24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    කොරෝනාවට එරෙහි එන්නත් සටන

    මිලියන 5.5කට අධික පිරිසක් මේ වන විට කොරෝනා ආසාදිත තත්ත්වයට පත්ව සිටිති. ලෝ පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 1.34ක් බව සඳහන් වේ. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ නැඟීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව වැනි ලොව ප්‍රබල රටවල් පවා දැඩි පීඩනයකට ලක්ව තිබේ.

    කොරෝනා වසංගතය නිසා මුළු මහත් ලෝකයේම වෙසෙන ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතය බිඳවැටී ඇත. උන් හිටි ගමන් මතු වන කොරෝනා ආසාදිතයන් නිසා වීදී, නගර, ප්‍රාන්ත, සේවා ස්ථාන, පාසල්, වෙළෙඳසල් ආදිය වසාදමන නිසාත් සාමාන්‍ය ජන ජීවිතයේ සියලු කටයුතු හිටි පියවරම නවතා දැමෙන නිසාත් මහත් අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දෙන්නට ජනයාට සිදුව තිබේ. කොරෝනා වසංගතයෙන් ලෝකය අවුල් වන්නට පළමුව පැවැති තත්ත්වයට මිනිසාට නැවත ගමන් කළ හැකි වන්නේ කොරෝනාවට එරෙහි නිශ්චිත ඖෂධයක් සොයාගැනීමෙන් පමණි. මේ නිසා ලොව පුරා සිටින සෑම කෙනකුගේම අවධානය යොමුව තිබෙන්නේ කොරෝනා වසංගතයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය සඳහා කෙරෙන පර්යේෂණ කෙරෙහිය. බලවත් රාජ්‍ය කිහිපයකම විද්‍යාඥයෝ කොරෝනා වසංගතයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීමට යුහුසුලුව සිටින්නේ එබැවිනි. අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය වැනි රටවල පර්යේෂකයන් මේ වන විට සිටින්නේ පෙරමුණේ ය.

     

    ෆයිසර් සහ බයෝටෙක්

    ඇමෙරිකාවේ ෆයිසර් (Pfizer) සහ ජර්මනියේ බයෝටෙක් (BioTech) යන සමාගම් දෙක එකාබද්ධව එන්නතක් නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් සිටියි. මේ ආයතන දෙක නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා කියා සිටියේ තමන් අත්හදා බලමින් සිටින එන්නත නිෂ්පාදනය කිරීමේ කාර්යය සාර්ථකව අවසන් අදියරයට පැමිණ ඇති බවයි. එම ඖෂධයේ ඵලදායීතාව 90%ක් පමණ වන බවත් ඒ සමාගම් කියා සිටියේය. මේ එන්නත රටවල් හයකට අයත් පුද්ගලයන් 43,500කට පමණ එන්නත් කර අත්හදා බැලීම් සිදු කොට තිබේ. එන්නත අත්හදා බලා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, දකුණු අප්‍රිකාව සහ තුර්කිය යන රටවලින් තෝරාගත් පිරිස්වලටය. එම එන්නතෙන් එක පුද්ගලයකුට මාත්‍රා දෙකක් දිය යුතු බවත්, එම මාත්‍රා දෙක දීම අතර කාල පරතරය සති තුනක් බවත් සඳහන් වේ. සමාගම් පවසන්නේ එන්නත දුන් කිසිවකුට කිසිදු ගැටලුවක් මතු වී නොමැති බවකි. එන්නත භාවිත කිරීමට අවශ්‍ය අනුමැතිය ගත් වහාම එම එන්නත සාමාන්‍ය ජනයාට එන්නත් කිරීම ආරම්භ කළ හැකි බවද එම සමාගම් පෙන්වා දෙයි. එන්නත සාමාන්‍ය ජනයාට දීම ආරම්භ වූවත් මේ වසර ඇතුළතදී නිෂ්පාදනය කෙරෙනුයේ එන්නතෙන් සීමාසහිත මාත්‍රා සංඛ්‍යාවක් පමණක් බව සමාගම් බලධාරීහු පවසති. කෙසේ වුවත් මේ වසර අවසන් වන විට එන්නතෙන් මාත්‍රා මිලියන 50ක් නිෂ්පාදනය කිරීමට ඒ සමාගම් සූදානමින් සිටියි. 2021 වසර අවසන් වන විට එන්නතෙන් මාත්‍රා බිලියන 1.3ක් අපමණ නිෂ්පාදනය කෙරෙනු ඇති බව සඳහන් වේ.

