24 C
Colombo
Tuesday, November 24, 2020

මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...
More

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    අද කාලගුණ වාර්තාව

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ...

    ‘ස්පේස්-එක්ස්’ වෙතින් මල නොකන වානේ රොකට්ටු

    රොකට් තනා අභ්‍යවකාශය ජය ගැනීම 20 වැනි සියවසේදී දියුණු රාජ්‍ය සතු කාර්යයක් විය. එහිදී අමෙරිකාව, සෝවියට් රුසියාව, චීනය ආදි රටවල් මූලික තැනක සිටියහ. එහෙත් 21 වැනි සියවසේදී රොකට් යැවීමත් අභ්‍යවකාශ ගමනුත් පෞද්ගලික අංශය වෙත නැඹුරු වෙමින් තිබේ. දැන් නාසා ආයතනයද මේ පෞද්ගලික ‘ස්පේස්-එක්ස් ’ ආයතනයේ රොකට් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුම් කටයුතුවලට යොදාගනී. පෞද්ගලික ආයතනයක් ලෙස ස්පේස්-එක්ස් සිය අභ්‍යවකාශ ගමන් සඳහා යන වියදම් අඩු කිරීමට විවිධ ආකාර තාක්ෂණික ප්‍රයෝග භාවිත කරයි. ඒ අතර මල නොකන වානේ භාවිතය මෑතකදී ජනප්‍රිය වූ එක් යෙදුමකි.

    මේ 301 මල නොබැ‍ඳෙන වානේවල නිකල්, ක්‍රෝමියම් සහ අයන් ඇතුළත්ය. මේ මල නොකන වානේවලින් තැටි, පිඟන්, හට්ටි-මුට්ටි ආදියත් නිමවා තිබේ. ඒත් මල නොකන වානේවලින් රොකට් හදන දවසට වැඩි ඈතක නොවේ. එමෙන්ම 304L වානේ වඩාත් ශක්තිමත් කොටස් සඳහා යොදාගැනීමටයි සමාගම අදහස් කරන්නේ.

     

    මිල

    මේ රොකට් සෑදීමට මීට පෙර කාබන් ෆයිබර් සහ ඇලුමිනියම් ඇලෝයි කියන මිශ්‍ර ලෝහ භාවිතයට ගති. කාබන් ෆයිබර් කිලෝවක් ඩොලර් 135ක් තරම් අධික මිලෙන් යුක්තයි. ඉනුත් 35%කට වඩා නාස්ති වේ. එවිට කාබන් ෆයිබර්වලින් රොකට් නිර්මාණය කරන විට ඒ වෙනුවෙන් කිලෝවකට ඩොලර් 200කට වඩා වියදම් වනවා. එහෙත් මල නොකන වානේවලින් හදනකොට කිලෝග්රෑමයකට වියදම් වන්නේ ඩොලර් 3ක් තරම් අඩු මුදලක්. ඒ නිසා ‘ස්ටා ශිප්’ කියන ව්‍යාපෘතියේ වියදම ඩොලර් මිලියන 5කින් අඩු කරගන්න පුළුවන් කියලා ස්පේස්-එක්ස් ආයතනයේ විධායක ඉලොන් මස්ක් කියා තිබෙනවා.

     

    කල් පැවැත්ම

    ඉලොන් මස්ක්ගේ රොකට් ව්‍යාපෘතිවලදී රොකට් නැවත පාවිච්චියට ගැනීම ගැන අවධානය වැඩිපුර යොමු වී ඇත. ඒ අනුව රොකට්වල සම්පූර්ණ රොකට්ටුවම නැවත බාගත හැකි ‘ඩ්‍රෝන් ශිප්’ නමැති ක්‍රමවේදය ස්පේස්-එක්ස් වෙතින් හඳුන්වා දී තිබේ. එහිදී රොකට්ටුව පොළොවෙන් නික්මෙනවා හා සමානවම පොළොවේ, මහ මුහුදේ ඇති බත්තලකට රොකට්ටුව ගොඩ බස්වසවයි. ඒ අවස්ථාවලදී කලින් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ක්‍රියාත්මක වූ ශටල ව්‍යාපෘතිවලට වඩා ඉතා අඩු කාලයකින් සහ පිරිවැයකින් නැවතත් රොකට්ටුව ගුවන්ගත කිරීමේ අවස්ථාව ස්පේස්-එක්ස් වෙත ලැබී තිබේ.

