24 C
Colombo
Tuesday, November 24, 2020

මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...
More

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    Gadget පිටුව

    ගිලෙන්න නොදී රැකගන්නා අතේ බඳින ‘කිංගී’

    සෑම කෙනකුටම පිහිනිය නොහැකි බැවින් ජලයේදී පරිස්සම සෑම කෙනකුටම වැදගත්ය. අප නොසිතන සුළු මොහොතක එතරම් නොගැඹුරු ජලයකදී පවා ජීවිතය අහිමි වීමට හැකි අතර, එසේ සිදු වී ඇති අවස්ථා අපට ඕනෑ තරම් අසන්නට දකින්නට තිබේ. මේ හේතුවෙන් බොහෝ ජල ක්‍රීඩාවල යෙදෙන පුද්ගලයන් සිටින ප්‍රදේශවලට ජීවිතාරක්ෂකයන් යොදවා තිබෙනු ද දැකගත හැකිය. ඊට අමතරව ජලයේ ගිලීම වැළැක්වීමට පැලඳීමට ඇඳුම් ද අද බොහෝය.

    ඒ සෑම දෙයක්ම යම් යම් අවස්ථාවලදී පීඩාකාරියැයි කෙනකුට සිතුණ හොත්: ඊට ආදේශකයක් ලෙස Kingii භාවිත කිරීමට හැකිය. මෙය පහසුවෙන් අතේ මැණික් කටුව ප්‍රදේශයේ පැලඳගෙන ජලයට බැස රිසි සේ ක්‍රීඩා කළ හැකි අතර, හදිසි අවස්ථාවකදී තමන් ගිලීමට ගිය හොත් බොත්තමක් එබීම මඟින් ඉන් පිම්බෙන කුඩා බැලුම ආධාරයෙන් ඔබ ජලයෙන් මතුපිටට රැගෙන ඒම සිදු වේ. මෙය නැවත නැවත හැකිළීමෙන් භාවිත කිරීමට ද හැකියාව පවතින අතර,පහසුවෙන් පැලඳගෙන යෑමේ හැකියාව හේතුවෙන් මේ වන විට ද බොහෝ දෙනකු ප්‍රිය කරන උපකරණයක් බවට පත්ව තිබේ.

    ***************

    හිමේ යන්න සැදූ අමුතු සපත්තු

    අප රටේ මිනිසුන්ට හිම පතිත වීමේ අත්දැකීම් නැති වුව ද පිටරට සංචාරවල නිරත වූ බොහෝ දෙනකුට ඒ පිළිබඳ අත්දැකීම් ඇතිවාට සැකයක් නැත. පිටරටවල ශීත ඍතුවලදී ඔවුන් බොහෝ විට නිවෙස්වලට වී සිටිනා අතර අවශ්‍යතාවලදී හිම මතින් ගමන් කිරීමට සිදු වන අතර ඇතැමෙක් ක්‍රීඩාවක් වශයෙන් ද හිම මත ලිස්සා යෑමට පුරුදුව සිටිති.

    හිම පතිත වූ විටදී ඉන් ගමන් කිරීමට අපහසු අතර පාද එරීමක් සිදු වීම හේතුවෙන් පහසුවෙන් ගමන් කිරීමට පාදවලට Flux Snowshoe පැලඳීමට හැකියාවක් පවතී. මෙය පැලඳ වේගයෙන් දිවීමට පවා හැකි අතර ශරීරයේ බරත් සමඟ පාදය හිම මත පතිත වත්ම එහි යට කොටස දිග හැරී එරී යෑම වළකාලයි. නැවත පාදය ඉහළට එසවෙත්ම එය නැවත සාමාන්‍ය ලෙස හැකිළීමක් සිදු වන අතර, එදිනෙදා ගමන් කරනා ආකාරයෙන්ම හිම මත ද ගමන් කිරීමට මෙමඟින් හැකියාව ලැබේ.

     

    *************

    තිරය ඇරෙනවා  තිරය වැහෙනවා!

