24 C
Colombo
Tuesday, November 24, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    නාපානේ පේමසිරි මහනාහිමියන්ගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයට දැරිය නොහැකි පාඩුවක් – ජනපති ගෝඨාභය රාජපක්ෂ

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහනාහිමියන්ගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයටත් රටටත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටත් දැරිය නොහැකි පාඩුවක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ලැබීම වටිනා ශාසනික යුතුකමක් ඉටු කිරීමක් ලෙස තමන් සලකන බව ද ඒ මහතා කීය.

    මෙහිදී වැඩිදුරටත් කතා කළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.

    නාපානේ පේමසිරි මහනාහිමියෝ තම පැවිදි ජීවිත කාලය තුළ රටටත් සමාජයටත් සුවිශාල සේවයක් කළා. පෞද්ගලිකව උන්වහන්සේගේ අපවත්වීම මටත් විශාල පාඩුවක්. බෞද්ධ දර්ශනය සමාජ ගත කිරීමට ශ්‍රී ලාංකීය ජනතාව බෞද්ධ සංස්කෘතිය වටා පෙළගැස්වීමට උන්වහන්සේ මහත් මෙහෙවරක් කළා. උන්වහන්සේ අඩුවෙන් කතා කළා. අවශ්‍ය දේට පමණක් නාහිමියෝ හඬ අවදි කළා. වසර 88ක ශාසනික දිවිය තුළ අසීමිත වැඩකොටසක් සමාජීය හා ශාසනික වශයෙන් මහනාහිමියන් ඉටුකළා.

    භික්ෂු සම්ප්‍රදායන් ආරක්ෂා කරගනිමින් ඉහළින්ම පැවිදි දිවිය ඔපවත් කරගත් මහ තෙරනමක් ලෙස නාපානේ මහනාහිමියන් හැඳින්විය හැකියි. සිංහල, පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ විශාරද දැනුමක් උන්වහන්සේට තිබුණා. මේ නිසාම බුදු දහම පිළිබඳ විශාල අවබෝධයක්, වැටහීමක් උන්වහන්සේ ලබා ගත්තා. අප මහනාහිමියෝ ලාංකීය භික්ෂු පරපුරේ උදාර ගුණයන් බෞද්ධ ලෝකයටම ජීවමානව ප්‍රකට කළ මහා යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ කුඩා කළ පටන් ශාසනික ප්‍රතිපදාවන් රකිමින් අධිෂ්ඨාන ශීලීව ඒ සඳහා මහණදම් පිරූ බව අපේ මහ­ානායක, අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසන මගින් වදාරණු ලැබුවා. අති පූජනීය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු නිකායේ මහ­ානායක පදවියේ වගකීම් උන්වහන්සේ දැරුවා. නාපානේ පේමසිරි මහානාහිමියෝ නිකායේ විවිධ තනතුරු දරමින් විශාල ආභාෂයක් සමඟ මහානායක පදවියට පත්ව එහි වගකීම් මනාව ඉටු කළා. උන්වහන්සේ නායක පදවිය දැරූ සමයේ විශාල වැඩ කොටසක් රාමඤ්ඤ මහ නිකායට වගේම සිය නිකාය කේන්ද්‍ර කරගනිමින් ශාසනයට උන්වහන්සේ ඉටු කළා. මහානායක පදවිය බබළවන්නට උන්වහන්සේගේ ජීවිත දර්ශනයත් සමාජ අත්දැකීම් සහ ශාසනික ප්‍රතිපදාවන් ඉවහල් කරගත් බව අපි දන්නවා.

