24 C
Colombo
Thursday, November 26, 2020

මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...
More

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    2021 වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 6.5 %ක් දක්වා ඉහළ නැංවීම ආණ්ඩුවේ අරමුණයි – රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

    Author(s): 
    ස්වර්ණා විජේකෝන්
    නුවන් කොඩිකාර
    සන්ධ්‍යා කරුණාරත්න

    වත්මන් ජනාධිපතිවරයා නැවත අපේ දේ නිෂ්පාදනය කිරීමට ගත් ක්‍රියා මාර්ග ගැන මම සතුටු වෙනවා
    – මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන

    ලෝකයම මූල්‍ය අර්බුදයකට පත්වෙලා. අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා රැකියා නැතිවෙලා
    – මන්ත්‍රී තිස්ස අත්තනායක

    පාස්කු ප්‍රහාරය නිසා මෙරට ආර්ථික වර්ධන වේගය ඉතා වේගයෙන් අඩු වුණා
    – මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. ජේ. සෙනෙවිරත්න

    අප බදු එකතු කළ යුත්තේ අපේ රටේ අපහසුතාවලින් පීඩා විඳින ජනතාවට සහනයක් ලබා දීමටයි
    – මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

    ග්‍රාමීය ආර්ථිකය ගොඩනංවමින් මෙරට ආර්ථික වර්ධන වේගය 2021 වසර අවසන් වන විට සියයට 6.5 ක් දක්වා ඉහළ නැංවීම ආණ්ඩුවේ අරමුණ බවත් මෙවර අයවැයෙන් හඳුන්වා දුන් බදු ප්‍රතිපත්ති ඉදිරි වසර පහ පුරාවට ක්‍රියාත්මක වන නිසා නව ආයෝජකයන්ට පැමිණෙන ලෙසට ආරාධනා කරන බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසුවේය.

    වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක රන්ජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (19) උදෑසන 9.30 ට රැස් විය. ලිපි ලේඛන හා වාර්තා පිළිගැනීමෙන් පසුව මහජන පෙත්සම් ඉදිරිපත් කෙරිණ. අයවැය දෙවැනි වර කියවීම පිළිබඳ විවාදයේ දෙවැනි දිනය ආරම්භ විය.

    පත්කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා. (ස.ජ.බ)

    කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැංවීමේ සංවර්ධන අය වැයක් මෙවර ඉදිරිපත් කරන බව අගමැතිවරයා නොවැම්බර් 17 වැනිදා අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියා. එහෙත් සමස්ත අය වැය විග්‍රහය කිරීමේදී අපිට අවබෝධ වන්නේ වැටත් නියරත් ගොනා කා නම් කාට කියන්න ද කියලයි. මේ අයවැයෙන් සිදුව ඇත්තේ දුප්පතා තව තවත් දුප්පත් කිරීමයි.

    හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා (පො.ජ.පෙ)-

    විපක්ෂයේ වික්‍රමරත්න මහත්මයා ඉදිරිපත් කළ ඇතැම් කරුණුවලට එකඟ වෙන්න බැහැ. අපේ රටේ සංවර්ධන ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කිරීමේදී අන්තර්ජාතික සබඳතා සැලකිල්ලට අරගෙන සියලු දේ ගැන අසුබවාදී ලෙස බැලීම සුදුසු නැහැ. බෞද්ධ දර්ශනය අනුව අප මැඳුම් පිළිවෙතින් සෑම දෙයක් දිහාම බැලිය යුතුයි. රටේ තිබෙන ආර්ථිකය සැලකිල්ලට ගෙන මහින්ද රජාපක්ෂ මහතා මේ ඉදිරිපත් කළ අය වැය හොඳම අය වැයක් ලෙසයි මා දකින්නේ.තවදුරටත් ඉදිරියට යන්න ඕනෑ වුණත් මේ වන විට තිබෙන අර්බුදත් එක්ක මේ ඉදිරිපත් කර තිබෙන අය වැය ඉතා හොඳ අය වැයක් ලෙසයි මම දකින්නේ. සිරිමාවෝ මැතිනියයගේ කාලයේ අපේ දේ අපිට නිෂ්පාදනය කර ගැනීමේ ප්‍රතිපත්ති සියල්ල විවෘත ආර්ථිකයත් එක්ක වැසී ගියා. මේ කොරෝනා වසංගතය නිසා අපේ ආර්ථිකය අර්බුද සැලකිල්ලට ලක්ව තිබෙනවා. පසුගිය වසර තිස්පහක කාලය තුළ අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි බොහෝ දේ නිෂ්පාදනය කරගෙන නැහැ. ඒ අතින් වත්මන් ජනාධිපතිවරයා නැවත අපේ දේ නිෂ්පාදනය කිරීමට ගත් ක්‍රියා මාර්ග ගැන මම සතුටු වෙනවා.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (ස.ජ.බ)-

