කටුනායක ගුවන්තොටුපොළේ වැඩ ප්‍රමාදයෙන් පාඩුව කෝටි 3,155යි

0
33

කටුනායක ගුවන්තොටුපළ දෙවැනි අදියරේ වැඩ කටයුතු නියමිත කාලයේදී ආරම්භ නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 3,155ක (31,554,635,409.50) පාඩුවක් රටට සිදුව තිබෙන බවට අනාවරණය වී තිබේ.

දෙවැනි අදියර යටතේ ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලේ වහලය වෙනස් කිරීම නිසා පමණක් රුපියල් ලක්ෂ 6,616ක පාඩුවක් සිදුව ඇති බවත් ගුවන්තොටුපොලේ ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.  මෙම වහලය නෙලුම් මලක හැඩයට ඉදිකිරීමට මුල් සැලසුමේ යොජනා වී තිබූ අතර එම සැලසුම් වෙනස් කොට ශාක පත්‍රයක හැඩයෙන් වහලය නිමැවීමට යහපාලන රජය තීරණය කර තිබිණි.

2015 ජනවාරි 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණයෙන් යහපාලන ආණ්ඩුව පත්වීමත් සමඟ දෙවන අදියරයේ ඉදිකිරීම් නතර වූ අතර ඉදිකිරීම් කටයුතු නිසි කාලයට සිදුකළේ නම් මේ වන විට ව්‍යාපෘතියේ වැඩ අවසන්වීමට නියමිතව තිබුණි.

කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ඉදිකිරීම් පසුගිය (18) වන දා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,397ක ණය මුදලක් පිරිනමා තිබේ. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 21,645ක් වන අතර වසර තුනකින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

දැනට වාර්ෂික ගුවන් මගීන් හැසිරවීමේ ධාරිතාව වන මිලියන 6ක ධාරිතාව ඉදිකිරීම් අවසන් කිරීමත් සමඟ මිලියන 15 දක්වා ඉහළ නැංවෙනු ඇති අතර මෙම ව්‍යාපෘතිය මුලින්ම ආරම්භ කෙරුනේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 2014/09/07 වන දිනයි. එවකට ජපාන අගමැති ෂිංසෝ අබේ මහතාගේ මෙරට සංචාරයේ දී මේ සඳහා මුල් ගල් තබා වැඩ ආරම්භ කෙරිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here