24 C
Colombo
Thursday, November 26, 2020

කැලෑ පාළුවන්ට නීතිය දැඩිව – ඇමැති සී. බී. රත්නායක

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නවනාන්තර විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වන ජීවි හා වන සංරක්ෂණ...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    කොවිඩ් 19 හමුවේ රට නඟාසිටුවීමට වත්මන් ජනපතිට පුළුවන් – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් ‍පෙරේරා

    එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමේ මෙහෙයුමක් පවතින අතරම රටේ ආර්ථිකය හිණිපෙත්තට ගෙන යන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පුළුවන් වුණා. ඒ වගේම කොවිඩ් 19 හමුවේ රට නඟාසිටුවීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් ‍පෙරේරා මහතා පැවැසීය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

    ‘රටේ ආර්ථිකය ගොඩ නඟන්න බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය අවශ්‍යයි. එනිසා ලබන වසරේ දී ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. විපක්ෂ නායකතුමා විහිළුවක් කළා නිදහස් මාධ්‍යයට අත තියන්න එපා කියලා. ඒක බොරුවක්. මේ රජය පත් වූ දින සිට කිසිම මාධ්‍ය මර්දනයකට අත තබා නෑ. නමුත් සජිත් ප්‍රේමදාසට ඕනෑ මේ මාධ්‍ය ආයතනවලට අත තබා එයාලට වාසි ගන්න. නමුත් අප දන්නවා ගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට ගහපු හැටි. ඔහු එතකොට කැබිනට් ඇමැති කෙනෙක්. ඒ වගේම එයාගේ තාත්තාගේ කාලයේ රිචඩ් ද සොයිසා ඇතුළු අය මැරුණා. ඒක අවශ්‍ය නම් විපක්ෂ නායකතුමාගේ අම්මාගෙන් අහලා දැන ගන්න පුළුවන්. ඒ වගේම දිවයින පත්තරෙන් පින්තූරයක් ගත්තා කියලා හප්පලා මරපු ඒවා ගැනත් අහගන්න පුළුවන්. නමුත් මේ රජය යටතේ කිසි දිනෙක එහෙම කළේ නෑ. උද්ඝෝෂණ කරන අයට වෙනම තැනක් වෙන් කර හොඳට කතා කර වෙනම වැඩපිළිවෙළක් යටතේ විසඳුම් දුන්නා. ජාතික ලැයිස්තුවත් එක්ක 54යි පාර්ලිමේන්තු ආසන දිනා ගත්තේ. 2/3ක් පොහොට්ටුව දින්න. එතකොට දිනුම් සින්නදොරේ ද ගෝඨාභය සර් ද. පසුව 54ක් ගත් පෙරියදොරේට දැන් 48යි තිබෙන්නේ. 20 වැනි සංශෝධනයෙන් කොච්චර ෆේල්ද කියලා පෙන්නුවා පෙරියදොරේ.

    අද විශාල අභියෝග තිබෙනවා. මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා මේ කො‍රෝනා නිසා. වෙනම ආකාරයකට වැඩ කළ යුතුයි. සාමාන්‍ය තත්ත්වය යටතේ ජීවත් වීමට අප දැන් පුරුදු විය යුතුයි. ඒ නිසා කවුද ෆේල් කියලා හොඳට කල්පනා කර බලන්න කියලා අප සජිත් පෙරියදොරේට කීවා. මොකද ගොබෙල්ස්ගේ න්‍යාය දැන් වලංගු නෑ.

    මේ ආර්ථිකය ගොඩනඟන්න ලබන වසරේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු එන්න ඕනෑ. මොකද අප කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආර්ථිකය තහවුරු වුණා වගේම ආර්ථිකයේ හිණිපෙත්තටම නැග්ගා කියලා. එහි හිමිකරු තමයි බැසිල් රාජපක්ෂ මහතා. ඉතින් ඔහු පාර්ලිමේන්තු පැමිණිය යුතුයි.

    කොරෝනා පරීක්ෂණ තුනක් තිබෙනවා. පීසීආර් පරීක්ෂණය, ඇන්ටිජන් පරීක්ෂණය සහ ඇන්ටිජන් බොඩි පරීක්ෂණය. මේ පරීක්ෂණ වර්ග තුනම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර තිබෙනවා. හොඳම පරීක්ෂණය තමයි පීසීආර්. ඇන්ටිජන් එක රෝගය මුල් අවදියේ දී දැන ගන්න හම්බ වෙන්නේ නෑ. හැබැයි මිලයි. ඉක්මනට පරීක්ෂණය කරන්න පුළුවන්. ඇන්ටි බොඩි පරීක්ෂණයෙන් රෝගය හැදුණාම ප්‍රතිශක්තිය තිබෙනවා ද බලන්න පුළුවන්. අපට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ආවා. කොහොම වුණත් දෙවැනි රැල්ල එක්ක ආ වයිරසය ප්‍රබලයි. මා ඔය කිවුව පරීක්ෂණ තුනම පාවිච්චි කිරීම හොඳයි. හැබැයි රජය ගේනවා නම් ටෙන්ඩර් දාලා ගෙනා යුතුයි. ඒ වගේ පෞද්ගලික අංශයට ගේන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ.’

    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා

    ‘ඩිලාන් පෙරේරා මහතා කිවුවා වගේම සින්නදොරේ ෆේල්. ඒ බව එයා හදපු ගම්මානවලට ගියාම පේනවා. ඒ මිනිස්සු අද ණය වෙලා. නමුත් අප සියපත නිවාස වැඩසටහන ආරම්භ කළා. ආසන 60ක නිවාස 16,000ක් ඉදි කරනවා. සින්නදො‍රේ කළා වගේ ජනතාව රැවටීමක් නොවෙයි මේ. සත්‍ය වශයෙන්ම නිවාසය හදලා දෙනවා.

    මේ වන විටත් අප ‘ගමට ගෙයක් රටට හෙටක්’ කියන වැඩසටහනෙන් ග්‍රාම සේවා වසමකට එක ගෙයක් හදනවා. ඒ හරහාත් ගෙවල් 14,000ක් හැදෙනවා. ඒ අනුව ගත් විට අපේ රටේ ඉදිරියට විශාල සංවර්ධනයක් සිදු වෙනවා. කාලකණ්ණි කර තිබූ රට හදන්න අද අප භාරගෙන තිබෙනවා. ඒකට අපට විනයගරුක සහ බුද්ධිමත් දෙපළක් නායකත්වය දෙනවා. ඒ තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්.’

    නුවන් හෙට්ටිආරච්චි

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.