බදුල්ල ධර්මදූත විදුහල් හොකී තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාව ගෝල්ඩ් පිලට

0
15

බදුල්ල ධර්මදූත විදුහල් කණ්ඩායම් අතර පැවති හොකී තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාව දිනා ගැනීමට ධර්මදූත ගෝල්ඩ් කණ්ඩායම සමත් වූ අතර, කනිෂ්ඨ අංශයේ ශූරතාව වයිට් කණ්ඩායමට හිමි විය. කනිෂ්ඨ අංශයෙන් කණ්ඩායම් 6ක් සහ ජ්‍යෙෂ්ඨ අංශයෙන් කණ්ඩායම් 4ක් ක්‍රීඩා කළ මේ තරගාවලිය පසුගියදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත් වූයේ එම විදුහලේ සංවිධායකත්වයෙනි.

ධර්මදූත බ්ලු කණ්ඩායම කනිෂ්ඨ අංශයේ අනුශූරතාව දිනාගත් අතර, තුන්වැනි ස්ථානය යෙලෝ කණ්ඩායමට හිමි විය .

ජ්‍යෙෂ්ඨ අංශයේ අනුශූරතාව වයිට් කණ්ඩායමට හිමි විය. එහි තෙවැනි ස්ථානය බ්ලැක් කණ්ඩායමට හිමිවිය.

වයිට් කණ්ඩායමේ භාග්‍ය පියුමල්, බිනුර මලීස් කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයන් ලෙස සම්මාන දිනා ගත්හ. ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම දැල් රකින්නා ලෙස ගෝල්ඩ් කණ්ඩායමේ යොමින ලෝචන, නැඟී එන ක්‍රීඩකයා ලෙස වයිට් කණ්ඩායමේ වෙනුර ඒශාන් සම්මාන දිනූ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වයිට් කණ්ඩායමේ නවිඳු චමෝද් සම්මානයට පාත්‍ර විය.

පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, බදුල්ල නාගරික මන්ත්‍රී ශශි සුරංග, ධර්මදූත පාසලේ විදුහල්පති සෙනරත් බණ්ඩාර, හොකී පුහුණුකරු අසංක රන්දිල්, ක්‍රීඩා භාර ආචාර්ය පූජිත පීලිපොත මහත්වරු ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූහ.

සී. ගමගේ 
සොරණාතොට සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here