    මහානායක හිමියෝ සමාජ ගැටලු දෙස තීක්ෂණව බැලුවා. උන්වහන්සේට සිව් පසින් ඇප උපස්ථාන කරන දායක කාරකාදීන්ව ආධ්‍යාත්මිකව පිරිපුන් කරන්නට වගේම ලෞකික ජීවිතය සමෘද්ධිමත් කරන්න වෙහෙසුණා. සමිති සමාගම් රාශියක් ඒ වෙනුවෙන් ගම් දනව්වල උන්වහන්සේ ඇති කළා. ගමේ ක්‍රීඩා පිටිය, සමූපකාරය මහනාහිමියෝ ගමට ලබා දුන්නා. උන්වහන්සේ තුළ පැවතුණු ධර්ම ඥානයට අපි ගරු කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට විශාල ආදර්ශයක්. ඒ ආදර්ශවත් චරිතය මුළු මහත් සමාජයේම බුුහුමනට ලක් වුණා. ඒ තුළින් උන්වහන්සේ දහස් ගණනින් භික්ෂූන් වහන්සේලාගෙන් යුත් රාමඤ්ඤ මහා නිකායේ උතුම් මහ­ානායක පදවිය දක්වා වැඩම කළා. උන්වහන්සේගේ චරිතය සමස්ත භික්ෂූණ් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටත් ආදර්ශයක්. නාපාන පේමසිරි මහනාහිමියන් උගත්, ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වෙලා, පිරිවෙන් ගුරුවරයෙක්, පරිවේණාධිපති වහන්සේ නමක් ලෙස උගත් භික්ෂූන් වහන්සේලා රැසක් බිහි කළා. උන්වහන්සේ භාෂා කිහිපයක් ප්‍රගුණ කර තිබුණා. ඒ නිසා ථෙරවාදී දහමේ පණිවුඩය ලෝකයට ගෙනයන්න උන්වහන්සේට හැකි වුණා.

    භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය කෙරෙහි උන්වහන්සේ විශාල උනන්දුවකින් කටයුතු කළා. පොත පත රචනා කරමින් දැන උගත් භික්ෂූ පරපුරකට අවශ්‍යය මාවත උන්වහන්සේ විවර කළා. ස්වකීය විහාරස්ථානවූ ශ්‍රී විද්‍යා සාගර පිරිවෙන ආරම්භ කර ගිහි පැවිදි විශාල පිරිසකට අධ්‍යාපනය දෙන්න දීර්ඝ කාලයක් කැපවුණා. අප මහනාහිමියන්ගේ ඇසුර ලබන්න අපටත් හැකියාව ලැබුණා. නායක හිමියන්ගේ සියලු කැපකිරීම්වල අපි දැක්කේ මේ රට සමාජය සදාචාරවත් කරන්න කළ උත්ස­ාහයයි. යහපත් පුරවැසියෙක් ගොඩනගා සශ්‍රීක රටක සමෘද්ධිමත් ජීවිත ගතකරන මිනිසුන් දකින්නට මහ­ානායක හාමුදුරුවෝ කැපවුණා. ඒ වගේම අතීතයේ අපවත්වූ භික්ෂූන් වහන්සේලා ඇති කළ ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් විශාල කැපකිරීමක් උන්වහන්සේ කළා. නායක හිමියන්ගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම අප සැමගේ වගකීමක්. මේ රට ගුණ දහමින් පිරි රටක් බවට පත් කිරීම තමයි උන්වහන්සේට කරන ගෞරවය. මහනාහිමියන්ට අජරාමර නිවන් සුව අත්වේවා!

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහනාහිමියන්ගේ අපවත්වීම නිමිත්තෙන් නිකුත් කළ ශෝක පණිවුඩය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ආද­ාහන පූජෝත්සව සභාවට ඉදිරිපත් කළේය.

