24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    කාලය ගියොත් ගියාමයි දැන්වත් රට වෙනුවෙන් වැඩක් කරමු.

    “හිත ඇත්නම් පත කුඩාද” යන්න  කියල කියමනක් තියෙන්නේ කට කහනවට නම් නෙමෙයි. ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ  දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. හැබැයි මේ යන ක්‍රමය හරි කියලා අපිට කියන්න බෑ. මිනිස්සුන්ට පුළුවන් සමාජයක් වෙනස් කරන්න. ඕනෑම දේකට උවමනාවක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඒ සඳහා ඕන වෙන්නේ ශක්තිමත් මනසක් සහ ඒ වෙනුවෙන් කට්ට කාගෙන කැප වෙන්න පුළුවන්  ධෛර්යයක් .

     ඕනම් කෙනෙක් යම් තැනකට යන්නත්,  ජීවිතයේ යම් තැනකදී පහළට වැටෙනත් එකම හේතුව තමන්ට කියලා අරමුණක් නැතුව හෝ අරමුණක් ඇතුව වැඩ කරන එක. වර්තමානය වෙනකොට බොහෝ තරුණ තරුණයින් විශාල ප්‍රමාණයක් හරි හැටි අරමුණක් නැතිව ඔහේ කාලය කන ආකාර  අපි දැකලා තියෙනවා. එක වසරේ ඉඳලා උසස් පෙළ දක්වා යනකන් අනන්තවත් විභාග  ලියලා ඇති. වාර විභාග, ශිෂත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ. ඒත් එයිනුත් අතළොස්සක් තමයි විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නේ. මේ විදියට විවිධ අවස්ථාවන්හි විවිධ ආකාරයෙන් අධ්‍යාපනයෙහි නිරත වීමට බොහෝ තරුණ තරුණියන් මහන්සි ගන්නවා, ඒ අතරිනුත් සමහර පිරිසක්  ඉගෙනගන්න එක නවත්තල දාලා ගාර්මන්ට්, ටෙක් වගේ  විවිධ ක්ෂේත්‍රවල රැකියා කරන්න ගන්නකොට තවත් සමහරු කිසිදු දෙයකට උත්සාහ නොකර  හීන අමතක  කර මඟ නතර වෙනවා. හැබැයි කවදාවත් අපිට කියන්න බැහැ අතරමග නැවතුණු ජීවිත කඩා වැටෙනවා කියලා. හොඳට හිතලා බලන්න ලෝකයේ  ජය ගත්තු මිනිස්සු, ඔවුන් පිටුපස තියෙනන්නේ කදුලු කතාවක් .

    මේ විදියට ජීවිතය  ජය  ගන්න උත්සාහ  කරද්දී  අපිට පුළුවන් නම් තව එකෙක් දෙකෙක් ඇදගෙන ගොඩයන්න අන්න එදාට තමයි අපිට අපි විදියට තෘප්තිමත් වෙන්න පුළුවන්. ඒක තමයි සැබෑම සාර්ථකත්වය.

     ලංකාව දියුණු වෙමින් පවතින රටක් විදියට හඳුන ගන්න කොට තරුණ දායකත්වය ඉතාමත් අඩු මට්ටමක පවතින බව හඳුනා ගන්න පුළුවන්. වර්තමානයේ තරගකාරීත්වයක් එක්ක බොහෝ තරුණ පිරිස් තම තමන්ගේ තනි අරමුණු සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරනවා විනා, එක්ව කටයුතු කර එකතු වී  ජයගැනීමේ තත්ත්වයක් ගැන හිතන්නේ නෑ.

    බොහෝ තරුණ පිරිස් අද වෙනකොට සමාජයීය වශයෙන් මත්ද්‍රව්‍යවලට, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මිනීමැරුම් ආදී  සදාචාරාත්මක නොවන සිදුවීම්වලට සම්බන්ධ වෙලා තියෙන්නෙත් ජීවිතය පිළිබඳ හරිහැටි අවබෝධයක් නැතිව කටයුතු කිරීමෙන්. සෑම තරුණයෙක්ම තමන්ගෙන්  ජීවිතය ගැන හිතනව නම්, තමන් යම් තැනකට ඇවිත් අනෙකා ගැන හිතනව නම්, යුතුකම් පිළිබඳව  හිතනව නම් එකා මෙන්  එකතු වී වැඩ කිරීමට හිතනවානම් , අද ලංකාව ඉතාමත් දියුණු රටක් වීම   රහසක් නොවේ. ලංකාවේ තරුණ ප්‍රජාව විදියට අපි කළ යුත්තේ එකිනෙකාගේ ආකල්ප හිතන විදිය පළමුවෙන්ම වෙනස් කරගන්න එක. පණ තියෙන මිනිහෙක් විදිහට කොන්ද කෙළින් තියන් හරිම තීරණ ගන්නෙකු බවට පත් වෙන එක .

    සමාජයේ අනාගතය වෙනුවෙන් හරිම දේ කරන්න ,හරිම තීරණ ගන්න අපට ශක්තියක් තියෙන්න ඕන, තමන්ට දෙයක් කරගන්න ගමන් අනෙකා ගැන ද හිතමින් බැරි එකා ඇදන් යා යුතු ගමනක් මේක. ඒ වගේම හැමෝටම රටට දෙයක් කරන්න අපට කැක්කුමක් තියෙන්න ඕන.  ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා ලංකාවට කියන්නෙ නිකං නෙමෙයි. 1996දී අපට ක්‍රිකට් ලෝක කුසලානය හම්බෙද්දී, සුසන්තිකා ජයසිංහ ලෝක පදක්කම් එක පිට එක දිනාගනිද්දී ,  අපි එකා වගේ කොච්චර නම් සතුටු  වුණ ාද, අපි ඒ ජයග්‍රහණය ගැන කොච්චර නම් ආඩම්බර වුණා ද ඒ අපිට අපේම කියලා එදා රට ගැන ආදරයක් කැක්කුමක් තිබුන නිසා. අපිට පුළුවන් රටට මොනවා හරි දෙයක් කරන්න ,රට වෙනුවෙන් අලුත් දෙයක් දායාද කරන්න,  මේ ඒකට  හොඳම කාලය. තරුණයෙක් තරුණියක් විදියට අපි එක්ක නැඟිටිය යුතුයි. අපේ දායකත්වය අවශ්‍යම යුගයක එම දායකත්වය රටට ලබාදිය යුතුයි .   ආකල්පමය වශයෙන් අපි නැඟී  සිටිය යුතුයි. එකාමෙන් වැඩ කළ යුතුයි. හැකි සෑම විටම සමාජයට වැදගත් යමක් අලුතෙන් යමක් නිර්මාණය කළ යුතුයි.

    අනාගතය වෙනුවෙන් හරිම දේ කරන්න හරිම දේ තෝරගන්න අපිට ශක්තියක් තියෙන්න ඕන. තමන්ට දෙයක් කර ගන්න ගමටත් රටටත් දෙයක් කරන්න අපිට කැක්කුමක් තියෙන්න ඕන. මේ එලැඹිලා තියෙන්නේ මේ මහා  සංග්‍රාමයට දැන් අපේ දායකත්වය ලබා දිය යුතුම යුගයක්. කාලය ගියොත් ගියාමය යන කියමන හිතට අරන් තාරුණ්‍යක් විදියට එක්ව නැඟිටිමු. රට වෙනුවෙන් දෙයක් කරමු.

     

     සංජානා තන්ත්‍රිගේ

    ජනසන්නිවේදන අධ්‍යයන අංශය

    කැලණිය විශ්වවිද්‍යාලය

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.