කරුංකා සිද්ධියට සැක රේගු ලොක්කාගේ වැඩ තහනම්!

0
29

කරුංකා ප්‍රති අපනයන කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැක පිට සහකාර රේගු අධිකාරීවරයකුගේ වැඩ තහනමට ලක් කර ඇත.

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගය පරිදි මෙම පියවර ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා අරුණට පැවැසීය.

කරුංකා ප්‍රති අපනයනය සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නියෝගය පරිදි රේගු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට මූලික විමර්ශනය සිදු කරමින් සිටින බව ද හෙතම වැඩිදුරටත් පැවැසීය.

ඉන්දුනීසියාවෙන් මෙරටට ගෙන්වූ කරුංගා කන්ටේනර් 21ක් වංචනික ලෙස ඉන්දියාවට ප්‍රතිඅපනයනය කළ බව හෙළිව තිබේ. මෙරටින් කරුංකා කන්ටේනර් හතරක් යවන අතරේ ඉන්දුනීසියාවෙන් ගෙන්වූ කරුංකා කන්ටේනර නීති විරෝධී ලෙස යවා ඇත්තේ බස්නායක එක්ස්පෝර්ට් හා මේරියම් ඉන්ටර්නැෂනල් යන සමාගම් දෙක බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here