24 C
Colombo
Tuesday, November 24, 2020

මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...
More

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    එල්පීඑල් – බලාපොරොත්තු රැසක නව ඇරඹුමක් තරගාවලි අධ්‍යක්ෂ රවීන් කියයි

    කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යෑමේ ආරම්භක පියවර එල්පීඑල් තරගාවලිය බව එම තරගාවලියේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරගාවලි සාර්ථකත්වයට විශාල රුකුලක් වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

    ‘දිනමිණ’ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවැනි වාතාවරණයක් මත වුවද, ක්‍රිකට් මෙන්ම අනිකුත් සියලු ක්‍රියාකාරකම් ඉදිරියට රැගෙන යා යුතු බවත්, මේ කිසිදු ක්‍රියාකාරකමක් නැවැත්විය නොහැකි බවත් තරගාවලිය පැවැත්වීම පිළිබඳ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අදහස වූ බවය.

    “අනිවාර්යයෙන්ම මේ තරගාවලිය පැවැත්විය යුතුයි. මොකද මේක තමයි ආරම්භය. මේ තරගාවලියෙන් පස්සේ දෙසැම්බර් මාසයේ 17 වැනිදා ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාවට යනවා. එන්නේ ජනවාරි මාසයේ හත්වැනිදා. ඉන් පසු 12 වැනිදා ආපහු එංගලන්ත කණ්ඩායම ලංකාවට එන්න නියමිතයි. මේ තරගාවලිය පැවැත්වීමට නොහැකිවුවොත් එංගලන්ත කණ්ඩායමත් එන්නේ නෑ. එතකොට නැවත වතාවක් මේ අවුරුද්ද වගේම අවුරුද්දක් දකින්න පුළුවන් 2021දිත්. ඒ නිසා මේ තරගාවලිය ඊළඟ අවුරුද්දට ලොකු සහතිකයක්.” රවින් වික්‍රමරත්න මහතා පැවැසීය.

    “කොවිඩ් වසංගතය නිසා ලංකාවට එන්න තිබුණු සංචාර 7ක් අපිට අහිමි වුණා. ජූලි මාසේ වෙනකොට කොරෝනා අවදානමෙන් ගැලවිලා හිටියේ. ඉතින් ඒක නිසා එදා ඉඳලා අපි මේ තරගාවලිය සූදානම් කළා. එසේ සූදානම් කරලා අපි දිගටම වැඩ කරගෙන ආවා. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වෙද්දි අපි අන්තර්ජාතිකව ටෙන්ඩර් කැඳවලා මේ සියලු දේවල් පිළිබඳ තීරණයක් අරගෙන තිබුණේ.” ඔහු කීවේය.

    “හැබැයි එතෙන්දි අපිට තීරණය කරන්න වුණා සාමාන්‍ය ජීවිතය අපි ගෙනියනව ද එහෙම නැත්තම් ගෙවල්වලට කොටුවෙලා මේ සියලු දේවල් නවත්තලා ඉන්නව ද කියලා. එහෙම ඉන්න බෑ. ජනසමාජයකටවත් මොනම රටකටවත්. මේකට හොඳම උදාහරණය තමයි අමෙරිකාව, එංගලන්තය. එංගලන්තය තමයි මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ. කොවිඩ් වසංගතය ඔච්චර තිබිලා මිනිස්සු මැරෙද්දි ඔවුන් ජෛව ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ක්‍රිකට් තරග පැවැත්වුවා.” රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

    තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයන් මෙන්ම නිලධාරීන් ද මේ වනවිට ග්‍රෑන්ඩ් උඩවලවේ සහ ෂැන් ග්‍රි ලා හෝටල්වල ආරක්ෂිත අයුරින් නවාතැන් ගෙන සිටින බවත්, සියලු පුද්ගලයන් එම ජෛව බුබුලු ආරක්ෂිත වළල්ලට ඇතුළත්වීමෙන් පසු පීසීආර් පරික්ෂණ දෙකකට පෙනී සිටිය යුතු බවත් ඔහු කියා සිටියේය.

    “ඊට පස්සේ තුන්වැනි දවසේ දි නැවත වතාවක් ගන්නවා. හයවෙනි දවසේදි ආපහු ගන්නවා. නැවත 9 වැනි දවසේදි ගන්නවා. ඉන් පස්සේ හැම පස්වෙනි දවසකම මේ තරගාවලිය ඉවර වෙනකල් ගන්නවා. සාමාන්‍යයෙන් ක්‍රීඩකයකුට පීසීආර් 9ක් වගේ ප්‍රමාණයක් කෙරෙනවා.” ඔහු කීවේය.

    තරගාවලියට අදාළ කණ්ඩායම්වල අවසන් සංචිත මේ වනතුරු තහවුරු නොකිරීම එක් එක් කණ්ඩායම්වල හිමිකරුවන්ගේ අභිමතය නිසා සිදුවන්නාක් බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත ඒ සියල්ල නිරාකරණය වනු ඇති බවත් ඔහු පැවසීය.

    මේ තරගාවලියට විස්සයි20 තරග බිමේ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරීම ඔහුගේ තනි තීරණයක් බවද රවීන් වික්‍රමරත්න මහතා කියා සිටියේය. “මේ තරගාවලියට සහභාගි නොවීම ඔහුගේ තනි තීරණයක්. ඉතින් ඒකට අපි ගරු කරන්න ඕන. අපිට බල කරන්න බෑ ඔහුට ගහන්න කියලා. ඒක ඔහුගේ සම්පූර්ණ නිදහස. මොකද ඔහු අයිපීඑල් එකටත් ගියේ නැහැනේ.”

    ෆවුස් මොහොමඩ්

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.