    එහි මෙසේ සඳහන් විය.නාපානේ පේමසිරි මහනාහිමියන්ගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයටත් රටටත් දැරිය නොහැකි පාඩුවක්. භික්ෂූන් වහන්සේගේ හා ගිහි දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මහත් කැපවීමෙන් කටයුතු කළා. පැවිදි දිවියේදී ශාසන ශෝභන, ත්‍රිපිටක වාගීශ්වර, ත්‍රිපිටක චක්‍රවර්ති වැනි ශාසනික මහ උපාධි උන්වහන්සේ ලබා ගත්තා. ශාසනික සේවයට ගරු කරමින් මියන්මාර් රජය උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමුවා. විහාරස්ථාන ගණනාවක් ආරම්භ කළ උන්වහන්සේ ස්ව නිකායේ විවිධ තනතුරු මෙන්ම මහ­ානායක පදවිය දරමින් අපමණ සේවයක් නිකායට මෙන්ම දේශීය හා ජනසමාජයට ලබා දුන්නා. අවවාද අනුශාසනා ලබා ගැනීම සඳහා යන සෑම අවස්ථාකදීම උන්වහන්සේ ලබාදුන් අවවාද මාහට කිසි විටෙකත් අමතක නොවේ. සංස්කෘත ශ්ලෝකයන් ගෙනහැර පාමින් එහි අඩංගු කරුණු පදනම් කර ගනිමින් ලබාදුන් අවවාද අනුශාසනා මගේ ජීවිතයේ ලබාගත් භාග්‍යයක් ලෙස සලකමි. මෙවන් උදාර යතිවරයන් වහන්සේලා ශාසනයට අහිමිවීම එහි ඉදිරි ගමනට මහත් පාඩුවකි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-නාපානේ මහනාහිමියන් අසීමිත ආගමික සේවාවක් ඉටු කළා. මේ රටේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීත්වයට අභියෝග එල්ල වූ අවස්ථාවල උන්වහන්සේ එඩිතරව අදහස් ප්‍රකාශ කළා. සම්බුදු සසුන ශක්තිමත් කරන්න, බෞද්ධ දර්ශනය ව්‍යාප්ත කරන්න, ආගමික සිද්ධස්ථාන ගොඩනගන්න, දහම් පාසල් දියුණු කරන්න, සම්පත් ඌන වෙහෙර විහාරස්ථාන නගා සිටුවන්න උන්වහන්සේ අති විශාල මෙහෙවරක් කළා.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති, හිටපු කථානායක කරූ ජයසූරිය මහතා -දශක තුනක පමණ කාලයක් උන්වහන්සේ ළඟින් ඇසුරු කරන්න අවස්ථාව, වාසනාව මට ලැබුණා. උන්වහන්සේගේ අපවත් වීමෙන් ශාසනයේ විශාල හිඩැසක් ඇති වුණා. මහනාහිමියෝ බොහෝ දුර දුටු මහ තෙරනමක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පසුගිය දශක දෙක තුන තුළ විශාල වෙනස් වීමකට ලක්වුණා. ඒ කටයුත්තේදී වේවැල්දෙණියේ මහ නාහිමියන් සහ නාපානේ නාහිමියන් දායක සභාවත් එකතු කරගෙන සැලසුම් සකස් කළා නිකාය දියුණු කරන්න. ආපසු හැරී බලන විට අපට සතුටු වෙන්න පුළුවන්. මහානායක හිමිපාණන් වෙනුවෙන් නිල නිවාසයක්, කාර්යාලයක්, දාන ශාලාවක්, පුස්තකාලයක් ඇතුළු නව පහසුකම් රැසක් එදා ඇති කරන්න හැකි වුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායත් අමරපුර නිකායත් එකතු වෙලා වැඩ කිරීම සම්බන්ධව උන්වහන්සේ නිතර උනන්දු වුණා. කතිකාවත් සකස්කර තිබුණත් දේශපාලන භේද නිසා ඒවා ක්‍රියාවට නංවන්න බැරි වුණා. මම ජනපතිතුමා ගෙන් ඉල්ලනවා මේක ඉක්මනින් ක්‍රියාවට නංවන්න කියලා. ඒක ශාසනයේ ඉදිරි ගමනට ඉතා වැදගත්. උන්වහන්සේ ශාසනය තුළ සමඟිය ඇති කරන්න කැප වුණා. ඒ සමඟිය නිසා තමයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායට මහානායක හිමිනමක් ඒකමතිකව තරගයකින් තොරව පත්කරගන්න පුළුවන් වුණේ.

