සෞඛ්‍ය උපදෙස් කැඩූ බස් 4ක බලපත් අත්හිටුවයි

0
26
Author(s): 
නිමල් රාජපක්ෂ

බස්නාහිර පළාතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් මගීන් වැඩි පුර පටවාගෙන ධාවනය කළ පෞද්ගලික බස් රථ හතරක මාර්ග බලපත්‍ර ඒ මොහොතේම අත්හිටුවූ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

මෙසේ මාර්ග බලපත්‍ර අත්හිටුවා ඇත්තේ මාර්ග අංක 143 හංවැල්ල පිටකොටුව බලා ධාවනය වු පෞද්ගලික බස්රථයක් හා මාර්ග අංක 190 පිටකොටුව ගොඩගම බලා ධාවනය වූ පෞද්ගලික බස්රථ තුනක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මගී ජනතාව බස්රථවල ධාවනය කරවන ලෙස රජය හා සෞඛ්‍ය අංශ කොතෙක් දැනුවත් කළද ඇතැම් බස් රථ රියැදුරු කොන්දොස්තර මහතුන් තමන්ට හිතුමතේ මගීන් පටවාගෙන ගමන් කර ඇතැයිද වාර්තා විය. ඒ අනුව බස්නාහිර පළාතේ මේ මස 16, 17 හා 18 යන දිනවල පෞද්ගලික බස් රථ 499ක් පරීක්ෂාවට ලක්කොට තිබේ. මෙහිදී ආසන ගණනට වැඩියෙන් මගීන් පටවා ගෙන ගිය පෞද්ගලික බස් රථ හතරක් කොටුකරගෙන ඒ මොහොතේම මාර්ග බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇත. දිගින් දිගටම මෙවැනි පරීක්ෂා කිරීම් සිදු කරන අතර, එක්වරක් ධාවන බලපත්‍රය අත්හිටුවූ බස් රථයක් යළිත් වරක් එම වැරැද්දම සිදු කර හසුවුවහොත් මාර්ග බලපත්‍රය මුළුමනින්ම අහෝසි කොට දැඩි දඬුවම් පැමිණවීමටද කටයුතු කරන බවද ප්‍රසන්න සංජීව මහතා වැඩි දුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here