24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    ශල්‍ය මුහුණු ආවරණයක් 15යි KN95 100යි – මාස්ක් ආනයනය නවතා මෙරටදී හදන්න සුදානම්!

    දේශීය මුව ආවරණ නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (18)  ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මුව ආවරණ සඳහා දේශීය සහ විදේශිය වෙළෙඳපොළේ ඇත්තේ විශාල ඉල්ලුමකි. මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික මුව ආවරණ අවශ්‍යතාවය 250000 ක් පමණ වෙයි. මෙම අවශ්‍යතාවෙන් 50 % වැඩි ප්‍රතශතයක් මෙ වන විට සපුරා ගනු ලබන්නේ ආනයනය මත පදනම්වය. චීනය, වියට්නාමය, බංගලාදේශය වැනි රටවල් ආනයනකරුවන්ගේ ප්‍රධාන රටවල් බවට පත්ව ඇත. රෝහල් සඳහා මුව ආවරණ භාවිතා කළත් මේ වන විට සියලුම මහජනතාවගේ මූලික අවශ්‍යතාවක් ලෙස මුව ආවරණ පත්වීම හේතුවෙන් ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවති.

    දේශීය මුව අවරණ නිෂ්පාදකයන් 15 දෙනෙක් සහ රෙදි මුව ආවරණ නිෂ්පාදකන් 30 දෙනෙක් අප රට තුළ සිටිති. ඔවුහු තම නිෂ්පාදන විවිධ මිල ගණන් යටතේ අලවි කළත් ඒවායේ සිදුවන කාර්යවල වෙනස්කම් ඇත. මෙම හේතුවෙන් දේශීය මුව ආවරණ නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් දින (18) ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    එහිදී දේශීය නිෂ්පාදකයින් තම ගැටලු ඉදිරිපත් කළ අතර පසුව ඔවුන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද පැහැදිලි කිරීමට එකඟතාව පළකරන ලදී. ඒ අනුව ඉදිරියේ දී දේශීය මුහුණ වැසුම් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් පිටරටින් ශල්‍ය මුහුණු වැසුම් ආනයනය සීමා කිරීමත්, ශල්‍ය මුහුණු වැසුම් උපරිම සිල්ලර මිල රුපියල් 15 ටත් , KN 95 මුහුණු වැසුම් රුපියල් 100 ට අලෙවි කිරීමට තීරණය විය.

    ඉදිරියේදී මුව ආවරණ නිෂ්පාදකයින්ගේ තම නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීමට එකඟ විය.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, දේශීය නිෂ්පාදකයා රැකගැනීමට සෑමවිටම මැදිහත්වන බවත් තම නිෂ්පාදන සැමවිටම ගුණාත්මකභාවයෙන් ඉහළට ගෙන ඒමටත් ඒ සඳහා රජයේ පිළිගත් ආයතනයකින් ( NMR ) නිර්දේශය ලබාගැනීම වැදගත් බව ප්‍රකාශ කරන ලදී.

    මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමනය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, කේ.ආර්.උඩුවාවල, ජාතිකඖෂධ නියාමන අධිකාරියේ අධක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.