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (22) පල්ලේකැලේ වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවති මෙම ආදාහන පූජෝත්සවයට ත්‍රෛනිකායික මහ සංඝරත්නය, කැබ්නට් ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද උපරිම ලෙස ආරක්ෂා කරමින් ආදාහන පූජෝත්සවය සංවිධානය කර තිබිණි.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහ නාහිමියන් අනුශාසනාවක් කරමින් එහිදී මෙසේ ප්‍රකාශ කළහ. අපවත් වී වදාළ නාපානේ පේමසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අවුරදු 98ක් වූ ජීවිත කාලයෙන් අවුරුදු 88ක් ඇතුළත් වන්නේ පැවිදි ජීවිතයටයි. ඉන් උපසම්පදාවෙන් පසුව ගෙවුණු පැවිදි ජීවිත කාලය අවුරුදු 78ක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා පඬිරුවනක් වූ උන්වහන්සේ අල්පේච්ඡ ජිවිතයක් ගත කළ සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක සෑම දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වූ හිමිනමක් බව කවුරුත් පිළිගන්නවා. දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු දරමින් නිකාය ශෝභාමත් කරන්නට උන්වහන්සේ කටයුතු කළා. සංඥා ලේකම්, අධිකරණ නායක යන තනතුරු හොබවමින් උන්වහන්සේ මහානායක පදවියට පත්වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාවේ සියලු දෙනා වහන්සේගේ ඒකච්ඡන්දයෙන්. මහානායක පදවියට පත්ව ගෙවී ගිය වසර අටක කාලය තුළ උන්වහන්සේ රටට, සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව උන්වහන්සේට ගෞරවයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ගුරුවරුන්ට ඉතා කීකරුව පුණ්‍යවන්ත ජීවිතයක් අප මහානාහිමියෝ ගත කළා. කිසිවකුටත් සදාකාලිකව ජීවත් විය නොහැකි බුද්ධ දේශනාව සත්‍ය කරමින් උන්වහන්සේ මෙලොව හැර ගියත් අවුරුදු 88ක කාලයක් පුරා උන්වහන්සේ කළ ජාතික, ආගමික හා ශාසනික මෙහෙවර අමරණීය වනු ඇත.

    මල්වතු මහවිහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාමහියෝ මෙසේ පැවසූහ. අපවත් වී වදාළ නාපානේ පේමසිරි මහා නාහිමියන් ඉතාම එඩිතර භික්ෂූන් වහන්සේ නමක්. ජාතියට, ශාසනයට කරදරයක් ගැටලුවක් ආ විට මහනාහිමියන් ඉදිරියට පැමිණ නොබියව එඩිතරව අදහස් දැක්වූවා. ත්‍රෛනිකායික මහ සංඝරත්නය සමඟ ඉතාම සමඟියෙන් සහෝදරත්වයෙන් උන්වහන්සේ කටයුතු කළා. ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා යම් කාරණයක් මුල් කර ගෙන නිවේදනයක් නිකුත් කළ විට උන්වහන්සේ ඒ තීරණ සමඟ නිරන්තරව හිටියා. භික්ෂූන් වහන්සේලා රියදුරු බලපත්‍ර ලබා ගන්නවාට, දේශපාලනයට පිවිසෙනවාට උන්වහන්සේ කැමැත්තක් දැක්වූයේ නැහැ. උන්වහන්සේ තම පැවිදි දිවිය තුළ ඉතාම නිහතමානි බවක් පෙන්නුම් කළා. සාමණේර හිමිවරු සමඟ පවා ඉතා සුහදව කටයුතු කරමින් අවවාද අනුශාසනා කළා. පාලි හා සංස්කෘත භාෂා දැනුම ඉතා ඉහළින් තිබූ ඉතා දැන උගත් විශාරද හිමිනමක් ලෙස නාපානේ හිමියෝ ප්‍රකටයි. ඉතාම හොඳ ශිෂ්‍ය පරපුරක් උන්වහන්සේ සසුනට දායාද කළා.

    අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ මෙසේ පැවසූහ. මහ නාහිමියන්ගේ අපවත් වීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායට පමණක් නොව තුන් නිකායටම බලවත් පාඩුවක්. උන්වහන්සේ ඉතාමත්ම අරුත්බර ශාසනික ජීවිතයක් ගත කළා. තරුණ භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේගේ පැවිදි ජීවිතය තුළින් ලබා ගත හැකි ආදර්ශ බොහොමයි. ත්‍රෛනිකායටම අයත් විහාරස්ථාවල නාපානේ පේමසිරි මහනාහිමියන්ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරන්න තරම් උන්වහන්සේගේ ශාසනික ජීවිතය විශිෂ්ටයි.

    ශ්‍රී ලංකා අමරපුරේ වැඩ බලන මහනායක ගංතුනේ අස්සජි, අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ලේඛකාධිකාරී ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහ සංඝරත්නය ද සෙසු ආගමික නායකයන් ද කැබිනට් ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය­ාරක්ෂක සභාවේ සභාපති, හිටපු කතානායක කරූ ජයසූරිය, ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    අසේල කුරුළුවංශ

     

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.