24 C
Colombo
Thursday, November 26, 2020

‘ස්පුට්නික් 5’ 95%ක් සාර්ථකයි

Author(s): මහින්ද අලුත්ගෙදරනව කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත සියයට 95ක්ම සාර්ථක වී ඇතැයි එම එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    CTBයත් කොරෝනා පොකුරක් කරන්න එපා.

    ගරු ජනාධිපති,
    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ 01.

    ගරු ජනපතිතුමනි,

    ශ්‍රී ලංගමය තුළ කොරෝනා පොකුරු නිර්මාණයවීමේ ක්‍රියාවලියිය වැළැක්වීවීමට උපරිම සෞඛ්‍ය පහසුකුකම් විධිමත්ව අඛණ්ඩ්ඩව එම සේවකයන්හට ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමි.

    සුව විරුවන්. රණවිරුවන් හා සමානවම ශ‍්‍රී ලංගම විරුවන් ද මේ මොහොතේ ඉටුකරනු ලබන්නේ මහඟු සේවාවකි. කොරෝනා උවදුර පිළිබඳව තඹ දොයිතුවකටවත් නොසලකා ශ‍්‍රී ලංගම විරුවන් අත්‍යාවශ්‍ය සේවාවන්වල සේවකයින්ට සහ මගී ජනතාවට ප‍්‍රවාහන පහසුකම් උපරිම ලෙස ලබාදීමට මේ මොහොතේ සිදුකරයි.

    පසුගිය දිනෙක යටිනුවර ඩිපෝවේ රියදුරු මහතෙකු අනතුරක් පදනම් කරගෙන බෝගම්බර රක්ෂිත බන්ධනාගාරය තුළට ඇතුළත් කර ඇත. ඔහු ඔක්තෝබර් 21 වන දින රක්ෂිත බන්ධනාගාරයට ඇතුළත් කර අනතුරුව නොවැම්බර් 05 වන දින රක්ෂිත බන්ධනාගාරයෙන් මුදවා හරින ලදී. ඉන්පසුව එම සේවකයා යටිනුවර ඩිපෝවට ගොස් ඇති අතර ඔහුට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත. ඒ අනුව ඔහුට කොරෝනා ආසාධිත වී ඇති බව හෙළිදරව් වූ පසු ඔහු රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඇසුරු කළ සේවකයන් අට දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.

    බෝගම්බර බන්ධනාගාරය තුළ කොරෝනා ආසාධිතයින් සිටින නිසාම බෝගම්බර බන්ධනාගාර නිලධාරීන්හට එම සේවකයා මුදවා හැරීමට ප‍්‍රථම නිරෝධායනයට ලක්කිරීමේ ක‍්‍රියාවලිය සිදු කිරීමට තිබුණි. එසේ සිදුකර එම සේවකයා බෝගම්බර බන්ධනාගාරයෙන් මුදවා හැරියේ නම් යටිනුවර ඩිපෝවේ සේවකයින් අට දෙනෙකු නිරෝධායනය කිරමට අවශ්‍ය වන්නේ නැත. බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම ක‍්‍රියාවලිය නිසා ඇතැම්වට ශ‍්‍රී ලංගම යටිනුවර ඩිපෝවම කොරෝනා පොකුරක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

    ගරු ජනාධිපතිතුමනි,
    ශ‍්‍රී ලංගම තුළින් කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ක‍්‍රියාවලිය වැළැක්වීමට එම සේවකයන්හට උපරිම සෞඛ්‍ය පහසුකම් විධිමත්ව, අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

    ස්තූතියි.

    මෙයට
    විශ්වාසී,
    සේපාල ලියනගේ
    සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

    සම්බන්ධීකරණය: 071 5152319

    The post CTBයත් කොරෝනා පොකුරක් කරන්න එපා. appeared first on Lanka News Column.

    Latest Posts

    දරු සෙනෙහසේ අරුමය!

    පූජාවලියෙහි රස මුසු තැන් කෙරෙහි පසුගිය ලිපි දෙකෙන් අප කළ අනාවරණ, බොහෝ පාඨකයන්ගේ ධර්ම ඥානය මෙන්ම, සාහිත්‍ය රසය ද පුළුල් කිරීමෙහිලා සමත් විය. මෙවර...

    රහමාන් මුදියන්සේ සිංහල බළමුළු මෙහෙයවයි

    මැදින් මහ අහවර වී මැදියම ගෙවුණා පමණි. පුහුුල් පහන් එකලු කළ කැලණි නදිය මතින් උඩුගංබලා ඔරුව හබල් ගෑවේ කටුපැලැස්ස තොටුපළෙනි. බියගමින් දොම්පේ හරහා මල්වානට...

    ප්‍රාග් ඓතිහාසික වංශකථාවට නව මානයක් එක් කළ කුරුවිට බටදොඹ ලෙන

    මානව ශිෂ්ටාචාරයේ මුල්ම මානවයන් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ පසු සුවදායි මෙන්ම ආහාර සහිත පරිසර කලාප සොයා ගිය ගමනේ නවාතැන් පොළක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට...

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.