කොවිඩ් මර්දන කටයුතුවලට අනිල් ජාසිංහ යළි කැඳවයි

0
29
Author(s): 
ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වර්තමානයේ කටයුතු කරන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්දන කටයුතුවලට ඊයේ (18) සිට දායක කරගත් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසුවාය.

පළමු කොවිඩ් රැල්ලේදී ඔහු උපදෙස් ලබාදෙමින් මර්දන කටයුතු සිදු කිරීමට සහාය දුන් බවත් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

වෛද්‍ය පර්යේෂණායතනයේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තාවකාලිකව පත් කළේ ජාසිංහ මහතාගෙන් පුරප්පාඩු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නව නිලධාරියකු පත් කර ගන්නා තෙක් පමණක් බවත් ඇමැතිවරිය පැවසුවාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here