24 C
Colombo
Thursday, November 26, 2020

මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...
More

    Latest Posts

    යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීම හෙට ඇරඹේ

    යහපාලන සමය තුළ දී රාජ්‍ය බැංකු මගින් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව...

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කළ රිට් අයදුම්පත නිෂ්ප්‍රභ කෙරේ

    2015 දී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් අද(26) නිෂ්ප්‍රභ කරන ලදී.   කොළඹ වරාය නගර...

    PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

     අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.     එවැනි...

    මෙරටට කෘෂි අධ්‍යාපනය හා කෘෂි තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත එකඟත්වය

    මෙරට කෘෂිකර්මාන්තයට අදාල උසස් හා පශ්චාත් අධ්‍යාපනය හා තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටාන්‍යා ගොන්ග්‍රිජ් මහත්මිය පවසයි.   කෘෂිකර්ම...

    එල්පීඑල් සටනට හම්බන්තොට සූදානම්

    Author(s): 
    නිරෝෂාන් ප්‍රියංකර

    – තණතීරු 10ක්: පුහුණුවට පැති විකට් 25ක්
    – ධම්මික ප්‍රසාද් කොළඹට: මාලිංග ඉවතට

    මේ මස 26 වැනිදා ආරම්භ කිරීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දීමට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණය මේ වන විට සූදානම් වෙමින් පවතී.

    දින 15ක් පුරා තරග 23ක් පැවැත්වෙන මේ තරගාවලිය සඳහා තණතීරු 10කින් සමන්විත ප්‍රධාන විකට්ටුව නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති අතර, එකම තණතීරුවක තරග පැවැත්වීමෙන් තණතීරු කඩතොළුවීමේ වැඩි අවස්ථාවක් පවතින බැවින් මෙලෙස තණතීරු 10ක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත.

    ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතීරුව සකස් කිරීමේ සුළු වැඩ කොටසක් හැර සියලු ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් අවසන් කිරීමට අදාළ අංශ සමත්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රීඩාංගණ සහ එම ක්‍රීඩාංගණ පහසුකම් භාර කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆි දාබරේ මහතා පවසන්නේ තරගාවලිය සඳහා හොඳ මට්ටමේ තණතීරු දීම සහතික කිරීම සඳහා උපරිම පරිමාණය භාවිතා කළ බවත්, මේ දැවැන්ත කාර්ය සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව පවතින බවට විශ්වාස කරන බවත්ය.

    මීට අමතරව කණ්ඩායම්වල පුහුණුවීම් කටයුතු සඳහා තණතීරු (පැති විකට්) 25ක් නිර්මාණය කර ඇති අතර, රාත්‍රී කාලයේ පුහුණුවීම් සිදු කිරීම සඳහා විදුලි ආලෝක පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් ද කණ්ඩායම්වලට හිමි වෙයි.

    මීට අමතරව එක් දිනකදී තරග 2ක් පැවැත්වෙන බැවින් ඒ ඒ කණ්ඩායම් සඳහා වෙන වෙනම ක්‍රීඩක විවේකාගාර දීමේ අරමුණින් ක්‍රීඩාංගණයේ තිබෙන ක්‍රීඩාගාර දෙකට අමතරව නව ක්‍රීඩාගාර 2ක් ඉදි කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙලෙස කණ්ඩායම්වලට වෙන වෙනම විවේකාගාර 4ක් සූදානම් කෙරේ.

    සියලු කණ්ඩායම් හම්බන්තොට

    මේ අතර, තරගාවලියට එක්වන කණ්ඩායම් පහේම දේශීය ක්‍රීඩකයන් මේ වන විට හම්බන්තොට පැමිණ සිටිති.

    මහනුවර පැවැති පුහුණු සැසියකින් අනතුරුව තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමු කණ්ඩායම ලෙස පසුගිය 16 වැනිදා හම්බන්තොටට පැමිණි අතර,

    දඹුල්ල වයිකින්ස්, කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් ද එදිනම හම්බන්තොටට පැමිණ තිබේ. පෙරේදා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පැමිණීමත් සමඟ කණ්ඩායම් පහම සම්පූර්ණ විය. සෞඛ්‍ය නිර්දේශ මත නිරෝධායන කාල සීමාවට යටත්ව සියලු කණ්ඩායම් මේ වන විට හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටී.

