24 C
Colombo
Tuesday, November 24, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    වසංගතයක සොව කලා කෘති කළ මිනිසුන්

    අපිට ඔයාලා නැතිව පාළුයි. ඒත් ඔයාලා නැතිවත් අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙත් කිසිම මොහොතක ඔයාලාව අපට අමතක වෙන්නෙ නෑ. ඒ නිසාමයි මෙහෙම හැමදාම කොඩි හිටවන්නේ.

    මරණය සම්බන්ධයෙන් විවිධ මිනිසුන්ගේ හැසිරීම් විවිධය. කොරෝනා වසංගත කාලයේ මරණය පිළිබඳ හදිසි ආරංචි ‍රැසක් ලෝකය පුරා පැතිරෙමින් පවතී. මේ අසුබ ආරංචි මිනිසුන් විසින් භාර ගනු ලබන්නේ කෙසේ ද? කිසිවකුට හැර දා යා නොහැකි මේ හදිසි තත්ත්වය ඇත්තෙන්ම අප භාරගෙන ඇත්තේ කුමනාකාරයෙන් ද? අ‍මෙරිකා එක්සත් ජනපදය විසින් සමස්ත මරණ සංඛ්‍යාව 250,000 ඉක්මවා ගොස් සිටින විට ඒ අධික ශෝකයත්, තැතිගැන්මත් සමනය කර ගැනීමට කුමක් නම් කර ඇති ද? ඔවුන් තමන්ගේ ශෝකය පළ කිරීමට හැරී ඇත්තේ කලාව දෙසටය.

    වොෂින්ටනයේ රොබර්ට් එෆ්. කෙනඩි අනුස්මරණ ක්‍රීඩාංගණයෙන් පිටත අක්කර තුනහමාරක භූමි භාගයක් වැසී ඇත්තේ කුඩා සුදු ධජවලිනි. 248,000ට අධික ශ්වේත ධජ මේ ස්ථානයේ දී දැකගත හැකිය. මේ සෑම සුදු ධජයක්ම නියෝජනය කරන්නේ කොරෝනා වසංගතයෙන් මිය ගිය පුද්ගලයන්ය. මරණ සංඛ්‍යාව වැඩි වන විට ඒ වෙනුවෙන් අලුතින් කුඩා ධජ එකතු වේ. එය නම් කර ඇත්තේ “In America, How could this happen…” යනුවෙනි. අමෙරිකාවේ මෙය සිදු වන්නේ කෙසේදැයි? ඔවුන් නඟන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම දුෂ්කර කාරියකි. කුමනාකාරයෙන් හෝ එය සිදුව ඇති බවට මේ කුඩා ධජ සාක්ෂි සපයන්නේ නොවේ ද?

    මේ ශෝකී කලා ස්ථාපනය සඳහා මූලික වූ සුසෑන් බ්‍රෙනන් මේ ස්ථානයට පැමිණෙන අයට පවසන්නේ ‘තනි ධජයක් දෙස බලන්න’ කියාය. සුළඟේ ලෙළෙන මේ ධජ හුදෙක් හැඟවීමක් පමණක් නොවන බව මඳක් ඒ වෙත ළංවී බැලූ විට පෙනේ. මේ තනි ධජය මිනිසෙක් බව සිතා ඒ ගැන කල්පනා කිරීමත්, ඔහුගේ පවුලේ උදවිය, මිතුරන් ආදීන් ගැන සිතා බැලීමටත් ඈ මෙතැනට පැමිණෙනවුන් පොලඹවයි. තනි ධජයක්, තනි මිනිසෙක් ගැන සිතා එය සියයෙන්, දහසෙන් වැඩි කළ බැලූ විට මේ කලා ස්ථාපනයේ අන්තර්ගත සමූහ වේදනාව කෙනකුට වටහා ගැනීම පහසුය.

    සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 250,000 ඉක්මවා ගොස් ඇත. බාගෙදා මේ සංඛ්‍යාලේඛනවලටත් වඩා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන්නත් ඇත.

     

    කාංසාමය ශෝකය

    මරණ පරීක්ෂණ ආදියේදී සිදු වන වැ‍රදි රෝග විනිශ්චය, අනියම් ආකාරයෙන් කොවිඩ් හේතුවෙන් සිදු වන මරණ සහ තවත් බොහෝ හේතු මත මේ ඉලක්කම් එහා-මෙහා විය හැකිය. වසංගතයෙන් මිය යන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන විට ඒ තත්ත්වය දරා ගැනීමට නොහැකි වීමෙන් ඇති වන කාංසාමය ශෝකය පිට කිරීමට සුසෑන් වැනි කලාකාරියන් මෙවැනි සංකල්ප ජනගත කිරීමට පටන් ගැනීම දෙස වෙනත් මානයකින් බලන්නට වටී. සමූහ ශෝකයක් දරා ගැනීමට සමූහ ප්‍රයත්නයක් අවැසි යැයි ඈ සිතන්නට ඇත.