    ඕනෑම ආණ්ඩුවක් ආවම පාරවල්, පාලම්, බොක්කු හදනවා. එහෙත් අය වැයෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහන ලබාදීමයි. අපේ ආණ්ඩුව ඉදිරිපත් කළ පළමු අය වැයෙන් විශාල සහන රාශියක් ලබා දුන්නා. අපි අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට සහන දුන්නා. එහෙත් මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අය වැයෙන් කිසිම සහනයක් නැහැ. අපි රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළා. තෙල්, ගෑස් අඩු කළා. කෝ මේ ආණ්ඩුව ලබා දුන්න සහන. ගමට ගිහින් මොනවද කියන්නේ.

    රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා-

    පසුගිය ආණ්ඩුවෙන් රජයේ නිලධාරීන්ට නඩු දැම්මා. ලලිත් වීරතුංග මහත්මයා නිදොස් කොට නිදහස් කරලා තිබෙනවා. කිරිඇල්ල මහත්මය කියනවා එතුමාගේ නඩුව ගැන බලාගමු කියලා.

    අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා-

    බැඳුම්කරණය ගැන ඔබතුමන්ලා ස්ථාපිත කරලා තිබෙන විශේෂ අධිකරණයෙන් නඩු දාලා තිබෙනවා. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් නැහැ සිතාසි දෙන්නවත්, නඩු අහන්නවත්. ඔබතුමන්ලා තමයි ඔවුන් රටින් පැන්නුවේ.

    මන්ත්‍රී කිරිඇල්ල මහතා-

    මම අභියෝග කරනවා මේ අය බලයට පත් වුණේ මහබැංකු වංචාව හා පාස්කු ප්‍රහාරය පෙන්වලා. එය නැහැ කියන්න බැහැ.

    රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා-

    පාස්කු දින ප්‍රහාරය එල්ල කරපු අයට අපි දඬුවම් දෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපති කොමිසමක් පත් කරලයි තිබෙනවා.ළඟදිම බලාගන්න පුළුවන් කවුද වැරැදිකාරයෝ කියලා.

    බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා. (පො.ජ.පෙ)-

    කිරිඇල්ල මහත්මයා අපේ ආණ්ඩුවෙන් ගියේ හන්තාන ඉඩමේ ප්‍රශ්නය ආව නිසයි. ඒ ප්‍රශ්නය ඇති වුණාම එතුමන් අපෙන් ගියා. ඒ වගේම සමහරු වතුකම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් තෙල් කෑන් අරන් ගිනි තියා ගන්න ආව අය ඉන්නවා. ඒ අයට අපි කියනවා දැන් ගිනි තියාගන්න අවශ්‍ය නැහැ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා (ස.ජ.බ.)-

    වතු සමාගම් එකඟවෙන්න ඕනේ නැත්නම් එහෙම වැටුපක් දෙන්න බැහැ.එහෙනම් වතු සමාගම් 25 න් තුනක් ආණ්ඩුවටයි තිබෙන්නේ. හෙට ඒ සමාගම්වලින් දෙන්න ඒ මුදල. ආණ්ඩුවට සල්ලි නැහැ.