    දොර-ජනෙල් තිර රෙදි කියූ සැණින් ඔබේ මතකට නැඟෙනුයේ නිවෙසේ තිබෙනා කුඩා ප්‍රමාණයකට යොදා ඇති තිර රෙදිය. එහෙත් විශාල නිවාසවල, හෝටල්වල මෙන්ම කාර්යාලවල තිබෙනා තිර රෙදි ප්‍රමාණය විශාල වන්නට වන්නට ඒවා නඩත්තුව ද බොහෝ සෙයින් අපහසුය. එමෙන්ම තිර රෙදි විවෘත කිරීමට ද සේවකයන් වැඩි පිරිසකගේ ශ්‍රමය අවශ්‍ය වන අතර, ඊට විසඳුමක් ලෙස Switchbot හඳුන්වා දිය හැකිය.

    මෙමඟින් තිර රෙද්ද රඳා පවතින ආධාරකයට සවි වී අවශ්‍ය විටදී විවෘත කිරීමටත් වැසීමටත් හැකියාව පවතී. හිරු එළියට සංවේදි අයුරින් සකසා තිබීම හේතුවෙන් උදෑසන වන විට ස්වයංක්‍රීයව විවෘත වීම සිදු වේ. තව ද ජංගම දුරකතනයේ ඇප් එකක් මඟින් Switchbot හා සම්බන්ධව ක්‍රියා කළ හැකි අතර හෝටල් හා කාර්යාල සඳහා වැඩි වශයෙන් භාවිතයට ගැනීම ආරම්භ කර තිබේ.

     

    ****************

    වේටර්ලා නැති අවන්හලක්!

    ඔබ පවුලේ අය සමඟ හෝ තනිවම අවන්හලකට ගොස් ආහාර ගෙන ඇතිවාට සැකයක් නැත. සති අන්තයේ, විවේකිව කාලය ගත කිරීමට හෝ පෙම්වතා පෙම්වතිය සමඟ අවන්හලකට ගොස් නිදහසේ රසවත් ආහාර වේලක රස බැලීමට කොයි කවුරුත් ආශා කරති. එමෙන්ම තමන්ට යා හැකි අවන්හල් පිළිබඳ තීරණය කිරීමට ඔබ අත ඇති මුදල ද හේතුවක් වන බව කවුරුත් දන්නා කරුණකි. නිවෙසින් පිටතට ගොස් වෙනත් පරිසරයකදී ප්‍රණීත ආහාර වේලක රස බැලීම වෙනස්ම අත්දැකීමක් බවට අමුතුවෙක් කිව යුතු නැත.

    සාමාන්‍ය පරිදි අප අවන්හලකට ගිය විට එහි සේවය කරන වේටර්වරුන්ගේ උපකාරයෙන් අපගේ ආහාරය සපයාගැනීමට සිදු වේ. ඇතැම් අවන්හල්වල මුදල් ගෙවා තමන්ම ඒ කටයුත්ත ද කරගැනීමට සිදු වන අවස්ථා ද ඇත. තරු පහේ අවන්හල්වලදී නම් වේටර්වරුන් අලංකාර ඇඳුම්වලින් සැරසී මනා ප්‍රසන්නභාවයෙන් තම පාරිභෝගිකයන් මුණගැසීමට හුරු වී සිටින අතර කුඩා අවන්හලකදී නම් සාමාන්‍ය ඇඳුම් ඇඳ පැලඳ පාරිභෝගික අවශ්‍යතා ඉටු කර දීමට සැදී පැහැදී සිටිති. අවන්හලේ විශාලත්වය වැඩි වත්ම එහි සේවය කරනා වේටර්වරුන්ගේ සංඛ්‍යාව ද වැඩි කරගත යුතුයි. මේ අතර ඇතැම් විටෙක පාරිභෝගිකයන්ට ඔවුන්ගෙන් ලැබෙනා සේවාවේ යම් යම් අඩුපාඩු පවතින අවස්ථාද ඇත. ඇත්තෙන්ම ඒ ඔවුන්ට ද එක දිගට සේවය කිරීමේදී දැනෙන වෙහෙස මහන්සිය හේතුවෙනි.

