24 C
Colombo
Tuesday, November 24, 2020

මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...
More

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    අද කාලගුණ වාර්තාව

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ...

    අවසානය කොහොම වෙයි ද?

    දෛවය කාටවත් සර්ව සම්පූර්ණ ජිවිත දීලා නැහැ. හැම දේකින්ම සම්පූර්ණයි කියලා හිතෙනකොට කොතනකින් හරි ලොකු තැනකින් අඩුවක් දෙනවා. කාටවත් මුළු හදවතින්ම හිනාවෙන්න දෛවය ඉඩ දෙන්නේ නැහැ. දෛවය ඒ තරම්ම කුහකයි. සමාජයේ ඉන්න ගුණ ගරුක මිනිස්සුන්ටත් දෛවය ඔරවනවා. හැබැයි ඉතින් සතුට විතරක්ම දෛවය අපේ ජිවිත වලට දීලා තිබ්බොත් ඒකත් අපිට ලොකු problem එකක් වෙනවා අනිවාර්යෙන්ම. ජිවිතේ කවමදාවත් සිගරට් එකක් බොන්නේ නැති අයට කැන්සර් හැදෙනවා. ලස්සනට පවුල් ජිවිතයක් ගත කරන්න හිතාගෙන විවාහ වෙච්ච කී දෙනෙක්ට අද ළමයි නැද්ද? සමහරුන්ට විවාහ හරියන්නේ නැහැ. අගුපිල්වල ඉන්න, හරියට කන්නවත් නැති මිනිස්සුන්ට හත් අට දෙනා දරුවෝ ඉන්නවා. ඉතින් කොතනද සම්පූර්ණ? මේ විදිහට ගෙවෙන ජිවිතද? ලෝකය කොතනකින්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. ටික දෙනෙක්ගේ ජීවිත ඔහොම ගෙවෙද්දි තවත් සමහර පිරිසක් ජීවිතයේ සර්ව සම්පූර්ණ වූ ආදරයක් හොයනවා, අද අපි ඉන්නේ කොතනද කියලවත් නොදැන. මේ ලෝකේ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ, හැමදාම පවතින දේවල් නැහැ. ඒ ඇත්ත දැන දැනත් අද සමාජේ ඉන්න මිනිස්සු සර්ව සම්පූර්ණ දේවල් හොයනවා. අන්න ඒකම තමයි ගොඩක් young crowd එකට වරදින තැනත්.

    කෙල්ලෙක්ට කොල්ලෙක්ට ආදරේ කරා කියලා ඒ කෙනා එයාගේ ජීවිතේ වෙන්නේ නැහැ. අද අපි ඉන්නේ කොතනද කියලා ඇහැරිලා බලන්න පොඩ්ඩක්. මොකද අපේ ගොඩක් අය තවමත් ඉන්නේ අඩ නින්දේ සිහින මාලිගා වල අතරමන් වෙලා යන එනමන් නැතුව.

    මහ ලොකුවට බයිලා ගහලා වැඩක් නැහැ තියෙන තරම් social apps වල ජීවිතේ කියන යථාර්ථය තේරුම් ගන්නේ නැතුව. අද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක affaire එක පටන් ගද්දිම කියන්නේ මගේ ජීවිතේම ඔයා කියලා. එහෙම වෙන්නේ කොහොමද? අපේ ජීවිතේ තවත් කෙනෙක්ගේ වෙන්නේ කෙහොමද?මෙන්න මෙහෙම හිතන නිසා තමයි මේ වගේ හීන සිතුවිලි අපි ගොඩක් එකතු කරන් ජීවිතේ වරද්දගන්නේ. හැබැයි අපි දැන දැනම ගිහින් වැරැද්දගත්තම වැරැද්ද කියන්නේ අපේ අම්මා තාත්තට “මේ අම්මලට ආදරේ තේරෙන්නේ නැහැ. තාම හිතන්නේ පරණ විදිහට. දැන් කාලේ හරි වෙනස් ” අපි අම්මලට මෙහෙම කියලා නැද්ද? නැත්තම් කියලා තියෙන වාර අනන්තද?

    අපිත් තම තමන්ගේ අත්දැකීමෙන් හොයාගන්න දේවල් තියෙනවා. ඒත් අපි වැඩිපුරම කරන්නේ අනුන් කරන දේවල්. එක කෙනෙක් එක දෙයක් කළාම ඒක අපේ අයට new trend එකක් විදියට convert කරගන්න යන්නේ හරිම පොඩි කාලයයි. කුරුළු ජෝඩුව වගේ හිටිය ජෝඩුව මොකක් හරි හේතුවක් නිසා වෙන්වුනොත් ඔන්න අනික් දවසේ කෙල්ලගේ චරිතේ ගන්න දෙයක් නැති තරමටම කුරුටු ගාලා. හැබැයි මොහොතකටවත් හිතුවද ඔයාට ඒකෙන් ලැබෙන්නේ මොනවද කියලා. කොහේ හිතන්නද රැල්ලට යන අපේ හිතත් එක්ක. හැමදේම කරන්න limit එකකට නැත්නම් අපිට අවසානෙදි ගොඩක් දුක් වෙන්න වෙයි. එහෙම වරද්දගත්ත ජීවිත තමයි අද එකම තැන පල් වෙන්නේ. ඔයාලම හිතලා බලන්න ඔයාලගේ path එක happy ending ද sad ending ද කියලා.

     

     

     අමන්දා හංසිනී

     

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    ඔක්ස්ෆර්ඩ් කොවිඩ් වැක්සිනය සාර්ථක බවට වාර්තාවක්

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත, කොරෝනාවට එරෙහිව සියයට 70ක් සාර්ථක මෙන්ම ආරක්‍ෂිත බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.    එම ප්‍රතිඵල නිකුත් වූයේ ඔක්ස්ෆර්ඩ්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.