    මන්ත්‍රී චාමර සම්පත් මහතා-

    වතු හාම්පුතුන් එක්ක මේ අය ඩීල් ගහනවා. මේ අය හාම්පුතුන් ආරක්ෂා කරනවා. වතු හාම්පුතුන්ට ඕනෑ විදියට වැඩ කරන්න මේ ආණ්ඩුව සූදානම් නැහැ. හර්ෂ මහත්මයා මුදල් ඇමැතිකම බලාගෙන ආර්ථිකය ගැන කතා කළා. දකුණු ආසියාවේ රටවල් දෙකයි ධන ආර්ථිකයක් තිබෙන්නේ. අපි සෘණ වුණේ මේ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය ආර්ථික ක්‍රමවේදය නිසයි. ඊට පස්සේ රතු මල්ලිලා ටික එකතු වෙලා රට විනාශ කළා. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවා. චන්ද්‍රිකාගේ කාලේ ආර්ථිකය වැටුණා. රනිල්ගේ කාලේ නැව පොඩ්ඩක් උඩට ආවා.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය

    පත්කළ මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මහතා (පො.ජ. පෙ)-

    මීට වසරකට පෙර මේ රටේ ජනතාව ජනාධිපතිතුමනි, ඔබට මේ රට බාර කළා. එය ඒ අයුරින් ආරක්ෂා කරන්න ඔබතුමන් කැපවුණ බව අප දකිනවා. කොරෝනා වසංගතය තිබියදීත් මේ අය වැයෙන් ජනතාව වෙනුවෙන් සහන රැසක් දෙන්න ආණ්ඩුව සමත් වුණා.

    පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා. (ස.ජ.බ)-

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින මොහොතේ කතා කිරීමට ලැබීම සතුටක්. මේ අය වැය ඉදිරිපත් කරන්නේ අභියෝග රැසක් තිබෙන මොහොතේ. එය අපිට නැහැ කියන්න බැහැ. එහෙත් මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ.

    ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා-

    මේකට විරුද්ධව විපක්ෂ ඡන්දය දුන්නේ නැහැ. ඒ නිසා බොරු කියලා නොමඟ යවන්න එපා.

    මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා-

    අපි ඡන්දය දුන්නේ නැහැ. අපි වැළකී හිටියා. මේ දේවල් ද්වේෂ සහගත කියනවා නොවෙයි. ජනාධිපතිවරයත් ඉන්න එකේ මේ දේවල් සාවධානව අහගෙන ඉන්න. ජනාධිපතිවරයට යම් දේයක් කරන්න වුවමනාවක් තිබෙනවා. එහෙත් ඒ දේවල් ක්‍රියාත්මක වෙනවද කියන එකයි ප්‍රශ්නය තිබෙන්නේ.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා.-

    ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ලැබෙන අවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මම කල්පනා කළේ පසුගිය වසර පහක කාලය පුරා තිස්ස අත්තනායක මහත්මයා කොහේද හිටියේ කියලා. එතුමා අද කතා කරන දේවල් ගැන පුදම හිතෙනවා. අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය හඳුන්වා දුන්න වගේම අද වෙන කොටත් එය ඒ අයුරින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ විපක්ෂය බදු අඩු කිරීම ගැන කතා කරනවා. ඒ අයගේ කාලයේ මිනිස්සුන්ට බදු ගෙවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසයි අපි බදු අඩු කළේ. සජිත් මහත්මයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සීත කාමරවල ඉඳලා හැදුවට අපි ගමට ගිහින් මිනිස්සු එක්ක කතා කරලයි හැදුවේ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අපි බදු රැසක් අඩු කළේ. 2015 තමයි අපේ ආර්ථිකය කඩාවැටීම ආරම්භ වුණේ. එය ඉබාගතේ ගියේ. එයයි අපි ගොඩනඟමින් ඉන්නේ.

    මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා (ස.ජ.බ)-

    කෝටි පන්ලක්ෂයක් ණය අරගෙන තිබෙනවා. මේ ආණ්ඩුව දවසින් දවස ණය ගන්නවා.

    ෂෙහාන් සේමසිංහ මහතා-

    මම කිව්වේ විපක්ෂයේ අය කිව්ව දේවල්වලටයි. ඔවුන්ගේ ආර්ථිකය දෙවැනි වුණේ අෆ්ගනිස්ථානයට පමණයි.

