24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    පේරාදෙණිය පොලිසියේ 5කට කොරෝනා

    - Advertisement -
    Author(s): 
    අසේල කුරුළුවංශ

    28කට පීසීආර් පරීක්ෂණ

    පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් පස් දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනයවීමත් සමඟ පනස් දෙනකුගෙන් පමණ සමන්විත පොලිස් කාර්ය මණ්ඩලය ඉවත්කොට වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරී කණ්ඩායමක් වැඩ බලන ස්ථානාධිපතිවරයකු යටතේ එහි රාජකාරි සඳහා ඊයේ (19) අනුයුක්ත කර තිබේ. රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකුට පසුගිය 16 දා කොවිඩ් වයිරසය ආසාධනය වී තිබෙන බව තහවුරුවීමෙන් පසු එම නිලධාරියා සමඟ ළඟින් ඇසුරු කළ පොලිස් නිලධාරීන් 28 දෙනකු 17 දින පී. සී. ආර්. පරීක්ෂණයට යොමු කර ඇත.

    - Advertisement -

    එම වාර්තාවලට අනුව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුට හා කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකුට වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වූ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය.

    එම වාර්තා ලැබීමත් සමඟ පේරාදෙණිය පොලිසියේ සියලු නිලධාරීන් පී. සී. ආර්. පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයකු යටතේ සති තුනක කාලයක් සඳහා පොලිස් නිලධාරීන් 50 දෙනකු විශේෂ රාජකාරි මත පේරාදෙණිය පොලිසියේ රාජකාරි සඳහා යොමු කළ බව මාසිංහ මහතා කීය.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.