වසර 89කට පසු ජර්මනියට අන්ත පරාජයක්

0
15

ෆෙරන් ටෝරස් සිය තරග දිවියේ පළමු වරට ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම හේතුවෙන් සිවුකොන් ලීග් පාපන්දු තරගාවලියේ ජර්මනිය සමග පසුගියදා පැවැති තරගය ගෝල 6-0කින් ජය ගැනීමට ස්පාඤ්ඤය සමත් විය.

තරගයේ පළමු භාගය නිමා වන විට ස්පාඤ්ඤය ගෝල 3-0කින් පෙරමුණ ගත් අතර, දෙවැනි භාගයේදී තවත් ගෝල 3ක් වාර්තා කළේ වසර 89කට පසු ජර්මනියට අන්ත පරාජයක් උරුම කර දෙමිනි.

මීට පෙර අවසන් වරට 1931දී ඔස්ට්‍රියාව සමග පැවැති සුහද තරගයකින් ජර්මනිය මෙවැනි ලජ්ජා සහගත පරාජයක් අත් විඳ තිබිණි.

ස්පාඤ්ඤ – ජර්මානු තරගයේ 17 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරනු ලැබුවේ මොරාසා විසිනි. අනතුරුව 33 වැනි මිනිත්තුවේදී ෆෙරන් ටෝරස් සිය පළමු ගෝලය වාර්තා කළ අතර, ඊට මිනිත්තු 5කට පසු රොඩ්රි වාර්තා කළ ගෝලයත් සමග ස්පාඤ්ඤය ගෝල 3-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

දෙවැනි භාගයේ 55 වැනි සහ 71 වැනි මිනිත්තුවලදී තවත් ගෝල 2ක් වාර්තා කිරීමට ටෝරස් සමත් වූ අතර, 89 වැනි මිනිත්තුවේදී ඔයර්සබා සිය කණ්ඩායමේ 6 වැනි ගෝලය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here