යෞවනයේ ඩයරිය

    0
    34

    නොවැම්බර් 15

     

    අද අපි ට්‍රිප් එකක් ගියා, ඒක ප්ලෑන් කරේ සති තුනකට විතර ඉස්සර වෙලා. හැබැයි ඒක සෑහෙන වැදගත් වුණා, මොකද ගොඩක් අය නිරපරාදේ කතා කරන වෙලාවේ අපි ලංකාවේ තියෙන ඓතිහාසික ස්ථාන බලන්න තමයි තීරණය කළේ. හැබැයි ඉතින් එකක් කියන්න තියෙනවා, ගොඩක් වෙලාවට මේකත් අර අපි ඉස්සරම ගිය කටින් ගිය ට්‍රිප් එකක් වෙන්න තියෙන සම්භාවිතාව සියයට අනූවක් විතර. මොකද ඒක හරි ලේසියි දැන් කොවිඩ් කාලෙනෙ.

     

     

    නොවැම්බර් 16

     

    මම නං මගේ යාළුවොන්ට කියන්නේ ගෙදරින් අඩුවෙන්ම බැනුම් අහන කෙනා මම කියලා. එහෙම කිව්වට පස්සේ යාළුවොන්ටත් හරි පුදුමයි. ඒක අද මම යාළුවෙක්ට කිව්වා කෝල් එකක් දුන්න වෙලාවේ. ඌ හරි අපූරු උත්තරයක් මට දුන්නා. ඒක ඉතින් එච්චර වැදගත් දෙයක් නෙවෙයි නේ මචං. උඹ උදේ 7ට විතර ගෙදරින් ඔෆිස් ඇවිල්ලා ගෙදර යනකොට රෑ එක දෙක වෙනවා නේ. ඉතින් කොහොමද ඒ මිනිස්සුන්ට උඹට බනින්න වත් වෙලාවක්.

     

    නොවැම්බර් 17

     

    අද අම්මත් එක්ක ගියා වෙදමහත්තයා ළඟට බෙහෙත් ගන්න. කාලයක් තිස්සෙ ඉඳලා අම්මගේ කකුලේ අමාරුවක් තිබ්බා. වෙද මහත්තයා නං කිව්වේ තිබ්බට වඩා සෑහෙන්න දැන් සනීපයි කියලා

     

    නොවැම්බර් 18

     

    එක එක කාලෙට එෆ්බී එකේ අමුතු විදියේ රැලි එනවනේ, මේ දවස් වල තියෙන කෑල්ල තමයි ශිෂ්‍යත්ව විභාගය. සමහරු දානවා අපි නං ඉතින් අනේ ශිෂ්‍යත්වේ ෆේල්. ඒ වුණාට දැන් මම ලෙක්චර් කෙනෙක්. තව සමහරු කියනවා මට තිබ්බේ ලකුණු පොඩි ගානක්, ඒ වුණාට මම දැන් විදුහල්පති කෙනෙක් කියලා. ඒගොල්ලෝ එහෙම දාන්නේ මට නම් හිතෙන්නේ ඒ අයගේ දැන් තියෙන තත්ත්වය පෙන්නුම් කරන්න කියලා, අදත් මම දැක්කා ගොඩක් post share වෙලා තිබ්බා.

     

    නොවැම්බර් 19

     

    අද ගෙදර කට්ටියම එකතු වෙලා ලොකු ශ්‍රමදානයක් තිබ්බා. වත්ත පිටිය අස්කරා වගේම තමයි ගේ ඇතුළ ෆුල් සුද්දයක් දුන්නා. මොකද කට්ටියම ගෙදර නේ. මට හිතුනා මෙහෙම දේවල් හරි කරන කොට පවුලේ එකමුතුභාවය අලුත් වෙනවා නේද කියලා. මොකද දැන් තරුණ පරම්පරාවේ නැත්තෙම ඒක.

     

    නොවැම්බර් 20

     

    මිනිස්සුන්ට හිත් රිදෙන්නේ මොන මොන වගේ දේවල්වලින් ද කියන්න මට හරියටම තේරෙන්නේ නෑ. ඒත් ඉතිං මේ දවස්වල මගේ හිතේ ලොකු කලකිරීමක් තියෙනව. අදත් ඇඳ උඩම ඉඳගෙන කල්පනා කරේ මම ඒක.

     

    නොවැම්බර් 21

     

    අද පටන් ගත්තා අලුත් වැඩක් නවකතාවක් ලියන්න. එ්කේ මම මූලික කරගත්ත තේමාව තමයි ලංකාවේ කොල්ලො කෙල්ලො පිස්සො වගේ මේ දුවන්නේ මොනවා පස්සේ ද කියලා.

     

     

     

     සනුජ නෙතුම්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here