උණ රෝගයට ගොදුරු වීම හේතුවෙන් පාකිස්තාන පිලේ පිතිකරු ෆකාර් සමාන් නවසීලන්ත සංචාරයෙන් ඉවත් කර තිබේ. ඔහු කොවිඩ් වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එරට ක්රිකට් පාලක මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් වයිරසය වැලඳී නොමැති බව තහවුරු වූවත් ඊයේ ඔහු උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් නැවත පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටීමට සිදු වී තිබේ.
ක්රීඩකයන් 35 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන කණ්ඩායම ඊයේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, තරගාවලිය ආරම්භ කිරිමට පෙර දින 14ක කාලයක් නිරෝධායනය වීමට නියමිතය.
පාකිස්තාන පිලේ නවසීලන්ත සංචාරයට විස්සයි20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් ය.