නාඩු-සම්බා-කීරි සම්බා- කැකුළු සහල් කිලෝ කෝටි 2ක් පාලන මිලට වෙළෙඳපොළේ!

0
21

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් තිස්දහසක් (30,000) සහල් බවට පත්කරමින් සහල් කිලෝග්‍රෑම් කෝටි දෙකක් වෙළෙඳපොළට මුදාහැරීමට ඊයේ (18 වැනිදා) ආරම්භ කෙරුණි.

ස.තො.ස. හා සමුපකාර සමිති හරහා පළමු අදියරේදී සහල් වෙළෙඳපොළට මුදාහරින අතර දෙවැනි අදියරේදී සුපිරි වෙළෙඳසල් මගින්ද අලෙවි කරන බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන ප්‍රකාශ කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති පාලන මිලට සහල් වෙළෙඳපොළට මුදාහැර ඇති බව ඔහු පැවැසීය. වී අලෙවි මණ්ඩලය සතු වී තොග සුළු පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදී සහල් බවට පත් කිරීමට ඇමැති මණ්ඩලය පසුගියදා තීරණය කරන ලදී. මෙහිදී නාඩු, සම්බා, කීරි සම්බා හා කැකුළු සහල් වෙළෙඳපොළට මුදාහැර ඇත්තේ ඉහළ යන සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපතිවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here