    සුසෑන් බ්‍රෙනන් වසර 25ක් මුළුල්ලේ ස්වේච්ඡා සත්කාරිකාවක් ලෙස කටයුතු කරයි. සෑම මරණයක් පසුපසම ඇති වේදනාව බෙදා ගැනීමට ඈ මෙමඟින් උත්සාහ කර ඇත. ඔක්තෝබර් 23 වැනිදා ඇ‍රැඹි මේ කලා ස්ථාපන ප්‍රදර්ශනය එක්තරා අහඹුවකි. සුසෑන් සහ ඇගේ සහායකයන් පිරිස මේ ස්ථානයේ සුදු ධජ සිටවා ඇත්තේ මිය යන ප්‍රමාණය පිළිබඳ යම් ගණනය කිරීමක් වෙනුවෙනි. මේ වන විට අක්කර තුනහමාරක් පුරා කුඩා ධජය.

    ඈ විසින් තවත් ධජ 20000කට ආසන්න ප්‍රමාණයක් ඇනවුම් කර ඇත. ඒ මරණ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟය. නොවැම්බර් 30 වැනිදායින් මේ ප්‍රදර්ශනය නිමා කිරීමට ඈ අදහස් කරයි.

    “මිනිස්සුන්ට එන්න තැනක් තියෙන්න ඕනෑ. ඒ අයට මෙතැනට එන්න බැරි වුණත් මානසිකව එන්න හරි තැනක් තියෙන්න ඕනෑ. තමන්ගේ ආදරණීයයන්ගේ මරණයේ වේදනාව දරාගන්න අතරම කොහේ හෝ තැනක ඒ අයව සිහිපත් කෙරෙන බවත් දැනගන්න ඕනෑ. මේ කලා ස්ථාපනයේ තේරුම ඒකයි. අමෙරිකානුවන්ගේ ජීවිත කාලය ඇතුළේ මුහුණ දුන්න විශාලම ඛේදවාචකය මේක බව ආයෙත් මතක් කරන්න ඕනෑ.”

     

    යුද පිටිය

    කැල්වින් ජොන්සන් මේ ප්‍රදර්ශනය දු‍ටුවෙ අහම්බෙනි. ඔහු සේවයට යන අතරේ දු‍ටුව මේ ශ්වේත ධජ සමූහයට ඔහුගේ ගමන මඳකට බාල කළ සැටියකි. සියයකට ආසන්න ධජ සංඛ්‍යාවක් සි‍ටුවීමටත්, හමුදා සේවයේ සිටියදී මිය ගිය ඔහුගේ සගයන්ව සිහිපත් කරන්නත් කැල්වින් නතර වූවා සේම නම නොදන්නා බොහෝ පිරිසක් මෙතැන නතරව, ශෝක වන්නට ඇත.

    “අපිට ඔයාලා නැතිව පාළුයි. ඒත් ඔයාලා නැතිවත් අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙත් කිසිම මොහොතක ඔයාලාව අපට අමතක වෙන්නෙ නෑ. ඒ නිසාමයි මෙහෙම හැමදාම කොඩි හිටවන්නේ.” ඒ කැල්වින් තමන්ගේ සොව ප්‍රකාශ කරන ආකාරයයි.

    “මම දෙපාරක් ඉරාක යුද්දෙට ගිය කෙනෙක්. ඒත් මේ බලන්න කොයි තරම් මරණ ගාණක් ද කියලා? මේක හරියට යුද පිටියක් වගෙයි.” ඔහුගේ කටහඬේ ඇති තිගැස්ම ඔහුගේ වචන තුළත් ඇත. ඉරාක යුද්ධය පවා මේ වසංගතය අභියස සුළු යැයි සිතන ඔහු කොතරම් සසැලෙන්නට ඇතිද? මේ සියල්ල ජීවත් වෙමින් සමනය කර ගැනීමට සොබාදහම ඉඩදී ඇති සැටියකි. මිනිසුන් අනෙකාගේ මරණය විෂයෙහි විෂමව හැසිරෙන බව නොරහසකි. ඉනුත් සමීපතයන්ගේ මරණ විශේෂයෙහි මිනිසාගේ හැසිරීම කලින් තීරණය කළ නොහැකි තරමට වෙනස්ය. එහෙත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පැමිණි මරණ සමඟ මේ මිනිසුන් අනාගතයට මොනවා කරන්න ද? ඉතිහාසය පුරා ලෝකය විවිධ වසංගතවලට මුහුණ දුන්නත් සෑම විටම වසංගතයට වඩා මිනිසා විශාල විය. හේ, අවැසි පිළිතුර සොයා ගන්නට එතරම් කල් නොගත්තේය. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක් ද? මිනිසාට වඩා වසංගතය යෝධයකුව, ඉන් පසුව යක්ෂකුව හැසිරීමක් නොවන්නේ ද? දැන් අප හැරිය යුත්තේ කුමන මාර්ගයකට ද?

