24 C
Colombo
Wednesday, November 25, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    ජනතාව වෙනුවෙන් නොනවතින ගමනක්

    Author(s): 
    ධනුෂ්ක ගොඩකුඹුර

    ගෙවුණු වසරක කාලය මෙරට ජනාධිපතිවරයකු මුහුණ දුන් අභියෝගාත්මකම කාලය බව රහසක් නොවීය. එහෙත් ජනාධිපතිවරයා ඒ කිසිදු අභියෝගකින් සැලුණේ නැත. ඔහු තමන්ට පැවරුණු රාජකාරිය ඉටු කළේය. වසරක රාජකාරි කාලයකින් පසු රාජපක්ෂ මහතා ජාතිය ඇමතූවේ එවන් වටපිටාවකය. 

    ගෙවෙමින් තිබෙන සතිය දේශපාලනමය වශයෙන් සලකා බලන කල අතිශය තීරණාත්මක කරුණු කාරණා රැසකින් යුක්ත වූ සතියකි. එක් පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මංගල අය වැය ලේඛනය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරිණි. ඒ අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙරට ඉතිහාසයේ වැඩිම අය වැය ලේඛන ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් අතර දෙවැනි තැනට පත් වන්නට අග්‍රාමාත්‍යවරයා සමත් විය. ඒ අතරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව වසරක කාලයක් සම්පූර්ණ විය. එදිනම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය හැත්තෑපස් වන ඡන්ම දිනය සැමරුවේය.

    මේ සියලු කරුණු කාරණා අතරේ ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. තමන් ජනාධිපති ධුරයට පත්ව වසරක් ගෙවුණු තැන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබුණේ ගෙවුණු වසර සහ ඉදිරි සිව් වසර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටය. පසුගිය වසරේ නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ නොවැම්බර් මස 18 වැනිදාය. රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරයේ වසරක කාලයක් ගෙවුණේ සුවිශේෂී අභියෝග රැසක් මැදය. පළමුව ඔහුට සවිමත් ආණ්ඩුවක් තිබුණේ නැත. සෑමවිටම ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නට සූදානම්ව සිටි බහුතර විපක්ෂයක් සමඟ රට පාලනය කරන්නට රාජපක්ෂ මහතාට සිදු විය.

    කොවිඩ් වසංගතය

    ඒ අතරේ ලෝකයම වෙළා ගත් කොවිඩ් වසංගතය ආවේය. ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද නමුත් නියම කර ගත් පරිදි මාර්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි විය. ඒ කොවිඩ් නිසා රටම වසා දමන්නට සිදු වූ හෙයිනි. සුළුතර ආණ්ඩුවක් සමඟ රට පාලනය කරන්නට සිදුවීම නිසා ජනතාවට දුන් පොරොන්දු ඉටුකරලීමට බාධක රැසක් එල්ල විය. තමන්ගේම ආණ්ඩුවක් තනා ගැනීමට රාජපක්ෂ මහතාට හැකි වූයේ ඒ සියල්ලට මුහුණදෙමින් මාස නවයක් රට පාලනය කිරීමෙන් අනතුරුවය. අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මාස දෙකක් ගෙවෙන්නටත් පෙර නැවත වරක් කොවිඩ් වසංගතයට මුහුණ දෙන්නට ජනාධිපතිවරයාට සිදු විය.

    ඒ අනුව ගෙවුණු වසරක කාලය මෙරට ජනාධිපතිවරයකු මුහුණ දුන් අභියෝගාත්මකම කාලය බව රහසක් නොවීය. එහෙත් ජනාධිපතිවරයා ඒ කිසිදු අභියෝගකින් සැලුණේ නැත. ඔහු තමන්ට පැවරුණු රාජකාරිය ඉටු කළේය. වසරක රාජකාරි කාලයකින් පසු රාජපක්ෂ මහතා ජාතිය ඇමතූවේ එවන් වටපිටාවකය. ජනාධිපති ධුරයට පත් වූ දා සිට තමන් රට වෙනුවෙන් කළ සියල්ල මනාව පැහැදිලි කළ රාජපක්ෂ මහතා, ඉදිරියේදී තමන් කරන්නට අදහස් කරන කාරණා සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. ජාතික ආරක්ෂාව, කාර්යක්ෂම රාජ්‍ය පාලනය, දූෂණය වංචාව පිටුදැකීම, නොබැඳි විදේශ පිළිවෙත, ආර්ථිකය නඟාසිටුවීම යනාදි වශයෙන් ජනාධිපතිවරයා සිය අනාගත වැඩපිළිවෙළ මනාව පැහැදිලි කළේය.

