තවත් මරණ 03ක් 

0
59

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි..

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගියා. එම මරණ 03 වනුයේ,

හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 86ක කාන්තාවකි. කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු IDH රෝහලේදී, 2020 නොවැම්බර්‌ 22 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 වෛරසය නිසා ඇති චූ උග්‍ර ආසාදන තත්ත්වයකි.

කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත්‌ කිරීමෙන්‌ පසු කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලට ඇතුළත්‌ කර ඇත. එම රොහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2020 නොවැම්බර්‌ 23 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 ආසාදනය නිසා ඇති වූ ලේ විෂවීමකි.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකි. හෘදයාබාධයක්‌ හේතුවෙන්‌ කොළඹ ජාතික රෝහලට ඇතුළත්‌ කර ඇති අතර 2020 නොවැම්බර්‌ 23 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධ තත්ත්වය හා කොවිඩි ආසාදනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here