ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාට කොරෝනා

0
40
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව බීබීසී මාධ්‍ය වාර්තා කරයි.
 
මේ වන විට 42 වන වියේ පසුවන ඔහු රැඳී සිටින ස්ථානය තුළම ස්වයං හුදකලාවකට ලක්ව ඇත.
 
ඔහුට මේ වන විට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව සඳහන්ය. කෙසේ වෙතත් ඔහු වෛද්‍ය නිර්දේශ මත කොරෝනා මාර්ගෝපදේශ අනුගමනය කරනවා.
 
මොහු ජනාධිපතිවරයාගේ පෙර විවාහයේ දරුවෙකි.
 
එසේම මීට පෙර ට්‍රම්ප්ගේ තවත් පුත්‍රයෙකු වූ 14 හැවිරිදි බැරන් ට්‍රම්ප් ද පසුගිය මාසයේ දී කොරෝනා වයිරසය වැලදී සිටි නමුත්  නමුත් ඔහු ඉක්මන් සුවය ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here