24 C
Colombo
Thursday, November 26, 2020

කැලෑ පාළුවන්ට නීතිය දැඩිව – ඇමැති සී. බී. රත්නායක

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නවනාන්තර විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වන ජීවි හා වන සංරක්ෂණ...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    නාය යෑම් ගැන කල් තියා අනතුරු අඟවන නව නිපැයුමක්

    නාය යෑම් යනු අතීතයේ කලතුරකින් ඇසුණු වචනයක් වුව ද, මෑතක සිට වර්ෂාවත් සමඟ නිරතුරු ඇසෙන වදනක් බවට එය පත්ව තිබේ. එසේම පසුගිය දස වසර ඇතුළත මිනිස් ජීවිත රැසක් අහිමි කිරීමට සේම ලක්ෂ ගණනක් අවතැන් කිරීමට ද සමත් වූ නාය යෑම් දිනෙන් දින ඉහළ යමින් පවතී.

    නාය යෑමක් යනු බෑවුමක උස්‌ ස්‌ථානයක සිට පහත් ප්‍රදේශයකට ගුරුත්ව බලය නිසා ගලා යන මැටි, රොන්මඩ, බොරලු, ගල්පර සහ පස්‌වලින් සමන්විත ස්‌කන්ධ චලනයකි. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ හඳුනාගැනීම් අනුව මෙරට දිස්ත්‍රික්ක 25න් 10ක්ම නාය යෑමේ අවදානම ඇති දිස්ත්‍රික්කය. ඒ ඒ කලාපවලට ඇද හැලෙන වර්ෂාව සමඟ බොහෝ විට නාය යෑම් අවදානම් සහිත කලාප ලෙස පුවත් පළ වනු නිරීක්ෂණය කළ හැකිය. ඒ අදාළ ආයතන පර්යේෂණ කර නාය යෑම් ඇති විය හැකි ප්‍රදේශ ලෙස හඳුනාගත් ප්‍රදේශ සම්බන්ධයෙනි.

    නාය යෑමක් සිදු වීමට පෙර අවදානම් කලාපයක් ලෙස නම් කළත් නාය යෑම සැබෑවටම සිදු වන අවස්ථාවක එය හඳුනාගැනීමට ක්‍රමවේදයක් හෙවත් අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් නැති ද යන්න කෙනකුට ගැටලුවක් ඇති විය හැකිය. එවැනි තාක්ෂණයක් තිබේ නම් බොහෝ ජීවිත මෙන්ම දේපළ ද බේරාගැනීමට එමඟින් අවස්ථාව උදා වෙයි. ලෝකයේ එවැනි තාක්ෂණ ක්‍රමවේද භාවිත කළත්, අප තවමත් එවැනි ක්‍රමවේදයක් භාවිත නොකරයි.

    මෙවන් පසුබිමක නායයෑම් පිළිබඳ කල් තියා අනතුරු ඇඟවීමේ උපකරණයක් නිර්මාණය කිරීමට මෙරට නව නිර්මාණකරුවෙක් සමත්ව සිටියි. ඔහු නමින් හර්ෂ සමන් සේනාධීරයි.

    “මට මේ උපකරණය නිර්මාණය කිරීමේ අදහස පහළ වුණේ මීට ඉහතදී නාය යෑම් කිහිපයකින්ම මිනිස් ජීවිත වගේම දේපළත් විශාල වශයෙන් අහිමි වීම නිසා. මගේ මේ උපකරණය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ සහායෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිග්ගහ, රාහැළිය, මූකලාන කියන ස්ථානයේ භූ පැල්මක් සහිත ස්ථානයක ස්ථානගත කළා. ඒ 2017 වර්ෂයේ. එතැන් සිට මේ වන තෙක් මෙය සාර්ථකව ක්‍රියා කරන බවට ඔප්පු වී තිබෙනවා. ඒ, මේ වන විට කුඩා නාය යෑම් කිහිපයකදීම මේ උපකරණය අනතුරු ඇගවීම් කර ඇති නිසා.

    “මේ උපකරණය නාය යෑමක පූර්ව ලක්ෂණ තිබෙන ස්ථානයක ස්ථානගත කර තිබෙන විට ඒ ස්ථානයේ පොළොවේ පස් තට්ටුව කිසියම් දුරකට පහළට ලිස්සා යෑමකදී මේ උපකරණය ඒ තත්ත්වය හඳුනාගන්නවා. ඒ ක්ෂණයෙන් ඒ පස් තට්ටුව ලිස්සා යෑම කොතරම් දුරකටද ආදි තොරතුරු කලින් උපකරණයට ලබා දුන් විධායන අනුව සපයා ඇති දුරකතන අංක 06කට කෙටි පණිවිඩයක් සේම දුරකතන ඇමතුමක් ද දෙනවා. දුරකතන ඇමතුමේදී පූර්ව-පටිගත කරනු ලැබූ පණිවිඩයක් තමයි ලබාදෙන්නේ. එසේම එක්වර නාය යෑම් කිහිපයක් සිදු වන්නේ නම් ඒවායේ දුර ප්‍රමාණ ඇතුළු තොරතුරු අදාළ දුරකතන අංක වෙත යැවීම සිදු වනවා. එසේම නාය යෑමක් හඳුනාගත් සැණින් නලා හඬක් නිකුත් කිරීමෙන් නාය යන කන්ද අවට හෝ පහළ සිටින ජනතාව දැනුවත් කිරීමත් සිදු වනවා.

