24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    තාරුණ්‍යය කියන්නේ සිහින සාප්පුවක් නෙවෙයි

    වෙසක් මහේ සීතල සුළං කෝඩවලට හසුව ඒ මේ අත පාවෙන සරුංගල් දෙස මොහොතකට නෙත් යොමමු. නේක වර්ණ රූප මැවුව ද එහි නූල කැඩී ගියහොත් සරුංගලය ද ගසක හෝ පැටලී විනාශ වනු ඔබ දැක ඇති. මේ ලෝකයට ජනිත වන සියලු දෙනා ජීවිතය නම් රඟ මඬලේ පසු කරන අවධීන් අතර සරුංගලයක් මෙන් ගෙවන කාලයක් උදා වේ. එය එසේ වනුයේ නිශ්චිත අරමුණකින් තොර ව ක්‍රියාකරන්නට ගියහොත් දකින සිහින යථාර්වත් වීමටත් පෙර ඒවා උඩු සුළඟට ගසාගෙන යාමට සිදුවීම හේතුවෙනි. සෑම දෙනාම ආදරයෙන් වැලඳ ගනු ලබන මෙම අවධිය වනුයේ තාරුණ්‍යයයි. ලංකාවේ සමස්ත ජනගහනයෙන් 1/4 සිටිනුයේ යෞවන යෞවනියන්ය. රටෙහි අනාගතය ගොඩනැඟීමේ තීරක බලවේගය වෙමින් සෞභාග්‍යමත් දේශයක් කරා යොමු කරවීමේ ශක්තිය මේ පිරිස සතු වී ඇත.

    තාරුණ්‍යය කියන්නේ බුද්ධිය පැත්තකට තියලා හදවතට ඉඩදෙමින් හැඟීම් එක්ක ගනුදෙනු කරන කාලයක්. සෙලෝලයිට් තිරයකින් දකින වර්ණ චිත්‍රපටයක් වගේ ජීවිතයේ සොඳුරු නිමේෂයන් පමණක් හමුවනු ඇතැයි හිතෙනවා. ඔබටත් එසේ දැනෙනවා ද? හැබැයි එහෙම නෑ. දස මසක් ඔබව මෙලොව ට බිහි කරන්න අප්‍රමාණ කැපකිරීම් කරන මවත්, දෑතේ කරගැට එනතුරු ගතේ එඩි සිඳී ගියත් ඔබ වෙනුවෙන් වෙහෙසෙන පියාත් දරුවන් පිළිබඳ අනාගත සුබ සිහින දකිනවා. නමුත් තාරුණ්‍යයට එළඹීම කියන්නේ අලුත් බැඳීම් මුණ ගැහෙන කාලයක්. ඒ සමයේදී තමන්ගේ මිත්‍ර සමාගම තමන්ගේ ජීවිතය කියලා දැනේවි. අනෝරා වැසි මැද කුසට අහරක් නැති ව ඔබේ අධ්‍යාපනය තැනීමට මව්පියන් වෙහෙසෙද්දී අනේ පුතේ ඉගෙන ගනින් කියලා දෙන මුදල නුඹ ට නොවටීවි. මොහොතක් නැවතිල්ලේ හිතන්න. අසනීපයකට වුව ද බෙහෙතක් නොගෙන කොත්තමල්ලි උගුරක් බීලා නුඹේ මව්පියන් වෙහෙසෙන්නේ ඇයි ද කියලා.

    මේ ගෙවන සමාජ ක්‍රමය තුළ සෑම දෙයක් ම මුදලට විකිණෙද්දී දෙවියන්ගේ ආශිර්වාදයක් මෙන් නිදහසේ භුක්ති විඳිය හැකි පරිද්දෙන් අධ්‍යාපනයක් ඔබට හිමිව ඇත. එයින් නිවැරදි දිශානතිය හඳුනා ගනිමින් කටයුතු කළ හොත් ඔබට ජීවිතය දිනිය හැක. දැන් ඔබ හිතනවා ඇති විභාග මූලික කරගත් අධ්‍යාපන රටාවකින් සමත්වීමට නොහැකි වුවහොත් ජීවිතය අසාර්ථක වෙනවා නම් අධ්‍යාපනයක් කුමකටද කියලා. අධ්‍යාපනයෙන් දැනුම,ආකල්ප,කුසලතා යන අංග ත්‍රිත්වය ම ගොඩ නඟනවා. මේ ලෝකයේ සියලු දෙනාට ම යම් කිසි හැකියාවක් තියෙනවා. ජීවිතය දිනන්න එය හඳුනා ගැනීම ප්‍රමාණවත්. ඔබ දැක ඇති විභාග සමතුන් නොවී ජීවිතය දිනා සිනාසෙන මිනිස්සු.

    තාරුණ්‍යය කියන්නේ තාක්ෂණය සමඟ මුහු වී සිටින අවධියක්. ජංගම දුරකථනයෙන් පෙනෙන දේ තමයි ඔබට ජීවිතය වෙන්නේ. ඒ අතරතුරේ දී දුක් විඳ ජීවිතය දිනපු මිනිස්සු කොහොමද ඒ දේ කළේ කියලා හොයන්න. අනාගතයේ සුබ සිහින දකින්න නම් අනුගාමිකයෝ ආදර්ශයට ගැනීම වටිනවා. අධ්‍යාපනයක් ලැබීම වටිනවා කියන්නේ ශික්ෂිත ව දිවිගෙවන්න අවශ්‍ය ආකල්ප ගොඩනැඟීම සිදුවීම හේතුවෙනි. ඒ හරහා මත් ද්‍රව්‍ය ආදියෙන් තාරුණ්‍යය රැක ගැනීමට හැකියාව ලැබේ.

    තාරුණ්‍යයේ ශක්තියෙන් ලෝකයක් වෙනස් කළ හැකි බව එක් සුවිශේෂි චරිතයකින් මෙහිදී විමසමු. නොබෙල් සාම ත්‍යාගයට ද නිර්දේශ වූ ඇය නමින් ග්‍රේටා තන්බර්ග්. දහසය හැවිරිදි යුවතියක ලෙස ලෝකයට ම අභියෝගයක් වන පාරිසරික සහ කාලගුණික ගැටලු වලට විසඳුම් සෙවීමෙන් ඈත් ව කටයුතු කරන ලෝක නායකයන්ට එරෙහි ව විරෝධතා පැවැත්වීමේ ප්‍රමුඛත්වය ගැනීම සමඟ අනිකුත් යෞවන යෞවනියන් ද ඇය හා එක්විය. තාරුණ්‍යය කියන්නේ ලාබෙට විකිණෙන තාවකාලික සිහින සාප්පුවක් නම් නෙවෙයි. ජීවිතයට අරුතක් ගෙන එන කාල පරිච්ඡේදයක්. අරමුණක් නොමැති ව ගෙවුණු දිවියට සමුදී ලෝකයම දිනවන්න තරුණ ජවයේ දොරගුළු විවර කිරීමට අවැසි කාලයයි මේ.

     

     චාමිකා ප්‍රියංගනී නාරංගොඩ

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.