බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත, කොරෝනාවට එරෙහිව සියයට 70ක් සාර්ථක මෙන්ම ආරක්ෂිත බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.
එම ප්‍රතිඵල නිකුත් වූයේ ඔක්ස්ෆර්ඩ් හි පර්යේෂකයින් විසින් සිදුකරන ලද මහාපරිමාණ අත්හදා බැලීමේ ක්‍රියාවලියකින් අනතුරුවය. ඔවුන් සදහන් කරනුයේ තමන් නිපදවූ එන්නතේ මාත්‍රාව නවීකරණය කිරීමෙන් එහි සාර්ථකත්වය සියයට 90ක් අභිබවා ඉහළ නංවා ගත හැකි බවය.
මේ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් හටගන්නා කෝවිඩ්-19 ගෝලීය වසංගතය සමනය කිරීම සඳහා දැනට නිපදවෙමින් තිබෙන වැක්සින සියල්ල අතරින් වඩාත්ම සාර්ථක මුල් පෙළේ වැක්සිනය බවට මෙය පත් වේ.
එසේම මෙම ඔක්ස්ෆර්ඩ් එන්නත ඉතා ලාභදායී වනු ඇතැයි ද සදහන්වේ.