24 C
Colombo
Tuesday, November 24, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    එල්පීඑල් කතා

    ජාතික පුහුණුකරුත්  විස්තර විචාරයට

    එල්පීඑල් තරගාවලියේ අන්තර්ජාතික රූපවාහිනී විස්තර විචාරක කමිටුවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් ද එක් කර තිබේ.

    දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් විස්තර විචාරකයකු ලෙසින් මේ තරගාවලිය සමඟ සම්බන්ධ වීමට නියමිතව තිබුණත් ඔහු කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීම හේතුවෙන් ඔහු වෙනුවට මිකී ආතර් එම කමිටුවට එක් කර ඇත.

    ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන්, ශ්‍රී ලාංකිකයන් වන රසල් ආනල්ඩ් සහ රොෂාන් අබේසිංහ සමඟින් පාකිස්තානයේ අමීර් සොහෙයිල් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ඩැරන් ගංගා ද මේ තරගාවලියේ විස්තර විචාරක කමිටුවට ඇතුළත් වෙති.

     

    ගෝල්  ග්ලැඩියේටර්ස්  ඔටුන්න  අෆ්රිඩිට‍

    තරගාවලියට එක්වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩි පත් කර තිබේ.

    මින් පෙර පාකිස්තානයේ සර්ෆ්‍රාස් අහමඩ් නායකයා ලෙස පත් කර තිබූ අතර, ඔහු පාකිස්තාන කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට එක්වන සංචිතයට නම් කිරීම හේතුවෙන් මේ තරගාවලියෙන් ඉවත් විය.

    අෆ්රිඩි අද මෙරටට ළගා වීමට නියමිත අතර, නිරෝධායන නීති හේතුවෙන් ඔහුට මේ තරගාවලියේ මුල් තරග කිහිපයක් අහිමි වීමට ඉඩ තිබේ.

    මේ අතර, කණ්ඩායමේ උපනායකයා ලෙස භානුක රාජපක්ෂ නම් කර තිබේ. 29 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික තරග 7කට ක්‍රීඩා කර තිබේ.

     

    මහනුවරට  තවත් විදෙස්  ක්‍රීඩකයන් 2ක්

    මහනුවර ටස්කර්ස් කණ්ඩායමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සහ සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    කණ්ඩායමේ නිලධාරීන් විසින් මේ බව තහවුරු කර තිබේ. ස්ටේන් ට්විටර් පණිවිඩයක් මඟින් ද මහනුවර කණ්ඩායමට එක්වන බව පවසා ඇති අතර, ටේලර් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහනුවර කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම් ගත වී ඇති බව තහවුරු කර තිබේ. ටේලර් කණ්ඩායමට එක්ව ඇත්තේ කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් වෙනුවටය. ඔහු මේ 25 වැනිදා මෙරටට ළගා වීමට නියමිත අතර, නිරෝධායන නීති හේතුවෙන් මුල් තරග කිහිපය ඔහුට මඟ හැරෙනු ඇත.

     

    චාර්ල්ස් යාපනයට

    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ජොන්සන් චාර්ල්ස් එල්පීඑල් තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ.

    එංගලන්ත ක්‍රීඩක රවී බොපාරා තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ඒ වෙනුවට චාර්ල්ස් කණ්ඩායමට එක්ව ඇත.

    කෙසේ වෙතත් ඔහු ද මේ 25 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බැවින් ඔහුට ද නිරෝධායන නීති හේතුවෙන් මුල් තරග කිහිපයක් අහිමි වනු ඇත.

    මේ අතර, එම කණ්ඩායම සමඟ එක්වන සිටින 5 වැනි ක්‍රීඩකයා ලෙස පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් පෙරේදා මෙරටට පැමිණියේය.

     

    යාපනය ලාංඡනයේ සංශෝධනයක්

    ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සම හිමිකරුවකු එක් වීමත් සමඟ එහි ලාංඡනයේ සංශෝධනයක් සිදු කර තිබේ.

    මෙලෙස මුලින් හඳුන්වා දුන් ලාංඡන සංශෝධනය කළ තෙවැනි කණ්ඩායම මෙය වන අතර, මින් පෙර දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් ද සිය ලාංඡන සංශෝධනය කිරීමට කටයුතු කර තිබිණි.

     

    දඹුල්ලට නායකයෙක් නෑ

    තරගාවලියට එක්වන දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා තවමත් තීරණය කර නැතැයි එම කණ්ඩායම පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඔවයිස් ශාහ් පවසන්නේ පුහුණුසැසි කිහිපයක් පැවැත්වීමෙන් පසු නායකයා පත් කරන බවයි.

    තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක නායකයා ලෙස පත් කර ඇති බවට මින් පෙර වාර්තා පළ වුව ද තම සංචිතයේ නායකත්වය සඳහා විකල්ප ගණනාවක් ඇති බවත් පුහුණුකරු කියා සිටී.

     

    දූෂණ වළක්වන්න  අයිසීසී නිලධාරීන් 2ක්

     තරගාවලිය තුළ වංචා දූෂණ සිදුවීම වැළ­ැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය (ICC ACU) සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකය (SLC ACU) විසින් තරගාවලියේ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අධීක්ෂණයට ලක් කරනු ඇත.

    ඒ අනුව අයිසීසී දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් දෙදෙනකු මෙරට පැමිණි ඇති අතර, ඔවුන් ක්‍රීඩකයන් හා නිලධාරීන් සිටින හෝටල් පරිශ්‍රය, තරග ක්‍රියාත්මක ක්‍රීඩාංගණයේදී මෙන්ම එල්පීඑල් හා සම්බන්ධව පැවැත්වෙන සියලු නිල උත්සව අවස්ථාවන්හිදී ඒ පිළිබඳව පරීක්ෂාකාරීව කටයුතු කරනු ඇත.

    දූෂණ විරෝධී කටයුතු සම්බන්ධව පහත දුරකතන අංක ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (+94769053800), අයිසීසී (+97565458909) හෝ [email protected] විද්‍යුත් තැපෑල මඟින් ද දැනුම් දීමට අවස්ථාව සලසා තිබේ.

     

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.