    වෙනස් චරිතයක්

    මිනිත්තු තිස්හතක් දීර්ඝ වූ එම විශේෂ ප්‍රකාශයේ කිසිම තැනක කිසිවකුත් විවේචනය කරනු දක්නට ලැබුණේ නැත. එසේම තමන්ට කරන්නට බැරි වූ දේ සම්බන්ධයෙන් අඳෝනා නඟනු ඇසුනේ ද නැත. තමාට කළ හැකි වූ දේ කී ජනාධිපතිවරයා, ඉදිරියේදී නිසැකවම ඉටු කරන කාරණා පමණක් ඉදිරිපත් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ට හාත්පසින්ම වෙනස් චරිතයක් බව පෙන්වූයේ මේ ප්‍රකාශය තුළින් පමණක් නොවේ. ජනාධිපතිවරණයට පෙර සිටම ඔහු රටට නව දේශපාලන සංකල්පයක් හඳුන්වා දුන්නේය. සිය ප්‍රතිවාදීන් විවේචනය කරමින් කාලය නාස්ති කිරීම ඔහුගේ ප්‍රතිපත්තිය නොවීය. සෑමවිටම තමාගේ වැඩපිළිවෙළ ජනතාව හමුවේ තැබීමට රාජපක්ෂ මහතා උත්සුක වූ ආකාරය ජනාධිපතිවරණ රැලිවලදී පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

    විවේචනය වෙනුවට වැඩ කිරීම තෝරා ගත් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අදහස් අතරේ වූ විශේෂ කරුණක් කෙරෙහි බොහෝදෙනාගේ අවධානය යොමුව තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා කීවේ තමා සාර්ථක ද අසාර්ථක ද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ මාධ්‍ය හරහා ගෙන යන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවන බවය. තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය හරහා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් ඒ කාරණය තමන් හොඳින් අවබෝධ කරගෙන සිටින බවත් ජනාධිපති රාජපක්ෂ මහතා මෙමඟින් නොකියා කීවේය. ජනතාව තමන් සමඟ සිටින තුරු බොරු විවේචනවලට තමන් බිය නොවන බව ද ජනාධිපතිවරයා ඇඟවූයේය.

    ජනාධිපතිවරයා ඉඟි කළ ආකාරයේ සමාජ මෙහෙයුමක් මේ දිනවල ක්‍රියාවට නංවා ඇති බව සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නවුන්හට රහසක් නොවේ. විපක්ෂයේ දේශපාලනඥයන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක මෙම මෙහෙයුමේ අරමුණ ආණ්ඩුව අසමත් බව පෙන්වීමය. ආණ්ඩුව අසමත් බව පෙන්වීමට මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ආණ්ඩුව සමත් බවට මතවාදයක් සමාජය තුළ තහවුරු වෙමින් පවතින නිසාය. අත ගැසූ සෑම කටයුත්තකින්ම ජයම ලබන්නට ජනාධිපතිවරයා සමත්වීම නිසා ජන මනස වෙනස් කිරීමේ අරමුණෙන් මේ මෙහෙයුම කරළියට පැමිණ තිබේ.

    සමත් නායකයෙක්

    පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ජනතාව හමුවේ තැබූ පොරොන්දු එකිනෙක ඉටු කරලීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටීම සිය දේශපාලන අනාගතයට මරු පහරක් බව විපක්ෂයේ දේශපාලනඥයන් තේරුම් ගෙන තිබේ. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ සමත් නායකයකු නොව අසමත් නායකයෙකි. නායකයා සමත් නම් විපක්ෂයට අනාගතයක් නැත. මේ බව තේරුම් ගනිමින් සමත් නායකයා අසමත් නායකයකු ලෙසට මතවාදයක් ගොඩනැංවීම සිය දේශපාලන අනාගතයට වඩා සුබදායී බව ඔවුන්ගේ මතය වී තිබේ. ඒ සඳහා විවිධ ක්‍රියා මාර්ග මේ වන විට අනුගමනය කෙරෙමින් ඇත.

    මේ මෙහෙයුම ක්‍රියාවට නැංවීමේදී තීරණාත්මක සාධකයක් ලෙසින් භාවිත කෙරෙනුයේ කොවිඩ් දෙවැනි රැල්ලය. මිනුවන්ගොඩින් ආරම්භ වී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හරහා බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වූ කොවිඩ් දෙවැනි රැල්ල විපක්ෂයට නොමඳ ආශ්වාදයක් වී තිබෙන සෙයකි. කොවිඩ් පළමු රැල්ල සාර්ථකව පාලනය කිරීමට සමත් රාජ්‍ය අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක පසුවිය. කොවිඩ් වසංගතය පාලනය කළාක් පමණක් නොව ජන ජීවිතය බිඳ නොවැටී පවත්වාගෙන යෑමට සමත්වීම තුළිනුත් ලෝකයට ආදර්ශයක් වන්නට අපට හැකියාව ලැබිණි. පළමු රැල්ලට මෙන්ම දෙවැනි රැල්ලටත් ආණ්ඩුව සාර්ථකව මුහුණ දුන්නේය. එහෙත් විපක්ෂය සිය උත්සහය අතහැර නොමැත.

