24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    හිතුමනාපේ කැරැලි ගහන යෞවනයේ ජීවිත

    ජීවිතයේ සතුටුදායකම කාලය තරුණ අවධියයි යැයි කිවහොත් එය අසත්‍යක් නොවේ. ඊට හේතුව මිනිසෙකුගේ සිතුවිලි සහ ක්‍රියාවන්හි ප්‍රබලම අවස්ථාව තරුණ අවධිය නිසාය. එනිසා තරුණ තරුණියන් එඩිතරව සිතන්නටත් ක්‍රියා කරන්නටත් නිරායාසයෙන්ම පෙලඹේ. බෙහෝවිට කරන ලද ක්‍රියාවන්හි යහපත හෝ අයහපත පිළිබඳ අවබෝධය පසෙක දමා ක්ෂණික තීරණ මත ක්‍රියා කිරීමට පෙලඹෙන අවධිය තරුණ කාලයයි.

    එය එසේ නම්, තරුණ අදහස්, ආකල්ප හා චර්යාවන් අවබෝධ කරගත් සානුකම්පිත ඇසකින් තරුණ තරුණියන් දෙස බැලීමට සමාජය වග බලා ගත යුතුය. එය එසේ නොවන්නේ මේ තරුණ ජීවිත හිතු මනාපයට ක්‍රියා කිරීමට පෙලඹෙන බව විවිධ සමාජ සංසිද්ධීන් තුළින් පැහැදිලිය.

    තරුණ වයසේ වෙසෙන පුද්ගලයන් සිය ජීවන රටාව බෙහෙවින් සුළු කොට සලකන අතර, ජීවිතය ප්‍රීතිදායකව ගත කිරීමට බොහෝවිට ප්‍රිය කරති. ආශාවන්හි උච්චතම අවස්ථාව තරුණ අවධිය හෙයින්, ආශාවන් ඉටුකර ගැනීමට පෙලඹෙන්නෝ ද බොහෝය. මෙහිදී හොඳ, නරක, ජාති, කුලමල භේද අඳුරු පටලයකින් වැසී යයි. ක්‍රියා කරන්නේ ඒකාධිපතියෙකු හෝ මං මුළා වුවකු විලාසයෙනි. මුළු ලොවම පෙනෙන්නේ සුන්දර වස්තුවක් ලෙසටය. ඇතැමුන්ට ප්‍රේම සම්බන්ධතා ජීවිතයේ අත්‍යාවශ්‍යම අංගයක් බවට පත්වන නිසා ප්‍රේමයෙන් දිනනනෝත්, පරදින්නෝත් බෙහෙවින් බිහි වන්නේ මේ අවධිය තුළය. මේවායේ කළු සුදු සිදුවීම් අනුව ඇතැම්හු සිය දිවි පවා නැති කර ගනිති. ඇතැම්හු අසහනකාරීන් බවට පත් වෙති. ලෝකය සිතන තරමටම සතුට පිරි ලොවක් නොවන බවට හැඟෙන්නේ ඉන් අනතුරැවය.

    තමන් පැතූ දේවල් නොලැබී සමාජයෙන් ද පිළිසරණක් නොලැබී අසරණ වන තරුණ තරුණියන් ඉමහත්ය. මෙම නිසා වත්මන් තරුණ පරපුර අද ගත කරන්නේ ද අසහනකාරී ජීවිතය. තරුණ ජීවිත විටෙක සැඩ සුළඟක් බඳුය. විටෙක මුව පොව්වෙකු බඳුය. මොහොතින් වෙනස් වන සුළුය.

    ඒ ඔවුන් තුළ ඇති වරදක් නිසා නොව, ඔවුන්ගේ සිතිවිලිවල ඇති ප්‍රබලතාව නිසාය. එබැවින් තරුණ පරපුරට අවවාද අනුශාසනා දිය යුතු වන්නේ ඔවුන් පිළිබඳ පූර්ණ වැටහීමකින් යුතුවය. තරුණ ජීවිත දෙස බැලිය යුත් වන්නේ (වැඩිහිටියන් නම්) වැඩිහිටි ආකල්ප හා සසඳා නොවේ. තරුණයන් ක්‍රියා කරන අන්දම, සමස්ත තරුණ ක්‍රියා කලාපයන් පිළිබඳ දැනීමකින් යුතුව මඟ පෙන්වීම කළ යුතුය.

    එසේ නොවන්නේ නම්, වැඩිහිටියන් අපේක්ෂිත හා වැඩිහිටියන් දෙනු ලබන අදහස් තරුණයන් තුළින් ඉටු නොවනු ඇත. තරුණ ජීවිත හිතු මනාපයට කටයුතු කිරීමට බොහෝවිට පෙලඹී ඇත්තේ ඇතැම් වැඩිහිටියන් තරුණයන් අවබෝධ කොට නොගැනීම නිසාය.

     

     හිරාන් කපිල කුලසිංහ

    බෝම්ඹුවල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

     

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.