24 C
Colombo
Tuesday, November 24, 2020

චීනය සඳෙන් පස් සාම්පල ගෙන ඒමට සූදානම්

චීනය සඳෙන් සාම්පල නැවත ගෙන ඒමේ අභිලාෂකාමී මෙහෙයුම දියත් කරයි   සඳේ පාෂාණ සාම්පාල එකතු කිරීම සදහා චීනය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එවැන්නක් සිදු...
More

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    ලොව වටා

    21 නොවැම්බර්, 2020

    ඇමරිකානු එන්නත සියයට 95ක් සාර්ථකයි

    ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් මෙතෙක් සිදුකළ පර්යේෂණ මගින් විශාල සාර්ථකත්වයක් පෙන්වා ඇති කොවිඩ් එන්නත පසුගිය සඳුදා සිට ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක අත්හදා බැලීම් සිදුකිරීම අරඹා තිබේ. මූලික වටයේදී ඒ සඳහා රෝඩ් අයිලන්ඩ්, ටෙක්සාස්, නිව් මෙක්සිකෝ සහ ටෙනසී ප්‍රාන්ත යොදාගෙන තිබේ. මෙහිදී මේ ප්‍රාන්තවල සෑම ජන සමාජයක්ම, සෑම වයස් කණ්ඩායමක්ම නියෝජනය වන පරිදි එන්නත ලබා දීමට නියමිතය.

    දැනට සිදුකර ඇති පර්යේෂණවලින් මේ එන්නත සියයට 95ක සාර්ථකත්වයක් පෙන්වා ඇති අතර, ජර්මන් සමාගමක් මගින් අත්හදා බැලීම් සිදුකර ඇති එන්නත පෙන්වා ඇත්තේ සියයට 90ක සාර්ථකත්වයක් බවද සඳහන්ය.

     

    හින්දු උත්සවයට ගියාට බංග්ලාදේශ ක්‍රීඩකයා සමාව අයදියි

    බංග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් එරට ජනතාවගෙන් සමාව ඇයද තිබේ. ඒ පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර හින්දු උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙනි. ඔහු මේ උත්සවයට සහභාගී වූ බව දැනගත් වහාම බංග්ලාදේශය පුරා ඔහුට විරුද්ධව ජනතා උද්ඝෝෂණ ඇරඹී තිබේ. එහිදී ජනතාව පවසා ඇත්තේ මුස්ලිම් ජාතිකයකු වෙනත් කිසිම ආගමික උත්සවයකට සහභාගී නොවිය යුතු බවයි. පසුව මේ සම්බන්ධව බංග්ලාදේශ ජනතාවගෙන් සමාව අයැද සිටි ක්‍රීඩක ශකීබ් අල් හසන් පවසා ඇත්තේ තමන් එම උත්සව වේදිකාව මත විනාඩි දෙකක්වත් රැඳී නොසිටි බවයි.

     

    වීඩියෝ ගේම් මනසට හොඳයි

    ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ නවතම පර්යේෂණයක ප්‍රතිඵල දක්වමින් පවසා ඇත්තේ වීඩියෝ ක්‍රීඩාවල නිරතවීම මානසික සුවයට හේතුවන බවය. මීට පෙර වීඩියෝ ක්‍රීඩාවල නිරතවීම අයහපත් බව ප්‍රකාශ කර තිබූ නමුත් එම ප්‍රකාශ අභියෝගයට ලක් කරමින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් මෙවර පෙන්වා දී ඇත්තේ වීඩියෝ ක්‍රීඩා මනස නිරවුල් කරන බවත් සිත ප්‍රීතිමත් කරන බවත්ය.

    විශේෂයෙන් මෙවැනි ලෝක ව්‍යප්ත වසංගත සමයක වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමෙන් වඩා සතුටෙන් සිටීමට හැකිවන බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

     

    නවසීලන්තය පොලිස් නිල ඇඳුමට හිජාබය හඳුන්වා දෙයි

    නවසීලන්ත පොලීසිය මුල්වරට එරට කාන්තා නිලධාරිනියන් සඳහා හිජාබය ඇඳීමට අවසර ලබා දී තිබේ. බලධාරීන් පවසා ඇත්තේ මුස්ලිම් කාන්තාවන් වැඩි වශයෙන් පොලිසියට බැඳිම දිරිමත් කිරීම මෙසේ හිජාබයට අවසර දීමට ප්‍රධාන හේතුව බවයි.

    මේ වන විට නවසීලන්ත පොලීසියේ කොස්තාපල්වරියක ලෙස සේවයට එක්වී සිටින මුස්ලිම් ජාතික තරුණියක වන සීනා අලි එරට හිජාබයෙන් සැරසෙන ප්‍රථම පොලිස් නිලධාරිනිය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

    මේ වන විට විවිධ රටවලින් පොලිස් නිලධාරිනියන් සඳහා හිජාබයට අවසර ලැබෙමින් තිබෙන අතර ලන්ඩන් මෙට්‍රෝ පොලීසියද ඒ අතර වේ. ලන්ඩන් මෙට්‍රෝ පොලීසිය ස්වකීය නිලධාරිනියන්ට හිජාබයෙන් සැරසීමට අවසර ලබා දී ඇත්තේ 2006 තරම් ඈතකදී වන අතර, ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය 2016දී ඒ සඳහා අවසර ලබා දී තිබේ. ඔස්ට්‍රේලියාවද හිජාබයෙන් සැරසීමට පොලිස් නිලධාරිනියන්ට අවසර ලබා දී ඇත්තේ 2004 වසරේදීය.

     

    කොවිඩ් එන්නත් මිලට ගැනීමට පකිස්තානය ඩොලර් මිලියන100ක් වෙන්කරයි

    මේ වන විට එකද කොවිඩ් එන්නතක් හෝ වෙළෙඳ පොළ සඳහා නිකුත් කර නොමැති වුවද, වෙළෙඳ පොළට පැමිණෙන පළමුවැනි කොවිඩ් එන්නත මිලදී ගැනීම සඳහා පකිස්තාන රජය ඩොලර් මිලියන 100ක් දැනටම වෙන් කර ඇති බව වාර්තා වේ.

    මේ සඳහා මුදල් වෙන් කරමින් එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ ප්‍රථම සාර්ථක එන්නත වෙළෙඳ පොළට නිකුත් කළ පළමු මොහොතේ තම රට වෙනුවෙන් එය මිලදී ගැනීමට කටයුතු කළ යුතු බවයි. තම රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මෙවන් තීරණයකට පැමිණි බවද පකිස්තාන රජය පවසා තිබේ.

    කෙසේ වුවද පකිස්තාන වසංගත විද්‍යාඥයන් වැඩිදුරටත් පවසා ඇත්තේ එන්නතක් වෙළෙඳ පොළට නිකුත් වූ පමණින් එය මිලදී ගැනීමට හැකියාව නොලැබෙනු ඇති බවත් නිකුත්වන එන්නත් පකිස්තාන ජනතාව සම්බන්ධව කෙසේ ප්‍රතික්‍රියා දක්වනු ඇතිදැයි ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන පුද්ගලයන් 3,000කට පමණ අත්හදා බැලීමෙන් පසුව එන්නත මිලදී ගත යුතු බවත්ය. නිපදවන එන්නත් විවිධ කලාපවල ජනතාවට විවිධ අන්දමින් බලපෑමට ඉඩකඩ තිබෙන බවද විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.