    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කර මේ දිනවල මහනුවරදී පුහුණු සැසියකට එක්ව සිටින අතර, දින 10ක එම කඳවුර 22 වැනිදා අවසන් වීමෙන් පසු එම සංචිතයේ සිටින එල්පීඑල් තරගාවලියට එක්වන ක්‍රීඩකයන් ද කණ්ඩායම් සමඟින් එක්වීමට නියමිතය. තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයන් රැසක් ඊයේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. මේ අතරින් මහනුවර ටස්කර්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පෞද්ගලික හේතුවක් මත තරගාවලියට එක් නොවීමට තීරණය කර ඇති අතර, ජැෆ්නා කණ්ඩායමට එක්වීමට නියමිතව සිටි එංගලන්ත ක්‍රීඩක රවී බොපාරා ගෙවීම් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී ඇතැයි ද වාර්තා වේ.

    පුහුණුවීම් සඳුදා සිට

    මේ කණ්ඩායම්වල පුහුණුවීම් ලබන 23 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. කෙරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය ජෛව බුබුළක (එක් පොකුරක්) ආකාරයෙන් පැවැත්වෙන අතර, කණ්ඩායම් පහ විශේෂ සැලැස්මකට අනුව වෙන වෙනම පුහුණුවීම් කිරීමට සූදානම් කර තිබේ.

    ගිබ්ස්ගේ තනතුර වෙනස් වෙයි

    එල්පීඑල් තරගාවලියේ රූපවාහිනි විස්තර විචාරයට එක්වීමට නියමිතව සිටි දකුණු අප්‍රිකාවේ හිටපු ආරම්භක පිතිකරු හර්ෂල් ගිබ්ස්ට නව තනතුරක් හිමිව තිබේ.

    ඒ ඔහු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරමිනි.

    මේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිටි ඩේව් වට්මෝර් ඉවත් වීමෙන් පසු එංගලන්තයේ කබීර් අලි පත් කළ අතර, ඔහු කොරෝනා වයිරසයට ගොදුරු වී තිබේ. ඒ නිසා අලි වෙනුවට ගිබ්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරට නම් කර ඇත. මේ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබූ අතර, පෞද්ගලික හේතුවක් මත ඔහු තරගාවලියෙන් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ එම තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කර තිබේ.

    ප්‍රසාද් – මාලිංග

    ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් කලම්බු කිංග්ස් කණ්ඩායම සඳහා තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය මස පැවැති ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී කිසිදු කණ්ඩායමක් ඔහු එක් කර ගැනීමට කටයුතු කර නොතිබිණි. මේ අතර, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග තරගාවලියට එක් නොවීමට තීරණය කර ඇතැයි ද වාර්තා විය. පෞද්ගලික හේතුවක් මත මෙවර අයිපීඑල් තරගාවලියට ද එක් නොවූ ඔහු මාස 8කට ආසන්න කාලයකින් පුහුණුවීම් කටයුතු සිදු කර නැතැයි පවසයි.

    “මේ වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් තරගමාලාවේ සිට මට කිසිම ක්‍රිකට් ක්‍රීඩාවක් ලැබී නැහැ. මට කිසිම පුහුණුවක් ලැබුණේ නැහැ” යැයි මාලිංග කියා සිටී.

    පුහුණුවකින් තොරව ඉහළ මට්ටමේ ක්‍රීඩාවක් කිරීම පන්දු යවන්නෙකුට අපහසු බවත්, එල්පීඑල් තරගාවලියේදී පිට පිට තරග තිබෙන බවත් මේ හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කළ බවත් ඔහු පවසා තිබේ.

    රූපවාහිනී විකාශය

    මේ තරගාවලියේ ජාත්‍යන්තර විකාශන හිමිකම් ලබා ගැනීමට සෝනී (ඉන්දියාව), ස්කයි (බ්‍රිතාන්‍ය), ජියෝ සහ පීටීවී (පාකිස්තානය) නාලිකා සමත්ව ඇති අතර, මෙරට විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනි සේවයට හිමිව තිබේ.

    මේ මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලිය දෙසැම්බර් 16 වැනිදා නිමාවට පත් වීමට නියමිතය.

    Latest Posts

    බ‍්‍රසීලයේ රිය අනතුරකින් පුද්ගලයින් 41ක් මරුට

    බ‍්‍රසීලයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හතලිස් එක් දෙනෙකු මිය ගොස් ඇත.   තවත් දොලොස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස්රථයක් සහ...

    යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීම හෙට ඇරඹේ

    යහපාලන සමය තුළ දී රාජ්‍ය බැංකු මගින් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව...

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කළ රිට් අයදුම්පත නිෂ්ප්‍රභ කෙරේ

    2015 දී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් අද(26) නිෂ්ප්‍රභ කරන ලදී.   කොළඹ වරාය නගර...

    PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

     අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.     එවැනි...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.