ශිරාන් ප්‍රනාන්දුට එල්පීඑල් වරම් නෑ

0
43

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තරුණ වේග පන්දු යවන්නකු වන ශිරාන් ප්‍රනාන්දු, එල්.පී.එල්. තරගාවලියට සහභාගි කරවීම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ප්‍රයෝජනවත් විය හැකි බව ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෝ පවසති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ක්‍රියාත්මක වේග පන්දු යවන්නන්ගේ සංචිතය ද නියෝජනය කරන 27 හැවිරිදි ශිරාන් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ වේගවත් පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටියි.

අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ (2019/2020) රාගම පිල නියෝජනය කළ ශිරාන් තුන්දින තරග දෙකකට සහභාගි වීමෙන් පසුව කොන්දේ ආබාධයකට ලක්ව මාස පහක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිට මේ වන විට යථා තත්ත්වයට පත්ව සිටියි.

ඔහු සහභාගි වූ අවසන් පළමු පෙළ තරගාවලියේදී බදුරලිය පිලට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 97 කට කඩු 5 ක් දවාගැනීමට සමත් විය.

විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් ගැල පෙන ක්‍රීඩකයකු ලෙස පිළිගැනෙන ශිරාන් 2018/2019 තරග වාරයේ විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් මුවර්ස් පිල ශූරතාව දක්වා රැගෙන ආවේය.

දකුණතින් වේග පන්දු යවන ශිරාන් මේ වන විට පළමු පෙළ තරග 18 කදී කඩුලු 43 ක්, සීමිත ඕවර (ඕවර 50) තරග 13 කදී කඩුලු 16 ක් සහ විස්සයි20 තරග 9 කදී කඩුලු 13 ක් දවාගැනීමට සමත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here