24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ස්කයිප් තාක්ෂණයෙන් කොමිසමේ පෙනී සිටීමේ රිෂාඩ්ගේ ඉල්ලීම ඉවතට

    - Advertisement -
    Author(s): 
    සුභාෂිණී සේනානායක

    කොවිඩ්-19 වයිරසය වැලඳීමේ අවදානමක් ඇති බැවින් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ කොමිසමේ පරීක්ෂණ කටයුතු හා සම්බන්ධ කර ගැනීමට අවසර දෙන ලෙසට කරන ලද ඉල්ලීම පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම පෙරේදා (17) ප්‍රතික්ෂේප කළේය.

    කොමිසමේ සභාපති විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ රිෂාඩ් බදියුදීන් මහතා නියෝජනය කරමින් පැමිණි පුද්ගලයකු සාක්ෂි විමසීම් පටිගත කරද්දී පොලිසියට හසුවීම නිසා විශ්වාසය කඩවී ඇති බව කියමිනි.

    - Advertisement -

    තම සේවාදායකයා මේ වන විට රඳවා ඇති වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ කොවිඩ්-19 අාසාදිතයකු හඳුනාගෙන ඇති බව බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ටි හබීබ් මහතා කියා සිටියේය.අදාළ අාසාදිතයා කන්දකාඩු කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබුණද මේ වන තෙක් එම වාට්ටුවේ සිටින රැඳවූවන් 38 දෙනාගෙන් කිසිවකුගේ පී. සී. ආර්. පරීක්ෂණ කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර නොමැති බවත් නීතිඥවරයා ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය.සිය සේවාදායකයා ජනාධිපති කොමිසම හමුවට පැමිණීමට පෞද්ගලිකව කැමති වුවත් පවතින වතාවරණය හමුවේ ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ පරීක්ෂණ කටයුතුවලට දායක කර ගන්නා ලෙස නීතිඥවරයා ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියේය.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.