    සුසෑන් සහ ඇගේ සගයන් විසින් ස්ථාපනය කළ ප්‍රදර්ශන වැනි දෑ ලෝකයේ අනිත් රටවලත් දැන් දැන් දැක ගත හැකිය. පසුගිය අප්‍රේල් මාසයේ පටන් මෙවැනි කලා ස්ථාපන පිහි‍ටුවීම පටන් ගනු ලැබීය. කැලිෆෝනියාවේ ජීවත් වන වියට්නාම යුද වීරයකු වූ බොබ් මැන්ගල්ස් විසින් ඉර බැස යන සෑම හැන්දෑවකම ට්‍රම්පටය වයනු ලබයි. ඒ කොවිඩ් වසංගතයෙන් මිය ගිය අය සිහි කරමිනි. ඔවුන්ට ආචාර පිණිසය. පසුගිය මාර්තුවේ යූටියුබ් ලයිව්ස්ට්‍රීම් ඔස්සේ පැය 24 මුළුල්ලේම මිය ගිය අයගේ නම් කියවනු ලැබීය. අගෝස්තුවේදී ඩෙට්‍රොයිට් නගරයේ වැසියන් විසින් කොවිඩ් වසංගතයෙන් මිය ගිය අය අනුස්මරණය කරනු පිණිස පින්තූර ගොමුවක් සකසන ලදී. එහි වසංගතයෙන් මිය ගිය 900ට ආසන්න පිරිසකගේ ඡායාරූප අන්තර්ගත විය. වසංගතයෙන් ජීවිතක්ෂයට පත් ඩෙට්‍රොයිට් වැසියන් ගණන 1500කට ආසන්නය.

     

    දේව මෙහෙය

    කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් පවත්වන දේව මෙහෙයන් ආදී සියලු සමූහ ආගමික කටයුතු නවතා දමා තිබුණි. පවුලේ අයකු මිය ගිය පසු හුදෙකලාව ශෝක වීම හැර වෙනත් කළ හැකි දෙයක් ඔවුන්ට නොතිබුණි. වොෂින්ටනයේ දේවස්ථානයක සෑම සෙනසුරාදාවකම වර්චුවල් දේව මෙහෙයක් පවත්වන්නට කටයුතු යොදා තිබුණි. ඒ අනුව වසංගතයෙන් මිය ගිය අයගේ නම් 70-150 දක්වා සිහිපත් කරමින් මේ දේව මෙහෙය පැවැත්වේ. මේ වර්චුවල් දේව මෙහෙය 15,000ට ආසන්න පිරිසක් නරඹා ඇත.

    සුසෑන් විසින් ධජ සිටුවීමට පැමිණෙන පිරිසට පවසන්නේ මිය ගිය අයගේ නම් ඒ ධජ මත සටහන් කරන ලෙසයි. ඈට අනුව “මරණයේදී පවා ඔවුන්ව අන් අයට දැක ගැනීමට ඉඩ සැලැස්විය යුතුයි. මන්ද යත් එමඟින් යම් වටිනාකමක් යෝජනා කරන බැවිනි.” වඩාත් සුපරික්ෂාකාරීව මේ ධජ වෙතට නැඹුරු වූ පසුව මිය ගිය අයවලුන්ගේ නම් සහ ඔවුන් මිය ගිය දින කුඩා ශ්වේත ධජ මත ලියා ඇති බව පෙනේ. ඒ නම් ඇති කරන්නේ හිස්කම සහ අප්‍රමාණ ශෝකයකි. ඒ ශෝකය හුදෙක් මරණය නිමිති කරගෙන ඇති වූවක්ම නොවේ. ශෝකය පහළ වන්නේ මේ තරම් අකාරුණික ලෙස මරු වැලඳගන්නට සිදුවීම ගැනය. මරණයට පවා උදාරම් බවක් සහ ගෞරවයක් තිබිය යුතුය. එහෙත් මේ අකාරුණික වසංගතය විසින් මිනිසා ඉල්ලා සිටින ගෞරවයත්, උදාරම් බවත් අහිමි කර දමා ඇත. වසංගතය විසින් මිනිසාට කිසිදු ‍තෝරා ගැනීමකට හෝ කේවල් කිරීමකට ඉඩක් තබා නැත. ඔබට වසංගතය විසින් මරණය නියම කළ විට එය ඉත සිතින් භාර ගත යුතුය. ගනුදෙනුව ඒ ආකාරය. මිනිසත්කම යනු වසංගතය ඇතුළත අවලංගු කාසියකි. ඔබට සටන් කළ හැකි සීමාවක් තිබේ. ඒ සීමාව ඉක්මවා යෑමට දේව වරමක් නොලැබේ. සියලු ආකාරයේ විශ්වාස පසෙකින් තබා මිනිසාට දැන් යථාවට මුහුණ දීමට සිදුව ඇත. අවිද්‍යාව වෙනුවට පාලනය කළ නොහැකි සොබාදහමත්, ජීවිතය වෙනුවට මරණයත් දැන් සෑම තැනකමය.

