තවත් කොවිඩ් මරණ 03ක්

0
16
අද (18) දිනයේදී කොවිඩ් – 19 ආසාදිත මරණ තුනක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
එම මරණ කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇත.
 
කඳාන පදිංචි පුද්ගලයා 70 හැවිරිදිය. කොළඹ 12 ප්‍රදේශයේ මියගොස් ඇත්තේ 74 හැවිරිදි කාන්තාවකි.
 
මේ අතර කොළඹ 12 පදිංචි පුද්ගලයා 48 හැවිරිදි අයෙක් බව සදහන් වේ
 
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 69කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here