    විපක්ෂයේ සියලු ප්‍රහාර මැද්දේ ජනාධිපති රාජපක්ෂ මහතා සිය ගමන යමින් සිටියි. ජනතාව තමා කෙරේ තැබූ විශ්වාසය රැකීම ඔහුගේ අරමුණ වී ඇති ආකාරයත් දක්නට තිබේ. ජනාධිපතිවරණය සමය වන විට ජනතාවගේ ප්‍රධාන බලාපොරොත්තුව වි තිබුණේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමය. එය මේ වන විට ඉටුකොට තිබේ. දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය සේවයක් ක්‍රම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇත. ජනතාව දැසි දස්සන් සේ සැලකූ අමාත්‍යවරුන් දැන් දක්නට ලැබෙන්නේ නැත. ජනාධිපතිවරයා පවා තමා ජනතා සේවකයකු බව හොඳින් තේරුම් ගෙන කටයුතු කරමින් සිටියි. පාතාලය, කුඩු ජාවාරම පාලනය වෙමින් පවතියි. කොවිඩ් රැල්ල මධ්‍ය යේ වුවද රටේ සංවර්ධන ව්‍යාපෘති එකිනෙක ක්‍රියාවට නැංවේ.

    ව්‍යවස්ථා සංශෝධනය

    කොවිඩ් දෙවැනි රැල්ලට පෙර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනිණි. කලින් පැවැති ආණ්ඩුව 19 වැනි සංශෝධනය තුළින් රට තුළ ඇති කළ විකෘතිය හැකිතාක් දුරට අවම කර ගැනීමට ඉන් හැකියාව ලැබුණු මුත් තවමත් එහි අතුරුඵල ජනාධිපතිවරයාට බාධා කරන ආකාරයක් දක්නට ලැබේ. ජනාධිපතිවරයා අදහස් කොට ඇත්තේ සියලු පාර්ශ්වවල එකඟතාව සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමටය. ඒ සඳහා ද මේ දිනවල කටයුතු කෙරෙමින් පවතියි. මේ ආකාරයට බලන කල අවධානය යොමු කළ යුතු සෑම පැත්තක් කෙරෙහිම ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

    ජනාධිපතිවරයාගේ අදහස අනුව තමන් මැනිය යුත්තේ වැඩවලින් මිස පදනමක් නැති විවේචනවලින් නොවේ. ඕනෑම කෙනකුට විවේචන එල්ල කළ හැකිය. එහෙත් සාධාරණ වන්නේ රටටත් පුද්ගලයාටත් වැඩදායී විවේචන එල්ල කිරීම බව පැහැදිලිය. ඒ සඳහා ජනාධිපතිවරයා අවස්ථාව උදාකර දී තිබේ. පළමුව සිය ප්‍රතිපත්තිය ජනතාව හමුවේ තැබූ ජනාධිපතිවරයා දැන් එය ක්‍රියාවට නංවා ඇති ආකාරය පැහැදිලි කර තිබේ. වගකිව යුතු විපක්ෂයක් වශයෙන් කළ යුත්තේ ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ අතර වෙනස්කම් ඇත්නම් ජනතාව දැනුවත් කිරිමය. එසේ දැනුවත් කොට ජනතාව ඊට එරෙහිව පෙළ ගැස්වීමය.

    අභියෝග මැද වසරක්

    ජනාධිපතිවරයා ප්‍රතිපත්තියෙන් එකක් කියා තවෙකක් ඉටුකරමින් සිටින්නේ නම් ඊට එරෙහිවීමට ඕනෑම කෙනකුට හිමිකමක් තිබේ. එහෙත් ඒ කිසිවක් නොසලකමින් “ආණ්ඩුව අසමත්” යැයි කීමට විපක්ෂය කටයුතු කරමින් සිටිනුයේ ජනතාවගේ අවශ්‍යතාව උදෙසා නොවන බව නම් පැහැදිලිය. විපක්ෂය කුමක් කීවත් රටේ ජනතාව තවමත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ නිරීක්ෂණය කරමින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ. ඔවුන් තවමත් විවේචනයට ඉදිරිපත් වන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කිරීමට වසර පහක පාලන කාලයක් හිමිකර දුන්නේ ජනතාවමය. එයින් වසරක් දැන් ගෙවී හමාරය. ඒ අභියෝග රැසක් මැදය. එවන් කෙටි කලකින් රට කනපිට හැරවීමට නොහැකි බව නොතේරීමට තරම් ජනතාව අනුවණ නැත.

    වසරක කාලයක් යනු ජනාධිපති ධුර කාලසීමාවෙන් පහෙන් එකකි. ඒ පහෙන් එකක කාලය තුළ රට මෙතෙක් ගමන් කළ මාවතෙන් ඉවතට ගැනීමට මූලික පියවර තබා ඇත්නම් එය සෑහේ. ජනතාව බලාපොරොත්තු වන්නේ ප්‍රාතිහාර්ය පෑම නොව ක්‍රමානුකූලව රට ගොඩනැංවීමය. දින සියයෙන් ප්‍රාතිහාර්ය පෑමට ගොස් 2015දී සිදු වූ විනාශය ජනතාවට තවමත් මතකය. ඒ නිසා ජනතාව තවමත් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරමින් සිටිති. ජනතාව එසේ විශ්වාසය තබාගෙන සිටින අතරේ ආණ්ඩුව අසමත් දැයි සෙවීමට විපක්ෂය ඉක්මන් වූවා වැඩිය.

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.