    දිවා ආහාරයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.

    රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා (පො.ජ.පෙ.)-

    කොරෝනා වයිරසය මධ්‍යයේ තමයි ආණ්ඩුව කරගෙන යන්නේ. වයිරසයත් සමඟ රටේ සංවර්ධන කටයුතු සිදු කළත් විපක්ෂය උත්සාහ කරන්නේ කිසිදු වැඩක් ආණ්ඩුවෙන් නොවන බවට සමාජගත කිරීමටයි. බැඳුම්කර මගඩිය, පාස්කු ප්‍රහාරය නිසා මෙරට ආර්ථික වර්ධන වේගය ඉතා වේගයෙන් අඩු වුණා. එය සියයට 2.3 ක් දක්වා අඩු වුණා. පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයන් මෙරටට පැමිණීම නතරව තිබුණා.

    ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා

    පළමු හා දෙවැනි ලෝක යුද්ධයේදී ජීවිත නැති වුණාටත් වඩා වැඩි සංඛ්‍යාවක් මේ කොරෝනා වයිරසය නිසා ලෝකයේ ජනතාවගේ ජීවිත අහිමිව තිබෙනවා. අපේ රටටත් මේ ව්‍යසනය බලපා තිබෙනවා. මේ ව්‍යසනය මධ්‍යයේ ගෙන යන වැඩපිළිවෙළ නිසා රටේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් කුඩා ව්‍යාපාරිකයාගේ සිට ඉහළම ව්‍යාපාරිකයා දක්වා විශ්වාසයක් ඇති වී තිබෙනවා. අවුරුදු හතරක් තිස්සේ අලුත් ව්‍යාපාර එකක්වත් ඇති වුණේ නැහැ. ඔවුන් සිතුවේ බදුවලින් පමණක් රට ගෙන යෑමට පුළුවන් කියලා.

    කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා (ස.ජ.බ.)-

    මගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ එක් වසරක් තුළදී අය වැය දෙකක් ඉදිරිපත් කළ අවුරුද්දක් මේ. පාරවල් හදනවා කියලා මේ ආණ්ඩුව කියනවා. පාරක් හදන විට කිලෝමීටරයකට ලක්ෂ 4 ක් වෙන් කර තිබෙනවා. පාලම් හදනවා කියනවා. පාලමක් හදන්න ලක්ෂ 7 යි වෙන් කර තිබෙන්නේ. මේ වගේ අඩු මුදලකින් පාරවල් පාලම් හදන්න පුළුවන්ද. මේ ආණ්ඩුවෙන් සහනාධාර බිලියන 63 ක් කපා තිබෙනවා.

    පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකිත්ති අතුකෝරල මහතා (පො.ජ.පෙ.)

    ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට ඉදිරිපත් කර තිබෙන අය වැය සම්බන්ධයෙන් අගමැතිවරයාට පොළොන්නරුව ජනතාවගේ ප්‍රශංසාව පළ කරනවා. වසර 15 කට පමණ පසුව නියමිත කාලයට පොළොන්නරුව ගොවි ජනතාවට ජලය ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ කාලය තුළ බව මතක් කරන්න ඕනෑ.

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා-

    කොටස් වෙළඳපොළ කියන්නේ ආර්ථිකයේ හොඳ දර්ශකයක්. ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ ගොස් ඇති බවට 2014 වන විට ලෝකයම පිළිගත්තා. 2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 200 කින්වත් ඉහළ ගොස් තිබුණේ නැහැ. රවී කරුණානායක මහතා එදා ප්‍රසිද්ධියේ කීවා රට කඩාගෙන වැටෙන්න යන බව. වැඩ බැරි බව ක්‍රියාවෙන් ඔප්පු කළ පිරිසක් තමයි අපට අණ්ඩුව කරන්න උගන්වන්න හදන්නේ.

