24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    කවුරු කොහොම කිවුවත් රටේ තාරුණ්‍යය ශක්තිමත්

    තාරුණ්‍යය අද වැඩි කතාබහට ලක් වන්නේ විවේචනයන්ටය. එය සෑම පුද්ගලයාටම පාහේ ජීවීතයට අලුත් පිටුවක් පෙරළන යුගයකි. අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන අවධියක්. කඩඉම් විභාග, ප්‍රථම ආදරය, ප්‍රථම රැකියාව වගේ ජීවිතේ හරි හරියට පටන් ගන්න දණ ගාන්නෙ මේ කාලේ. ඉතින් මේ හැමදේම අස්සේ ජයග්‍රහණ වගේම පරාජයනුත් සෙවනැල්ලක් වගේ පස්සෙන්ම ඉන්න කාලයක් තමයි මේ තාරුණ්‍ය.

    තරුණ විසේ අස්සෙ අවිවේකය, අනාගතය පිලිබඳ ඇති දෙගෙඩියාව, විවිධ පාර්ශ්ව වෙතින් එල්ල වන පීඩනය නිසා මානසික රෝගයන් බෝවන රෝගයන් බවට පත්ව ඇත. මෙවැනි අභියෝග නිසා  ශාරීරිකව, මානසික සෞඛ්‍ය පිළිබඳව සොයා නොබලා කටයුතු කරන තත්වයක දී ඔබට, ඔබ මහා සාගරය මැද අතරමංවී පෙනෙන තෙක් මානයක උදවු ඉල්ලීමට පුද්ගලයකු හෝ තෙරක් නොපෙනෙන අයකු ලෙස හැඟෙනු ඇත. මෙවැනි තත්ත්වයන් කාංසාව ලෙස මනෝ විද්‍යාවේදී හදුන්වයි.

    ඉක්මනින් විඩාවට පත් වීම, මානසික ඒකාග්‍රතාව නොමැති වීම, කලබලකාරී හැසිරීම් රටාව යනාදිය මෙහි රෝග ලක්ෂණ වේ. මෙය සැණෙකින් හට ගන්නා මානසික තත්වයක් නොවේ. දීර්ඝ කාලයක සිට පවතින මානසික දුර්වලතාවයක ප්‍රතිපලයකි. තරුණ බව තුළ ශාරීරික ශක්තිය මැනවින් පිහිටා තිබුණද කාංසා තත්ත්වය ප්‍රතිශක්තිකරණයට පවා අභියෝග එල්ල කරනු ලබයි. වර්තමානයේ පවතින කොවිඩ් 19 වැනි සමාජ ගැටලු අවස්ථා වලදී ඒවා වැඩි වශයෙන් බලපානු ලබන්නේ තාරුණ්‍යයටයි. ඉදිරි අනාගතය පිළිබද අනියත බියකින් කාලයක් තිස්සේ සිටීමට සිදු වීම නිසා ඉච්ඡාභංගත්වයට පත් වන්නන් කටුක මානසික තත්ත්වයකට මුහුණ දේ.

    මෙසේ කාංසාව බලපෑම් ඇති කරනවා සේම අපට යම් කටයුත්තක් වඩාත් හොඳින් කිරීමට ඍජුව උනන්දු කරවන සාධකයක් වන අවස්ථා ද ඇති විය හැකිය. තම අනාගතය පිළිබඳව ඇති විය හැකි බිය සම්බන්ධයෙන් සිතමින් සිටින විට එයට හොඳින් මුහුණ දීමට පෙර සූදානම් වීම මීට කදිම නිදසුනකි.

    කාංසාව ඔබ රෝගියෙකු හෝ නරක පුද්ගලයකු ලෙස සලකුණු ලැබීමට තුඩු දෙන කරුණක් නොවේ. එය ඔබට ඔබගේ මනස හරි මගට ගැනීමට ලැබෙන අනතුරු ඇඟවීමකි. දැනට රටේ තිබෙන තත්ත්වය සෑම පුද්ගලයකුටම මෙම අවස්තාවේ දී සමානව අත්විඳීමට සිදුවන ගැටලුවකි. එය අප තේරුම් ගත යුතුය. මෙම මානසික තත්ත්වය තමා තුළින්ම පහසුවෙන්ම කෙටි කාලයක් තුළ නිරාකරණය කර ගත හැකිය. නමුත් එය පාලනය කර ගත නොහැකි බව වැටහුනහොත් මෙම මානසික තත්ත්වය පිළිබදව තම පවුලේ අය, සමීපතම යහළුවකු හෝ මනෝ උපදේශක‍ෙයකුගෙන් උපදෙස් පැතීම යෝග්‍ය වේ.

    කෙසේ වෙතත් කොවිඩ් 19 පමණක් නොව ජීවිතයට මොනයම් ආකාරයේ වුව අභියෝගයකට, ගැටලුවකට මුහුණ දීමට තරම් අප රටේ තාරුණ්‍යය ශක්තිමත් ය. එබැවින් මේ ගෙවෙන කාලය තුළ කාංසාවට පරාජය නොවී බලපොරොත්තු ඉටු කර ගන්න පියවරක් ඉදිරියට තබමු.

     

     T.N.නිලක්ෂි

     

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.