවැය තුළින් යෝජනා වී තිබේ.

    ග්‍රාමීය පාසල් ක්‍රීඩාංගණ සහ ග්‍රාමීය ක්‍රීඩා ක්‍රියාකාරකම් සංවර්ධනය ද ඇතුළත්ව ක්‍රීඩා සංවර්ධනයට ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කිරීම තුළින් ඉදිරියේදී මෙරට ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟීමේ කර්තව්‍ය සඳහා දැවැන්ත පියවරක් තැබීම රජයේ බලාපොරොත්තුව වී තිබේ.

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.