24 C
Colombo
Thursday, November 26, 2020

ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි.

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවසේ සිටියදී...
More

    Latest Posts

    දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට පියවර!

    දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත...

    කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි – හලාවත හිමිනමකුත් අපවත් වෙයි

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්...

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    බාබර් අසාම් කරච්චි පිලට කුසලානය හිමි කර දෙයි

    සිය ක්‍රිකට් තරග දිවියේ 6 වැනි වරටත් අඛණ්ඩව ලකුණු 50 සීමාව පසු කළ බාබර් අසාම් ලාහෝර් ක්ලැන්ඩර්ස් පිලට එරෙහිව නොදැවී ලකුණු 63ක් රැස් කරමින් පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ පළමු වරට කරච්චි කිංග්ස් කණ්ඩායමට ශූරතාව අත්කර දීමට සමත් විය. පෙරේදා කරච්චි නුවර පැවැති පීඑස්එල් අවසන් මහා තරගයේදී කඩුලු 5ක ජයක් කරා සිය කණ්ඩායම රැගෙන ගියේ පන්දු 49කදී හතරේ පහර 7ක් ද සමගිනි.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ක්ලැන්ඩර්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 134ක් රැස් කළ අතර, ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට කරච්චි කිංග්ස් පිලට වැය වූයේ කඩුලු 5ක් සහ ඕවර 18.4ක් පමණි.

    ක්ලැන්ඩර්ස් පිලේ ආරම්භක පිතිකරු යුගලය ටමිම් ඉක්බාල් සහ ෆකාර් සමාන් ඕවර 10කුත් එක් පන්දුවකදී පළමු කඩුල්ලට ලකුණු 68ක් රැස් කිරිමට සමත් වුවත් තවත් ලකුණු 66ක් ඇතුළත තවත් පිතිකරුවන් 6ක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කරච්චි පිලේ පන්දු යවන්නෝ සමත් වූහ.

    ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 38කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමග ලකුණු 35ක් රැස් කළ අතර, ෆකාර් සමාන් ලකුණු 27ක් රැස් කළේ පන්දු 24කිනි. ඊට හතරේ පහර 4ක් ඇතුළත් විය.

    කරච්චි පිලේ පළමු කඩුල්ල ලෙස සර්ජිල් ඛාන් ලකුණු 13ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට සමිට් පටේල් සමත් වූ අතර, මුළු ලකුණු සංඛ්‍යාව 49දී ලකුණු 11ක් ලබා සිටි ඇලෙක්ස් හේල්ස් පිටියෙන් ඉවත් වූයේ ඩිල්බාර් හුසේන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

    අනතුරුව චඩිවික් වෝල්ටන් සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 110 දක්වා ඉහළ දැමීමට බාබර් අසාම් සමත් වූයේ තුන්වැනි කඩුල්ලට ලකුණු 61ක සම්බන්ධතාවක් ද ගොඩනඟමිනි. තරගයේ වීරයා සම්මානයත් ඔහුට හිමි විය.

    සිය අවසන් ඉනිම් 6දී බාබර් අසාම්ගේ ලකුණු වාර්තාව සටහන් වූයේ නොදැවී ලකුණු 77, ලකුණු 125 (සිම්බාබ්වේ පිලට එරෙහිව දෙවැනි හා තුන්වැනි එක්දින තරග), ලකුණු 82, ලකුණු 51 ( සිම්බාබ්වේ පිලට එරෙහිව පළමු හා දෙවැනි විස්සයි20 තරග), ලකුණු 65 (සුල්තාන්ස් පිලට එරෙහිව) සහ නොදැවී ලකුණු 63 ( ක්ලැන්ඩර්ස් පිලට එරෙහිව) වශයෙනි.

    ලාහෝර් ක්ලැන්ඩර්ස් – 134/7 (ඕවර 20) ටමීම් ඉක්බාල් 35, ෆකාර් සමාන් 27 ( වකාස් මක්සූඩ් 18/2, උමෙයිද් ආසිෆ් 18/2, අර්ෂද් ඉක්බාල් 26/2)

    කරච්චි කිංග්ස් – 135/5 (ඕවර 18.4) බාබර් අසාම් නොදැවී 63, චඩ්වික් වෝල්ටන් 22 (ඩිල්බාර් හුසේන් 28/2, හාරිස් රවුෆ් 30/2)

    Latest Posts

    දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට පියවර!

    දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත...

    කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි – හලාවත හිමිනමකුත් අපවත් වෙයි

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්...

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.