www.dome.gov.lk වෙබ් අඩවියට පිවිස රැකියා අපේක්ෂිතයකු ලෙස ලියාපදිංචි වන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

0
97

 

පෞද්ගලික අංශයේ රැකියාවක් බලාපොරොත්තු වන අපේක්ෂකයන්ට මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ www.dome.gov.lk යන වෙබ් අඩවියට පිවිස රැකියා අපේක්ෂිතයකු ලෙස ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එසේ නොමැති නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා ඇති දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර වෙත ගොස් හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවට අනුයුක්ත මානව සම්පත් සංවර්ධන නිලධාරී හමු වී ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව ද නිවේදනය කරයි.

මෙලෙස ලියාපදිංචි වන රැකියා අපේක්ෂකයන්ට තම සුදුසුකම් හා කැමැත්ත පරිදි දිස්ත්‍රික්ක තුළ පවතින පෞද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සඳහා යොමු කිරීම, සම්බන්ධිකරණය කිරීම දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර මඟින් නොමිලේ සිදු කරන බවත් මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පහන් විජේසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here