රිචඩ්සන් වෙනුවට ටයි ඔස්ට්‍රේලියානු සංචිතයට

0
12

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලි සඳහා එක්වන ඔස්ට්‍රේලියානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි කැඳවා තිබේ. මේ තරගාවලි එක්දින තරග 3කින් සහ විස්සයි20 තරග 3කින් සමන්විතය.

මින් පෙර 18 දෙනකුගෙන් සමන්විතව නම් කළ සංචිතයට ටයි ඇතුළත් නොවූ අතර, එම සංචිතයේ සිටි කේන් රිචර්ඩ්සන් පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්වීමෙන් ටයිට අවස්ථාව හිමිව තිබේ.

ටයි කණ්ඩායමට එක් වන්නේ වසර 2කට පසුවය. ඔහු අවසන් වරට 2018 වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගයකට එක් විය. එක්දින තරග 7කදී කඩුලු 12ක් දවාගෙන ඇති ටයි විස්සයි20 තරග 26කදී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 37කි.

මේ අතර, ඇඩිලේඩ් නුවර කොරෝනා වයිරස් තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් අමතර ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙස ජොෂ් පිලිපී සහ ඩර්සි ශෝර්ට් ද ඔස්ට්‍රේලියානු පුහුණු සංචිතයට කැඳවීමට කටයුතු කර තිබේ. දෙරට අතර, එක්දින තරගාවලිය මේ 27 වැනිදා ආරම්භ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here