විදෙස් ගත ලාංකිකයින් ගෙන්වන්නේ කොවිඩ් කාර්යා සාධක බලකායේ දැනුවත්වීම මතයි

0
19
විදේස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වන විට අනිවර්යයෙන්ම කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ දැනුවත්කම යටතේ ගෙන්විය යුතු බවට විදේශ අමාත්‍යංශයට හා තානාපති කාර්යාලවලට දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
 
ඒ අනුව රටට තර්ජනයක් නොවන අයුරින් මෙම විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සිදු කරනු ලැබේ.
 
ඊයේ(18) දිනයේ දී 340ක්ද අද(19) සියයකට ආසන්න පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිතය.
 
සතියකට ගුවන් යානා 05කින් පමණ විදෙස් ගත ලාංකිකයින් යළි දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කරනු ලබන බව යුදහමුදාපතිවරයා පැවසීය.
 
එලෙස පැමිණෙන ඇතැම් ලාංකිකයින්ට අවශ්‍යනම් පෞද්ගලික හෝටල්වල ස්වයංනිරෝධායන කටයුතු වෙනුවෙන් දිවයිනට පැමිණීමෙන් පසු රුපියල් 7,500ක මුදලක් ගෙවා ඇතුලත් විය හැකිය. නැතිනම් ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාවලට ඇතුලත් වීමේ පහසුකම් ද සලසා ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here