කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් පිලට තවත් දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු එක්වී සිටිති. ජාතික කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දු සහ පන්දු යැවීමේ අසාමාන්‍ය ඉරියව් සහිත නවක පාදඟ පන්දු යවන්නා වන කෙවින් කොත්තිගොඩ එම ක්‍රීඩකයෝ වෙති.
දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කරමින් සෞඛ්‍ය නීතිරෙගුලාසි යටතේ පල්ලේකැලේ පුහුණුවීම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි බැවින් විශ්ව ප්‍රනාන්දුට ජෛව ආරක්ෂිත බුබුලු ක්‍රමවේදයට ඇතුළත් වීමට අවස්ථාව උදාවූවත්, නවක ක්‍රීඩක කෙවින්ට කණ්ඩායමට එක්වීමට පෙර පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටීමට සිදු වී තිබේ.