    මේ කියන්න යන්නේ තාක්ෂණය අතින් අතිදියුණු, වෙනස්ම විදිහේ අවන්හලක් ගැනයි. මේ අවන්හලේ වේටර්වරුන් දකින්නට නැත. එහෙත් අවන්හල ප්‍රමාණයෙන් විශාලය. ‘අලිබබාස්’ අවන්හල නමින් හඳුන්වනු ලබන මෙය පිහිටා තිබෙන්නේ චීනයේ ශැංහයි නුවරය. මුහුදු ආහාර සඳහා ද ප්‍රසිද්ධියක් උසුලන මේ අවන්හලෙන් අපට කිසිවකුගේ උපකාරයකින් තොරව අවශ්‍ය මුහුදු සත්ත්ව ආහාර පිළියෙල කරවාගෙන කෑමට ගැනීමට ද හැකිය.

    ඕනෑම අයකුට ඇප් එකක් ලැබෙන QR කේතය අවන්හලේ පිළිගැනීමේ නිලධාරියාට පෙන්වීමෙන් පසු ඔහු එය ස්කෑන් කරගැනීමෙන් අනතුරුව ඔබට අවන්හලට ඇතුළු විය හැකිය. ඉන් පසුව තමන්ට රිසි තැනක වාඩි වී එම මේසයේ ද QR කේතය තම ජංගම දුරකතනය මඟින් ස්කෑන් කර ඇප් එකේ ඇති ආහාර ඇණවුම් කරන කොටසට ගොස් තමන් කැමැති ආහාරය තෝරාගැනීම පමණක් සිදු කළ යුතුය. මඳ වේලාවකින් ඔබ සිටින තැනටම ඔබගේ ආහාරය පිරිසුදුව සහ ඉතා ඉක්මනින් ලැබෙනු ඇත.

    වේටර්වරයකුත් නැතිව අවන්හලට ඇතුළු වූ විගසින්ම ඔබට ආහාර ඇණවුම ලැබුණේ කෙසේද?

    වේටර්වරුන්ගේ කාර්ය ඉටු කිරීමට මෙහි රොබෝවරු පිරිසක් සිටිති. ඔවුන්ට ගමන් කිරීමට හැකි වන පරිදි මේස ද සකස් කර තිබීම විශේෂත්වයකි. යම් කෙනකු ඇණවුම් කරන ආහාරය කෝකිවරුන් විසින් මේ රොබෝ කෙනකුට දීමෙන් එය ඇණවුම් කළ පුද්ගලයා සොයා ගොස් දීම සිදු කෙරේ. කෑම ඇණවුමක් නැති අවස්ථාවල මේ රොබෝවරුන් තමන්ම බැටරි ආරෝපණය කරගන්නා ස්ථානයට ගොස් ආරෝපණය කරගැනීමට පෙලඹී ඇත්තේ එකදිගට රාජකාරි සිදු කිරීමට ඇති හෙයිනි. මේ අවන්හලෙන් ආහාර ගැනීමට යන ඕනෑම අයකුට මේ අත්දැකීම නම් පුදුමසහගත වනු නොඅනුමානය.

     ගයාන් සංජය

    ******************

    ෆෝන් එකේ ස්මාර්ට් තියටර්

    වර්තමානයේ ස්මාර්ට් දුරකතනයක් භාවිත නොකරන්නකු නැති තරම්ය. කාර්යබහුල ජීවිත ගත කරන සෑම කෙනකුම ස්මාර්ට් දුරකතනය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් කරගෙන අවසන්ය. මේ හේතුවෙන් හිතකර මෙන්ම අහිතකර බලපෑම් ද නැතුවාම නොවේ. ඒ කෙසේ වෙතත් ස්මාර්ට් දුරකතනය මිනිසාගේ සමීපතමයා වී අවසන්ය.