     

    ප්‍රකෘතිය සහ විකෘතිය

    ග්වේන් ඩිලර්ඩ් ද මේ ප්‍රදර්ශනය නැ‍රඹීමට පැමිණි අයෙකි. මේ ඔහු ප්‍රදර්ශනය නැ‍රඹීමට පැමිණි දෙවැනි වතාවයි. “මේ තත්ත්වය අපිත් එක්කම තව ලොකු කාලයක් පවතීවි. හදිසි තත්ත්වය පහ වෙලා ගියාට පස්සෙත් තවත් සෑහෙන කාලයක් අපිට වසංගතයත් එක්ක ඉන්න සිද්ධ වෙයි.” ඔහු කල්පනාබරිතව පවසන්නේ එවැන්නකි. දෙවතාවක් මෙවන් ප්‍රදර්ශනයක් නැ‍රඹීමට අයකු පැමිණීම මෙවන් කාලයක පුදුමයක් නොවේ. මේ වන විට නව සාමාන්‍යයකට ලෝකය හුරුව ඇත. ප්‍රකෘතිය වෙනත් විකෘතියකින් වැසී ගොස් ඇත්තාක් මෙනි.

    “මේ වසංගතයෙන් අපේ ජීවිතවල සමහර දේවල් සදාකාලිකවම වෙනස් වෙයි.” ග්වේන් කියන ලෙසම දැනටමත් ඔවුන්ගේ ජීවිතවල සමහර දේ පමණක් නොව මුළුමහත් ජීවිතයම උඩුයටිකුරුව ඇත.

    වසංගතය මිනිසුන් වෙත ‍රැගෙන ආ දරුණු ඛේදවාචකය මෙවන් කලා ප්‍රදර්ශනයකට ලඝු කර අවසන් කළ නොහැකිය. සෑම සුඛාන්තයකින්ම සේම දුඛාන්තයකටම පසුව ලෝකය පුරා වෙනස් කලා කෘති බිහි විය. කලාකරුවන් තම හැඟීම් හෙළි කිරීමට කලාව යොදා ගති. ඛේදවාචකවල අතුරු ප්‍රතිඵල ලෙස ප්‍රකට කලා කෘති ‍රැසක් බිහි විය. ඒවා අගය කරන්නට පසු පරම්පරා සැදී පැහැදී සිටියහ. එහෙත් මේ ගෙවෙන්නේ එවන් කලා කෘති බිහි වන කාලයක් ද? සියල්ලෝම කම්පිතව හිටි පියවර ඉන්නා කාලයක්දැයි පළමුව තේරුම් ගැනීම වටී. සුසෑන් ඇතුළු සෙසු සගයන් තවදුරටත් ශ්වේත ධජ ඇනවුම් කරවමින්, ඒවා පොළොව මත සිටවමින් වසංගතයෙන් මිය ගිය මිනිස් ජීවිත ප්‍රමාණය මේ යැයි කීමට උත්සාහ දරනු ඇත. ශෝකය පළ කිරීමට මිනිසුන්ද පැමිණෙනු ඇත. ආදරණීයන් බොහෝ දෙනකුගේ නම් ද ඒ ධජ මත සටහන් කරනු ඇත. සමහර ධජ මත මිය ගිය පුද්ගලයාගේ කෙටි විස්තරයක් සහ මිය ගිය දිනය සඳහන්ය. එහෙත් මේ සැබවින්ම අප ආදරණීයයන්ට සමු දිය යුතු ආකාරයක් ද? සියල්ල අනිත්‍ය බව අපටම අනියමින් වටහා ගැනීමට කෙටි කවුළුවක් ද? “මට ඔබ නැතිව පාළුයි” එපමණක් සෑහේ ද? එහෙත් වසංගතය විසින් මරණය වෙනුවෙන් ඊට වඩා කිසිවක් කිරීමට මිනිසාට ඉඩ නොදීමට දරුණු තීරණයක් ගෙන ඇති සැටියකි.

    නැෂනල් ජියොග්‍රැ‍ෆික් ඇසුරෙනි

    කාංචනා අමිලානි

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.