වැලිකඩ සහ මැගසීන් බන්ධනාගාරවල වහලය මත සිටි සිරකරුවන් බිමට බසී

0
27
වැලිකඩ සහ මැගසීන් බන්ධනාගාරවල වහලය මතට නැග විරෝධතාවක නිරතව සිටි සිරකරුවන් පිරිස අදාළ විරෝධතාව අවසන් කර වහලයෙන් බැස ඇත.
 
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය උපදෙස් දී තිබුනේ අදාළ සිරකරුවන්ගේ දුක් ගැනවිල්ල ලිඛිතව ඉදිරිපත් කරන ලෙසය. 
 
ඒ අනුව ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අදාළ රැදවියන්ට දැනුම් දීමෙන් අනතුරුව මෙම විරෝධතාව අවසන් කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here