24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    මරණයට පත් රැඳවූවකුට සහ අල්ලා ගත් රැඳවූවකුට කොරෝනා

    - Advertisement -
    Author(s): 
    අසේල කුරුළුවංශ

    බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පෙරේදා (18) අලුයම පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ බන්ධනාගාර තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්වූ රැඳවූවකුට හා එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගත් රැඳවූවකුට කොවිඩ්-19 වයිරසය ආසාදිත යැයි පී. සී. ආර්. පරීක්ෂණ මගින් තහවුරුව තිබේ.

    බන්ධනාගාරයෙන් පළා ගොස් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී සොයා ගන්නා ලද තැනැත්තා පී. සී. ආර්. පරීක්ෂණයට යොමු කළ බවත් ඔහුගේ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා කීය.

    - Advertisement -

    මේ වන විට බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවූවන් 167 දෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.