     

    ස්පේස්-එක්ස් ව්‍යාපෘති

    මේ අනුව ස්පෙස්-එක්ස්හි ස්ටාර් ශිප් රොකට්ටු නැවත නැවත භාවිත කළ හැකියාවෙන් වැඩි දියුණු කිරීමට සමාගමේ අවධානය යොමු වී තිබේ. ස්පේස්-එක්ස් කණ්ඩායම දැනටම රොකට් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරයි. අන්තර්ජාල පහසුකම සඳහා කෘත්‍රිම චන්ද්‍රිකා 4000කට අධික ප්‍රමාණයක් අහසේ පහළ කක්ෂවල රැඳවීම එයින් එකකි. 2020 නොවැම්බර් මැදදී ස්පේස්-එක්ස් රොකට්ටුවක් සාර්ථකව දෙවැනි වරට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් රැගෙන ගියේය. අනාගතයේදී පෘථිවියේ තැනකින් තැනකට වේගයෙන් බඩු ප්‍රවාහනයට සහ ගමනාගමනයට ඇති අවස්ථා පිළිබඳද ස්පේස්-එක්ස් කන්ඩායමේ අවධානය යොමු වී තිබේ. ඒ ව්‍යාපෘතිය සාර්ථක වුව හොත් සිංගප්පූරුවේ සිට ලොස් ඇන්ජලීස් දක්වා ගුවන් ගමනට දැනට වැය වන පැය 15ක වෙහෙසකර කාලය පැය බාගයකට අඩු කරගත හැකි වනු ඇත.

    රොකට් නිෂ්පාදනය යනු තවත් එක් කර්මාන්තයක් බවට ස්පෙස්-එක්ස් කණ්ඩායම පත් කරගෙන ඇත. දැනටම ස්පේස්-එක්ස් කණ්ඩායම නාසා ආයතනයට සහ කාලගුණ චන්ද්‍රිකා ආදිය ගුවන්ගත කිරීමට සහාය දෙමින් ආදායම් උපයයි. පෞද්ගලික සමාගමක් ලෙස ස්පේස්-එක්ස්ගේ මූලික අරමුණක් නම් අභ්‍යවකාශ රොකට් ගමන් සඳහා යන වියදම අඩු කරගැනීමයි. ආයතනයක් ලෙස අනාගතයේ අඟහරු මත ජනාවාස පිහිටුවීම ස්පේස්-එක්ස්හි විධායක ඉලොන් මස්ක්ගේ සිහිනයකි. ඒ කාර්යයන්ට වියදම අඩු කරගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළක් ලෙස අනාගතයේදී මල නොකන වානේ රොකට් නිපදවීමට ස්පේස්-එක්ස් තෝරාගෙන ඇත.

     

    මල නොකන වානේවල සීමා

    මල නොකන වානේවල ද සීමා තිබේ. ඇලුමිනියම් ආශ්‍රිත සාමාන්‍ය ගුවන්යානා සහ රොකට්ටු නිපදවන ලෝහවලට වඩා මල නොකන වානේවල අවාසිද තිබේ. අප හොඳින් දන්නා පරිදි ඇලුමිනියම් සහ ඒ ආශ්‍රිත ලෝහ මල නොකන වානේවලට වඩා බර අඩුය. එහෙත් 1960 කාලයේ රොකට් නිපදවීමට මල නොකන වානේ යොදාගනු ලැබීය. 1963දී ඇට්ලර් රොකට්ටුව නිපදවූයේ මල නොකන වානේවලිනි. එහෙත් අවශ්‍ය කරන ශක්තිය ලබාගැනීමට යෙදිය යුතු බර වැඩි වූ හෙයින් එකල මල නොකන වානේ භාවිතයෙන් ඉවත් කෙරිණි. දැන් යළිත් ලාභදායි බව නිසාම මල නොකන වානේවලින් රොකට්ටු නිපදවීම කරළියට පැමිණ තිබේ. මල නොකන වානේ සැලකූ විට ඒවා ඇලුමිනියම්වලට වඩා 2.5 ගුණයකට වඩා බරය. එහෙත් ඒ මල නොකන වානේ ඇලුමිනියම් තරම් ශක්තිමත් නැත.

    මල නොකන වානේවලට උෂ්ණත්ව වෙනසට ඔරොත්තු දීමට හොඳ හැකියාවක් තිබේ. ඒ වාසිය අනාගතයේ සඳ තරණය, අඟහරු ගවේෂණ කටයුතුවලට වඩාත් වැදගත් වේ. අප නිතර ඇස ගැටෙන සුලබ මිශ්‍ර ලෝහයක් වන මල නොකන වානේ රොකට්වලට දැනටම යොදාගෙන තිබේ. ඉදිරියේදී තාක්ෂණික වැඩි දියුණු කිරීම් ඔස්සේ රිදී පැහැයෙන් බබළන මල නොකන වානේ රොකට්ටු අමෙරිකාවේ රොකට් මධ්‍යස්ථානවලින් ඉහළ අහසට නැඟෙන අන්දම අපට බලාගත හැකි වනු ඇත.

     

    අමිල චතුරංග 

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    ඔක්ස්ෆර්ඩ් කොවිඩ් වැක්සිනය සාර්ථක බවට වාර්තාවක්

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත, කොරෝනාවට එරෙහිව සියයට 70ක් සාර්ථක මෙන්ම ආරක්‍ෂිත බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.    එම ප්‍රතිඵල නිකුත් වූයේ ඔක්ස්ෆර්ඩ්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.