ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට රනිල් එජාප රැස්වීමකදී යෝජනාවක්

0
31

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ යුතු බවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ඊයේ (22) පැවැති රැස්වීමකදී යෝජනා වී ඇත.

එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී සේනාරත්න බණ්ඩාර මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කර තිබෙන අතර, එය ස්ථිර කර තිබෙන්නේ එජාප මහනුවර දිස්ත්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය විසිනි. මහනුවර එජාප පක්ෂ කාර්යාලයේදී ඊයේ (22) පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජානා කිරීම සිදුව ඇත.

මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය, සංදීප් සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ.

 

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here