24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    පොළොවේ පය ගැහුවොත් ජීවත් වෙන්න ලේසියි

    ‘ගෝලීයකරණ’, ‘විශ්ව ගම්මානය’ වගේ වචන අපි මුලින්ම අහනකොට අපිට ඒක හරි අමුතු දෙයක් වුණා. සන්නිවේදනය මිනිස්සු අදහන ආගමක් බවට පත් වෙනවා කියලා ආතර් සී ක්ලාක් මහත්මයා කියලා තිබ්බට ඒක නම් වෙන්න බෑ වගේ අදහසක් තමයි අපි හිතුවෙ. නමුත් අද වෙනකොට ඒ කියපු දේවල් ඒ විදියටම සිද්ධ වෙලා ගෝලීයකරණය වෙච්ච ලෝකෙක, විශ්ව ගම්මානයක සන්නිවේදනය ආගම කරගෙන ජීවත් වෙන ජීවීන් කොටසක් බවට අපි පත් වෙලා.

    ලෝකෙ එහා කොණේ ඉන්න කෙනෙක් එක්ක වුණත් අදහසක් හුවමාරු කරගන්න පුළුවන් තරමට අපි ළං වෙලා ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ට්‍රග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය එක්ක අපි අපේ එදිනෙදා ජීවිතය පවා ලෝකය සමග බෙදා ගන්නවා. ලෝකය වටා තියෙන දැනුම අපිට ලැප්ටොප් එක හරහා හෝ ජංගම දුරකථනය හරහා ඇසිල්ලකින් ගන්න පුළුවන්. තාක්ෂණයත් එක්ක සන්නිවේදනය ඉතාමත් දියුණු තැනක තමයි අද වෙනකොට තියෙන්නේ.

    ඒත් මම ඔබෙන් ප්‍රශ්න කරනවා ඇත්තටම අපි සමීපද එහෙම නැත්නම් අපි මේ විශ්ව ගම්මානය තුළ හිර වෙලා ද? මේ මොහොතේ ඔබේ අසල සිටින සමීපතමයන්ට ඇත්තෙන්ම ඔබ සමීපද ?

    දවසෙන් වැඩි කාලයක් අපි ඉන්නෙ ජංගම දුරකථනය අතේ තියාගෙන. උදේ අවදි වුණු වෙලාවේ ඉඳන් රෑ නින්දට යන තුරුම මේ ජංගම දුරකථන සමග තමයි වැඩිපුරම සන්නිවේදනය කරන්නේ. ලෝකය හැමදාමත් එකම විදියට තියෙන්නෙ නැහැ. තාක්ෂණය එක්ක දියුණු වෙනවා. තාක්ෂණික දියුණුව කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඒත් අපි මේ දියුණුව හොඳ විදියට යොදා ගන්නවාද කියන එක තමයි ගැටලුව.

    රූපවාහිනිය, සිනමාව, පුවත්පත හා ගුවන් විදුලිය මිනිසුන්ව සාමූහික කළා. සමාජ මාධ්‍ය එසේත් නැත්නම් මේ නව මාධ්‍ය භාවිතය හරහා නැවත අපිව සාමූහික භාවයෙන් අදෘශ්‍යමාන විදියට ඈත් කරලා තියෙනවා. ඉස්සර චිත්‍රපටයක් සිනමා ශාලාවට බලන්න ගියපු අපි ස්මාර්ට් දුරකථනය හරහා තනිව චිත්‍රපට නරඹන්නට පෙලඹිලා. ඉස්සර පවුලේ හැමෝම එක්ක එකට වාඩිවෙලා ඉඳන් රූපවාහිනිය නරඹපු අපි දැන් තනි තනිව දුරකථනයෙන් එම කාර්යය ඉටු කරගන්න පෙලඹිලා තියෙනවා. මේකෙ එක් පැත්තකින් ඉතාම හොඳ ප්‍රවණතාවයක්. අපිට අවශ්‍ය දේ නැරඹීමේ හැකියාවක් අපට ලැබී තිබෙනවා. අවශ්‍ය දේ පමණක් ගෙන අනවශ්‍ය දේ බැහැර කරන්න අපට පුළුවන්.

     නමුත් මේ තාක්ෂණය හරියට භාවිතා නොකිරීම නිසා මනුෂ්‍යයාගේ ආවේණික ලක්ෂණයක් වූ සාමූහික බව ටික ටික නැතිවෙලා යනවා. පාරේ ගමන් කරද්දී පවා ඉස්සරහට හම්බෙන කෙනෙක් දිහා බලලා හිනා වෙන්න බැරි තරමට අපි ස්මාර්ට් දුරකථනය අස්සෙ හිර වෙලා. සමාජ මාධ්‍ය ජාලාවල ඉමෝජියකින් විතරක් අපි හැඟීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා. මේ මොහොතේ ඔබ එක්ක වාඩිවෙලා ඔබ අසලින් ඉන්න පුද්ගලයත් එක්ක වචන කිහපයක් කතා කරන්න බැරි තරමට අපි කාර්‍යබහුල වෙලා. පරාර්ථකාමීත්වය වෙනුවට ආත්මාර්ථකාමිත්වය වැඩි වෙලා. 

     ඊළඟට යොවුන්වියට පා නගන්න බලාගෙන ඉන්න පරපුර මේ ලෝකෙට ගොඩක්ම හුරු පුරුදු වෙලා ඉවරයි. බෙදා හදාගෙන සාමූහිකව ජීවත් වෙනවා වෙනුවට තනිවම ජීවත් වෙන්න ඔවුන් හුරුවෙලා තියෙනවා. අපි අතරෙ තිබුණු මනුෂ්‍ය  සම්බන්ධතා වෙනුවට ඩේටා  සම්බන්ධතා පමණක් ගොඩනැගිලා තියෙනවා. 

    තාක්ෂණය තුළින් ලැබෙන හොඳ දේ විතරක් අරගෙන, අනෙකාගේ හැඟීම් අඳුනන ලේ මස් ඇට නහරවලින් හැදුණු  මිනිසුන් වෙමු. අපි ඔහේ පාවෙන මිනිස්සු නොවී පොළවෙ පය ගහලා ඉන්න මිනිස්සු වෙමු.

     

     කුෂාන්ති අනුරාධා

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.