24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    මීටර් 1500 ලෝක ශූරයාට දෙවසරක තහනමක්

    - Advertisement -

    මීටර් 1500 ඉසව්වේ හිටපු ලෝක ශූරයකු වූ කෙන්යාවේ එලිජා මැනන්ගෝයිට වසර දෙකක තරග තහනමක් පැනවීමට මලල ක්‍රීඩාවේ අවංකභාවය හා සම්පූර්ණත්වය පිළිබඳ ඒකකය (Athletics Integrity Unit) කටයුතු කර තිබේ.

    ඒ පසුගිය වසරේ අවසන් මාස 6 තුළ තහනම් උත්තේජක පරීක්ෂණ 3ක් මඟ හැරීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙනි. මේ චෝදනා නිසා පසුගිය ජූලි මාසයේ සිට ඔහුට තාවකාලික තහනමක් ද පනවා තිබිණි.

    - Advertisement -

    2017 වසරේ පැවැති ලෝක ශූරතාවලියේදී මීටර් 1500 ඉසව්ව ජයගත් මැනන්ගෝයිට ආබාධයක් හේතුවෙන් ඉන් වසර 2කට පසු පැවැති ලෝක ශූරතාවලියට (2019) එක් වීමේ අවස්ථාව අහිමි විය.

    මේ තහනම හේතුවෙන් ඔහුට ලබන වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනී⁣මේ අවස්ථාව ද අහිමි වනු ඇත.

    මේ තහනම පිළිබඳ අදහස් දක්වමින් මැනන්ගෝයි ප්‍රකාශ කර ඇත්තේ මෙය තමා අතින් සිදු වූ වරදක් බැවින් මේ දඬුවම පිළිගන්නා බවත්, කෙසේ වෙතත් තමන් තහනම් උත්තේජක භාවිත කර නැති නිසා දෙවසරකට පසු පිරිසුදු ක්‍රීඩකයකු ලෙස පැමිණ ධාවන පථය ජය ගන්නා බවත්ය.

    - Advertisement -

    “මා සිටි තැන ගැන තොරතුරු සැපයීමේදී මගේ අතින් වරදක් සිදුව ඇති බව මම තේරුම් ගත්තා. ඒ නිසා මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය දුන් දඬුවම මම භාර ගන්නවා. ඇත්තෙන්ම මේ ගැන මටම සමාව දෙන්න බැහැ.” යැයි පවසන මැනන්ගෝයි ‘එය ලැජ්ජාවක්, ඒත් මම කිසිදු තහනම් ද්‍රව්‍යයක් භාවිතා නොකළ පිරිසිදු ක්‍රීඩකයෙක් ලෙස තහනමින් පසු යළිත් ධාවන පථය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා’ යැයි ද කීවේය.

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.