    බොහෝ අය දුරකතනය මඟින් චිත්‍රපටයක් නැරඹීමට කාලය වෙන් කරගන්නේ යන එන ගමන් අතරතුරදී එහෙමත් නැත් නම් රාජකාරිය ගමන් කිරීමේදී බසයේදී දුම්රියේදීය. නිවෙසට පැමිණ කෙනකු දුරකතනයකින් යම් දෙයක් නරඹනවා නම් ඊට වෙනස්ම අත්දැකීමක් සැපයීමට Jetman mobile screen magnifier සමත් වී තිබේ. මින් දුරකතන තිරය මෙන් දෙතුන් ගුණයක් විශාලනය වී නරඹන්නා වූ බලාගැනීමට හැකි අතර එය යම් තරමක් හෝ තියටර් එකක අත්දැකීමට ගෙන දීමට සමත් වන අතර දුරකතනය අතින් අල්ලා සිටීමෙන් ද ඔබව නිදහස් කරයි. මෙහි බැටරියක් ද පවතින අතර ශබ්දය ද වර්ධනය කර දීමට සමත් වන අතර බ්ලූටූත් මඟින් දුරකතනය හා සම්බන්ධ වීමක් සිදු වේ. 3D අත්දැකීම විඳගැනීමට Jetman mobile screen magnifier මඟින් හැකියාව ඇත.

    *****************

    තරුණයන්ගේ හද දිනූ ඉවෝ ෂේවර්

    රැවුළ කැපීම සඳහා වන විද්යුත් උපකරණ වර්තමානයේ වෙළෙඳපොළේ බොහෝය. රේසරයක් භාවිතයෙන් රැවුළ කැපීම අද වන විට විද්යුත් ආරෝපිත උපකරණයක් මඟින් ආරක්ෂිතව සිදු කරගත හැකි තරමට තාක්ෂණය දියුණු වී තිබේ. එහෙත් මේ විද්යුත් ආරෝපිත උපකරණවල බැටරියෙහි පැවැත්ම හා පරිමාණයෙහි වැඩි වීම හේතුවෙන් අපහසුතා ඇති වී තිබේ.

    මීට සාර්ථක විසඳුමක් ලෙස Evo shaver හඳුන්වා දිය හැකිය. ඉතා කුඩා හුරුබුහුටි හැඩයකින් මෙය නිර්මාණය කර ඇති අතර, මුහුණුට ආරක්ෂාවක් සපයමින් රැවුළ කැපීම සිදු කළ හැකි මේ උපකරණය ජංගම දුරකතනය මඟින් වුවද ආරෝපණය කළ හැකිය. එක් වරක් ආරෝපණය කිරීමෙන් අනතුරුව වාර පනහක් රැවුළ කැපීමට හැකි අයුරින් නිපදවා ඇති නව Evo shaver කෙරෙහි තරුණයන්ගේ වැඩි අවධානයක් දැනටමත් යොමු වී අවසන්ය.

    **************

    හරි පදමට තම්බන බිත්තර මැෂිම

    බිත්තර යනු කොයි කාටත් ඉතා පහසුවෙන් කෑම වේලට එක් කරගත හැකි ආහාරයක් වුවත්, තම්බාගැනීමට යෑමේදී විවිධ අකරතැබ්බවලට මුහුණ පාන්නට වන අවස්ථා ද නැතුවාම නොවේ. සම්පූර්ණයෙන් තම්බූ බිත්තර ආහාරයට ගන්නා කෙනකුට අඩුවෙන් තැම්බුණු විට කෑමට අප්‍රිය කරනා අවස්ථා ද පවතී.

    Egg timer මඟින් ඒ වැරැද්ද නිවැරදි කර, අවශ්‍ය පදමට බිත්තර තම්බාගැනීමට හැකිය. මෙය රතු වර්ණයෙන් පවතින අතර Hard, Medium හා Soft යනුවෙන් කොටස් තුනකට සලකුණු කර තිබේ. තමන්ට අවශ්‍ය පදමට එන විට රතු වර්ණය සුදු පැහැයට හැරෙන අතර, ඉහත කොටස් තුන සලකුණු කර ඇති ස්ථානයේදී ජලය මතින් බලා බිත්තරය එළියට ගත හැකිය. මෙමඟින් තම රුචියට අභිමත පරිදි බිත්තරය සකසාගැනීමට හැකියාව ලැබේ.

     

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.