    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා-

    2021 අය වැය අනුව රුපියල් මිලියන 5870 ක් මගේ අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කිරීම ගැන ජනාධිපතිවරයාට, අගමැතිවරයාට ස්තුතිවන්ත වෙනවා. කුඩා තේ වතු සඳහා ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට සහන රැසක් ලබා දී තිබෙනවා. මේ කර්මාන්තයෙන් රුපියල් බිලියන 3 ක ලාභයක් ලබන වසරේදී මෙරටට ගෙන ඒමට අපි කටයුතු කරනවා. ස්වයං රැකියා කරන අයට දායක විශ්‍රාම වැටුපක් ලබාදීමට එකඟව තිබෙනවා.

    මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලු කුමාර් මහතා මුලසුනට පැමිණියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා (පො.ජ.පෙ.)-

    ජනතාවගේ අපේක්ෂා අනුව යුද්ධය අවසන් කරන්නට එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කළා.

    කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා (ස.ජ.බ.)-

    රැකියා ලබාදීමේදී ව්‍යවසාකයන්ගේ දායකත්වය තිබිය යුතුයි. රටක දියුණුවට එය වැදගත්. ඉන්දියාවේ ධනපතීන් බිහි වුණා. ඒ ඔස්සේ විශාල ව්‍යවසායකයන් පිරිසක් බිහිව තිබෙනවා. විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා ඉහළ දමා තිබෙනවා. ඉන් ආණ්ඩුව අදහස් කරන්නේ කුමක්ද? පුද්ගලයන් වයසට යන විට ඔවුන්ගෙන් රටට ලැබෙන දායකත්වය අඩු වෙනවා.

    කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා (පො.ජ.පෙ.)-

    සර් ෆේල් කියලා විපක්ෂයේ මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. ඒ සඳහා හොඳ පිළිතුරක් ජනාධිපතිවරයා ජාතිය අමතමින් ලබා දුන්නා. ඒ කතාව නැවත අහන්න කියලා මම මන්ත්‍රීතුමාට කියනවා. සෞභාග්‍යයේ දැක්ම තුළින් ඉදිරි වසර තුනක පමණ කාලයක් තුළ දේශීයත්වයට මුල් තැන දෙමින් සංවර්ධන කටයුතු කරනවා.

    පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (පොජපෙ)

    අපි දෙමළ ජනතාවට ගරු කරනවා. දෙමළ ජනතාවට ගරු කරන නිසායි අපි උතුරු නැඟෙනහිරට ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන්නේ. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා අහනවා, දෙමළ ජනතාවට බයද කියලා. අපි දෙමළ ජනතාවට බය නැහැ. වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවට කොහොමත් බය නැහැ. සිංහල, දෙමළ ජනතාව අතීතයේ සිට සමඟියෙන් සිටියා.

    කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවෙල් මහතා (පොජපෙ)

    පසුගිය ආණ්ඩු කාලේ මුලතිව්වල භික්ෂුන් වහන්සේ නමකගේ ආදාහනයක් කරන්න වත් බැරි වුණා.

    අද සියලු ආගම්වලට, ජාතින්වලට නිදහස ලැබිලා තියෙනවා. 1952 දී තමයි මුලින්ම රසායනික පොහොර ලබා දුන්නේ.

    කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (සජබ)-

    රජයේ අය වැය යෝජනාවක් වූ වතු කම්කරුවන්ට දෛනික වැටුප රුපියල්ල 1000 ක් කිරීමට යෝජනා කර තිබෙනවා. නමුත් අද වෙන කොට වතුකම්කරුවන්ට 1000 ක් ගෙවන්න වතු හාම්පුත්තු අකමැති වෙලා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා (පොජපෙ)-

    නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විවේචනය කළ පසු පැනලා යනවා. දැන් එතුමා මෙතන නැහැ, ඔවුන් රට නොමඟ අරිනවා.කොවිඩ් 19 ගෝලීය තත්ත්වයක්.

    කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා (සජබ)-

    විශේෂයෙන්ම අද මේ ආණ්ඩුවේ දෙවැනි අය වැය අගමැතිවරයා විසින් ඉදිරිපත් කළා. ඒ වගේම ජනාධිපතිතුමන් ජාතිය ඇමතුවා. 