     

    මොඩර්නා සමාගම

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොඩර්නා සමාගම ද (Moderna) කොරෝනා වසංගතයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කර ඇති බව පසුගිය දා නිවේදනය කෙරිණි. එම එන්නත ඇමෙරිකාවේ වෙසෙන පුද්ගලයන් 30,000කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් කර ඇති බව සඳහන් වේ. එන්නතේ ඵලදායිතාව 95%ක් පමණ බැව් සමාගම් බලධාරීහු පවසති. සති හතරක කාල පරතරයක් ඇතිව මෙම එන්නත දිය යුතුව ඇත. එන්නත සාමාන්‍ය ජනතාවට එන්නත් කිරීමට එක්සත් ජනපද රජයෙන් ඉදිරි සති කිහිපය ඇතුළත අනුමැතිය ගැනීමට නියමිත බව මොඩර්නා සමාගමේ ඉහළ කළමනාකාරිත්වය මාධ්‍යයට පවසා තිබිණ. පළමුවෙන්ම එන්නත් මාත්‍රා මිලියන 20ක් පමණ එක්සත් ජනපද ජනයාට ලබාදීමට සමාගම සැලසුම් කර ඇත. එන්නතෙන් මාත්‍රා බිලියන 1ක් ලබන වසරේදී නිෂ්පාදනය කර ලෝ පුරා බෙදාහැරීමට සමාගමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ එන්නත් ෆයිසර් සහ බයෝටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ එන්නතත් අතර සැසඳීමක් ද මේ වන විට සිදු කර ඇත. විශේෂඥයන් සඳහන් කරන්නේ එන්නත් දෙකෙන්ම දෙන ප්‍රතිඵලය බොහෝදුරට එක සමාන බවකි. මොඩර්නා සමාගම නිෂ්පාදනය කර ඇති එන්නත ගඩබා කර තැබීම පහසු බව ඖෂධ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති විද්වත්හු පෙන්වා දෙති. එය සෙල්සියස් අංශක ඍණ 20හි උෂ්ණත්වයේ මාස හයක් ස්ථාවර මට්ටමකින් තබාගත හැකි ය. සාමාන්‍ය ශීතකරණයක නම් මාසයක පමණ කාලයක් එය තබාගන්නට පුළුවන. ෆයිසර් සහ බයෝටෙක් සමාගම් ඒකාබද්ධව නිෂ්පාදනය කළ එන්නත ගබඩා කර දීර්ඝ කාලයක් තබාගත හැකි වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 75හි ය. සාමාන්‍ය ශීතකරණයක එම එන්නත තබාගත හැකි වන්නේ දින පහක් වැනි කාලයක් පමණි.

     

    ස්පුට්නික් V

    මොඩර්නා සමාගම නිෂ්පාදනය කර ඇති එන්නතේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරුත් මාධ්‍යයට අනාවරණය වී තිබේ. එන්නත් කිරීම හේතුවෙන් කොරෝනා වයිරසයේ ජානවලින් කොටසක් මනුෂ්‍ය ශරීරයේ නිපදවේ. එවිට වයිරස ප්‍රෝටීන් මිනිස් ශරීරයේ නිපදවේ. එසේ වුවත් සම්පූර්ණ වයිරසය නිෂ්පාදනය කෙරෙන්නේ නැත. වයිරස ප්‍රෝටීන පමණක් නිපදවීම, වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී පහර දීම ආරම්භ කෙරෙන්නට ප්‍රමාණවත් ය. ප්‍රතිදේහ නිෂ්පාදනයට ද ඉන් රුකුලක් ලැබේ.

    රුසියාව ද කොරෝනා වසංගතයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කර ඇත. ස්පුට්නික් V නමින් හැඳින්වෙන මේ එන්නත නිෂ්පාදනය කර තිබෙන්නේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි වසංගත විද්‍යා හා ක්ෂුද්‍ර ජීවී විද්‍යා ජාතික පර්යේෂණ ආයතනයයි. බෙලරුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වෙනිසියුලාව සහ ඉන්දියාව යනාදි රටවල් රැසක පුද්ගලයන් 14,000කට ආසන්න පිරිසකට ස්පුට්නික් V එන්නත් කර සායනික අත්හදා බැලීම් සිදු කර තිබේ. එම එන්නතේ කාර්යක්ෂමතාව 92%ක් පමණ වන බව විද්‍යාඥයෝ සඳහන් කරති.

     

    චීන විද්‍යාඥයෝ

    එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) ඖෂධ සමාගම හා එක්ව කොරෝනා සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ කාර්යයෙහි නියැළී සිටියි. මේ එන්නත ඇමෙරිකාවේ, දකුණු අප්‍රිකාවේ, බ්‍රසීලයේ සහ බ්‍රිතාන්‍යයේ 30,000කට පමණ එන්නත් කර සායනික අත්හදා බැලීම් සිදු කර තිබේ. එහෙත් එන්නත මඟින් අතුරු ආබාධ ඇති වන බව තහවුරුව තිබේ.

    චීන විද්‍යාඥයෝ ද කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් අත්හදා බලමින් සිටිති. ඒ එන්නත චීන වැසියන් 60,000කට එන්නත් කිරීමෙන් සායනික අත්හදා බැලීම් සිදු කෙරෙමින් තිබේ. ඉන් කිසිවකුට අතුරු ආබාධ පැනනැඟුණු බවක් වාර්තා නොවේ.

    මේ අන්දමට ලෝකයේ රටවල් ගණනාවක් කොරෝනා වසංගතයට එරෙහිව ඖෂධයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයට අත ගසා ඇත. එහෙත් තවමත් නිශ්චිත එන්නතක් හඳුන්වා දීමට ඒ කිසිදු රාජ්‍යයක් සමත් වී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වයිරසයට එරෙහි සාර්ථක එන්නතක් නිපදවාගැනීමට ලබන වසර මැද භාගය තෙක් කල් ගත වනු ඇති බවයි.

     මංජුලා විජයරත්න 

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.