    “නාය යෑමකදී මේ උපකරණය ක්‍රියාත්මක වන ආකාරය තවදුරටත් පැහැදිලි කළ හොත්: නාය යෑමකදී පස් තට්ටුව අඟලක් පහළට රූටා ගියොත් එය හඳුනාගන්නවා. එසේම එසැණින්ම තවත් අඟල් කිහිපයක් පහතට ගිය හොත් එයත් වෙනම අවස්ථාවක් ලෙස මේ උපකරණය හඳුනාගන්නවා. ඒ ආකාරයෙන් උපරිම අඟල් 5ක් දක්වා වූ පස් තට්ටුව කඩාවැටීම් වෙන වෙනම හඳුනාගෙන, ඒ සෑම අවස්ථාවකදීම අදාළ දුරකතන අංක වෙත කෙටි පණිවිඩ සහ ඇමතුම් සේම නලා සංඥාවත් නිකුත් කරනවා.

    “නාය යෑමක දී වහා ක්‍රියාත්මක විය යුතු කණ්ඩායම් දැනුම්වත් වී, අවැසි ක්‍රියාමාර්ග ගැනීම මේ ක්ෂණික දැනුම් දීම් මඟින් සිදු කළ හැකි වනවා. මගේ මේ පද්ධතියේ පිටත ආවරණය මට අවැසි ආකාරයෙන් නොමිලයේම නිර්මාණය කර දුන් ප්‍රෝ ලයින් ඉංජිනියරින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මලින් හල්පගේ මහතාවත්, සහාය දුන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීනුත් මේ අවස්ථාව් ස්තුති පූර්වකව සිහිපත් කළ යුතුයි. මේ පද්ධතියට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා මා 2017 වසරේදී ‍ඉල්ලුම් කළා.”

    හර්ෂගේ මේ පූර්ව නාය අනතුරු ඇඟවීමේ උපකරණය ඉහත ප්‍රදේශයේ සාර්ථක ලෙස මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවතියත්, මේ උපකරණ දිවයිනේ වෙනත් නාය අවදානම් සහිත ප්‍රදේශයන්හි සවි කිරීමට ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අවධානය යොමු නොවීම ගැටලුවට කරුණකි. දැනට මේ උපකරණය ඔවුන්ගේ අවශ්‍යතාවලට නොසෑහේ නම් මේ උපකරණය අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ පරීක්ෂණයට ලක් කර තවදුරටත් වැඩිදියුණු කර හෝ භාවිතයට ගැනීමට කටයුතු කරතොත් අනාගතයේ රටට අහිමි විය හැකි ජීවිත රැසක් බේරාගැනීමට හැකි වනවා නියතය.

    රජයේ ආයතනයනට මෙවැනි නව නිර්මාණ කෙරෙහි විශ්වාසයක් හෝ අවශ්‍යතාවක් නොවේ නම් නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාවට පෞද්ගලිකව හෝ සාමූහිකව හර්ෂගෙන් මේ උපකරණය ලබාගැනීමට හැකියාව ඇත. තවත් ලෙසකින් පවසතොත්: සියලු දේ රජයෙන් සිදු කරන තෙක් බලා නොසිට, ජනතාවට සංවිධානය වී තමන්ට නාය යෑමේ අවදානමක් ඇත් නම් මෙවැනි පද්ධතියක් සවි කරගෙන තමන්ගේ ජීවිත ගලවා ගැනීමට හැකියාව ඇත.

    කෙසේ නමුත් පිටරටින් ගෙන්වන උපකරණ දෙසම බලා නොසිට දේශීය නිර්මාණ කෙරෙහි විශ්වාසය තැබීමට පෙලඹෙමින් සිටින සමයක, හර්ෂගේ මේ සුවිශේෂ සොයාගැනීමත් කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබෙන නිර්මාණ ගොන්නට එක් නොකොට රටේ ප්‍රයෝජනයට යොදාගැනීම බලධාරීන්ගේ මෙන්ම ජනතාවගේ ද යුතුකමකි.

     

    පී.කේ. බණ්ඩාර

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.