24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    සියල්ලන්ටම පායන්නේ එකම හඳය

    - Advertisement -

    අද සිදුවන්නා වූ ඕනෑම දෙයක් දෙස ඍණාත්මක බැල්මෙන් නොබැලිය යුතු ය. එය මීට බොහෝ පෙර සිදුවිය යුත්තක්ව තිබුණි. සුනාමියෙන් පසු අප සිතුවේ කුමක් ද? එය අපට එක් වන්නට සොබාදහම ලබා දුන් අවස්ථාවක් ලෙස ය. එය එසේ වූවා ද ?. අකමැත්තෙන් වුව කිවහැක්කේ එය එසේ සිදු වූයේ නැත කියා ය. අපි සියලු දෙනා ජාතීන් අනුව වෙනස් ය. ආගම් අනුව වෙනස්ය. ඒත් අපි මනුෂ්‍යයෝ ය. එකම මිනිස් කුලයේය. එහි ඇත්තේ, භෞතික බෙදීමක් පමණකි. ආගමක් මිනිසාට ලැබුණේ විවිධ හේතූන් මතය. මිනිසා යහපත් කිරීම එහි පරමාර්ථය යැයි සිතමු. එසේ නම් ආගමකින් අනිෂ්ටයක් සිදු විය හැකි ද ? ඔබ ඔබගෙන් අසන්න. එසේ සිදු වන්නේ නම් ආගම තරම් මිනිසා බෙදන අන් යමක් නැත.

    අපට ගඟකින් එගොඩට යාමට අවශ්‍ය නම් ඔරුවක ආධාරයෙන් ගොඩ විය හැකිය. එහෙත් ඉන් එහාට ඔරුව කර තබා යා යුතු නැත. මා දන්නා තරමින් ඒ ඒ ආගමක ධර්මය වන්නේ විමුක්තිය ලැබීම ය. ඔවුනොවුන් ඊට එක් එක් නම් භාවිත කරනු පෙනේ. පෙර දවස ද විමුක්ති මාර්ග සෙවීමට මිනිසා උත්සාහ කරන්නට විය. ඒ මත යම් යම් ආගම් ගොඩනැඟිණි. ආගම හා දර්ශනය අතර හාත්පසින් වෙනසක් ඇත. ආගම් ගොඩනැඟෙන්නේ මිනිසාගේ ප්‍රාථමික ඇදහීම් සමග යැයි මට සිතේ. පවතින සමාජ ආර්ථික දේශපාලනික කරුණු මත ආගමික තත්ත්වය වෙනස් වේ. හින්දු බලපෑමෙන් දේව වන්දනය හා ව්ශාල බුදු පිළිම නිර්මාණය වීම එක් උදාහරණයකි.

    - Advertisement -

    සෑම ආගමිකයෙක්ම අනෙක් ආගමට ගරු කිරීම , ඒ ඒ ආගමික උත්සව හා ඒකාත්මික වීම හොඳ නැතැයි කිව නොහැකිය. එය තවත් ආගමකට ඇද ගැනීමක් නොවේ. නියම ආගමික සහනශීලි බව යනු එයයි. බුදුන් එය මහත් සේ අගය කළ බව දනිමි. අනෙක් ආගමික නායකයන් ද එසේ යැයි සිතමි. (හැම අගමක් ගැන ලොකු දැනුමක් නැති නිසා එසේ කියමි) ඉතින් මේ ආරම්භය දිගටම පවත්වාගෙන යමු. වෙසක්, රාමසාන් හෝ අන් යමකින් සඳ හැදින්වුව ද හඳේ එළියේ බෙදීමක් නැත. වෙසක් සඳ කතෝලික, හින්දු, ඉස්ලාම් ගෙවල්වලටත් එසේම පායනු ඇත. එය මැනවින් අවබෝධ වූ දාට මිනිසුන් සතුටින් සිටිනු ඇත.

     

     මනෝජ් ප්‍රසන්න

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.