පෞද්ගලික ආයතනයකින් රුපියල් මිලියන 02 ක් වටිනා KN95 මුව ආවරණ පරිත්‍යාගයක්.

0
14

කොවිඩ් -19 වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා අවධානම ද නොතකා සෞඛ්‍ය සේවාවන් සපයනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සදහා රුපියල් මිලියන 02 ක් පමණ වටිනා KN95FFP2 වර්ගයේ ආරක්ෂිත මුව ආවරණ තොඟයක් ලබාදීමට මෙරට පෞද්ගලික සමාගමක් වන “Lucky Industry” කර්මාන්ත ආයතනය අද දින (18)  කටයුතු කරන ලදි.

මෙම ආරක්ෂිත මුව ආවරණ පරිත්‍යාගය සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ  වෙත Lucky Industry  කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂ A.A.M Illiyas  විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක , Lucky Industry කර්මාන්ත ආයතනයේ විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂ Siddique Illiyas Admani   ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

විරාජ් අබේසිංහ                                                                                                                                                                                                                       (මාධ්‍ය ලේකම්)                                                                                                                                                                                                                           සෞඛ්‍ය අමාත්‍යාංශය

The post පෞද්ගලික ආයතනයකින් රුපියල් මිලියන 02 ක් වටිනා KN95 මුව ආවරණ පරිත්‍යාගයක්. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here