    (සභාවේ බාධා )

    කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා (පො.ජ.පෙ.)-

    වසර හතර හමාරක කාලයක් යහපාලනය ආණ්ඩු කර බිඳ දැමූ රටක් බාර ගන්නට අපට සිදු වුණා. කුරුණෑගල ගොවියන් බොහොම සතුටින් සිටිනවා. ඉඟුරු ගොවියාට හොඳ ආදායමක් ලැබෙනවා.

    ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් මහින්ද රාජපක්ෂ මහතා (පො.ජ.පෙ.)-

    ගමේ ජනතාවගේ යෝජනා ගේන්න කියලා අපට බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා. ගමේ ජනතාවගේ අදහස් ලබාගත් අය වැයක් මෙය. ජනතාවගේ හඬ තුළින් ගොඩනැඟූ ආර්ථිකයක් මේ.

    අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර මහතා (ස.ජ.බ.)-

    චීනයෙන් හැම භාණ්ඩයක්ම ගෙනාවේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව. අද ඒ ගැන කතා කරන්නේ නැතිව ජාතිවාදය අවුස්සන්න ඔබලා කටයුතු කරනවා. යුද්ධය අවසන් කළ එකට අපි ගරු කරනවා.

    කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය (පො.ජ.පෙ.)-

    පාරවල් හැදෙන යුගය නැවත උදා වෙලා තිබෙනවා. කුඹුරු ටික නැවත අස්වද්දන යුගය, ගොවි මහතාට සහන දෙන යුගය අද උදා වෙලා තිබෙනවා. මෙරට සියයට 51 කාන්තාවන් සිටිනවා.

    ත්‍රිකුණාමළය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකොරළ මහතා. (පො.ජ.පෙ)

    රට ගැන ආදරය නොකරන විපක්ෂයේ පිරිස මොනව කිව්වත් මෙම අය වැයෙන් කේෂ්ත්‍ර රැසක් ආවරණය කර සහන ලබා දී තිබෙනවා. මා නියෝජනය කරන ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ ජනතාවට මින් සහන රැසක් ලැබී තිබෙනවා.

    කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා. (පො.ජ.පෙ)

    ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පැහැදිලිව කිව්වා මේ රටේ විරුවන් සමරන්න ඉඩ දෙන්න කියලා. ප්‍රභාකරන්ගේ ළමයි බලාගත්ත අය පාර්ලිමේන්තුවට ඇවිත් ඒ අය ත්‍රස්තවාදය සමරන්න ඉඩ ඉල්ලනවා. හැබැයි මතක තියාගන්න මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නොවෙයි.

    කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මදුර විතානගේ මහතා (පො.ජ.පෙ.)-

    මේ රටේ හදපු දේවල් විදේශයට විකුණපු පිරිසක් තමයි විපක්ෂයේ සිටින්නේ. උතුරයි දකුණයි වෙන් කළේ රාජපක්ෂවරුන් නොවෙයි. විපක්ෂයේ අය තමයි එහෙම කළේ.

    ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (ස.ජ.බ.)-

    අසාර්ථක අය වැයක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. කොරෝනා ව්‍යසනයත් සමඟ මෙරට සෞඛ්‍ය අංශ අවම පහසුකම් යටතේ තම කාර්යන් සිදු කරනවා. සෞඛ්‍ය අංශයට අවශ්‍ය පහසුකම් අය වැයෙන් ලබා දෙයි කියලා බලා සිටියාට ඒවාට මුදල් වෙන් කර නැහැ.

    කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා (පො.ජ.පෙ.)-

    රාමඤ්ඤ මහා නිකායේ මහානායකයාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අය වැයෙන් සියලු ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ඉදිරිපත් කර තිබෙනවා. ගෝලීය වශයෙන් රට ප්‍රපාතයකට ඇද වැටී තිබෙන අවස්ථාවක තමයි මේ අය වැය ඉදිරිපත් කරන්නේ.

    රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා (පො.ජ.පෙ.)-

    සෞභාග්‍යයේ දැක්ම නිසා රටට යළි පණක් ලැබී තිබෙනවා. ජනතා කේන්ද්‍රීය අය වැයක් බවට මේ අය වැය පත් කර තිබෙනවා.

    පාර්ලිමේන්තුව අද (20) උදේ 9.30 ට නැවත රැස්වේ.

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.