24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    ප්‍රවීණ කලාකරු වින්සන් කරූ ගේ සියලු වියදම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු භාරගනියි!

    - Advertisement -

    ශ්‍රී ලාංකීය සිනමාවේ විසිෂ්ඨයකු වන වින්සන් කරූ මහතා කොරෝනා ආධාර ලෙස රුපියල් 5000ක් ලබා ගැනීමට යාමේදී ඇතිවූ සිදුවීමක් නිසා පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිදුවීමට විශාල ප්‍රචාර යක් ලැබුණු අතර බොහෝ දෙනා මෙම ප්‍රවීණ කලාකරුවාට අත්වූ ඉරණම පිළිබඳව සංවේදී වෙමින් සමාජ ජාල හරහා සිය මත ප්‍රකාශකළ අතර පොලිසියට මෙන්ම රජයටද චෝදනා එල්ල වුනා.

    කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට වින්සන් කරූ මහතාගේ ඉදිරි ජීවිතය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ඇවන්ට් ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති මහතා ඉදිරිපත් වූ බවට වාර්තා වනවා. ඒ අනුව සමාජ සත්කාරයක් ලෙස මේ ප්‍රවීණ කලාකරුවාට උපකාර කිරීමට සේනාධිපති මහතාඉදිරිපත්ව ඉදිරිපත්ව ඇත්තේ උපුල් දේවප්‍රියමහතාගේ මහතාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

    - Advertisement -

    ඒ සම්බන්ධයෙන් උපුල් දේවප්‍රිය මහතාගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබුනේ මේ අයුරින්…

    රන්ගන ශිල්පී විල්සන් කරූගේ ඉදිරි ජීවතය වෙනුවෙන් ඇවන්ට් ගාඩ් අධිපති නිස්සන්ක සේනාධිපති පූර්න අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත් වේ

    දැනට කෙටියෙන් කතාව මෙකයි විල්සන් කරූ ට වෙච්ච් අකරතැබ්බය ගැන දැනගත්ත ගමන් මම නිස්සන්කට කතා කරල කිව්වම ඔහු කරු අයියගෙ ඉදිරි ජීවතය ට අවශ්‍ය දේ සදහා කිරීමට ඉදිරිපත් වුනෙ කලාකරුවන්ට තිබෙන ආදරය සහ ගවුරවය කියල හොදටම දන්නව .
    I will pay his living from today onwards as a charity. Send his contact

    - Advertisement -

    මේ ඊට පස්සෙ මට එව්ව පනිවිඩේ. එ කිව්ව වගේම හෙට කරු අයියව හම්බවෙලා ඉක්මනටම ඒ උපකාරය ලබා දීමට කටයුතු සියල්ල සූදානම්. මේ වෙනුවෙන් ඉදිරිපත්වීම පිලිබදව ඇවන්ට් ගාඩ් අධිපතිතුමාට බොහොම පින් කරුායිය මේක බාර ගනී කියල මම හිතනව
    උපුල් දේවප්‍රිය

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.